නැ­ගෙන­හිර රුසි­යාවේ 8.8ක භූ කම්ප­නයෙන් පැසිෆික් සාගරය කැලඹෙයි.

නැඟෙ­න­හිර රුසි­යාවේ කම්චට්කා අර්ධ­ද්වී­පය ආස­න්නයේ උතුරු පැසි­ෆික් මුහුදු තීරයේ පසුගිය 30 වැනිදා උදෑ­සන සිදුවූ රිච්ටර් මාප­කයේ 8.8ක අග­යක් සට­හන් කළ දැවැන්ත භූ ක­ම්ප­නය හේතු­වෙන් රුසි­යාව, ජපා­නය හා අමෙ­රි­කා­වට සුනාමි තත්ත්ව­යක් හට­ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝක ඉති­හා­සයේ මෙතෙක් වාර්තා වූ 6 වැනි ප්‍රබ­ල­තම භූ ක­ම්ප­නය ලෙස වාර්තා වූ කම්චට්කා භූ කම්ප­නයේ ප්‍රබ­ල­ත්වය හේතු­වෙන් විශාල සුනාමි තත්ත්ව­යක් අපේක්ෂා කළද,  දැඩි අව­දා­නම් තත්ත්ව­යක් මතුවූ බොහෝ රට­වල වෙරළ තීරයේ නග­ර­ව­ලට පස්ව­රුව වන­විට සුළු හානි පම­ණක් සිදුවූ බව වාර්ථා විය. කෙසේ වෙතත් සුනාමි තත්ත්වය පැය 24කට ආසන්න කාල­යක් පැවතිය හැකි බවට භූ විද්‍යා­ඥ­යන් අනා­වැකි පළ කිරීම හේතු­වෙන් අමෙ­රි­කාව, ජපා­නය සහ කම්චට්කා කලා­පයේ සුනාමි අන­තුරු ඇඟ­වීම් ඉවත් කර නොතිබූ බව ද වාර්තා වේ. 2011 වසරේ ජපා­නයේ සිදුවූ රිච්ටර් මාප­කයේ 9.0ක භූ කම්ප­න­යෙන් පසු ලොව වාර්තා වූ ප්‍රබ­ල­තම භූක­ම්ප­නය මෙය වන අතර, ඊට පැය කිහි­ප­ය­කට පසු කම්චට්කා කලා­පයේ වෙරළ තීර­යට අඩි 13ක උසින් යුතු පළමු සුනාමි රැල්ල කඩා වැදී­මත් සමඟ එම කලා­ප­යට හදිසි තත්ත්ව­යක් ප්‍රකා­ශ­යට පත් කිරි­මට බල­ධා­රීන් පිය­වර ගෙන තිබේ. ඒ වන­වි­ටත් වෙරළ තීරය ආස­න්නයේ පිහිටි නග­ර­ව­ලින් ජන­තාව ඉවත් කිරී­මට කට­යුතු කළ බැවින් ජීවිත හානි වළක්වා ගැනී­මට හැකි වූ බවත්, නග­රය මුහුදු ජල­යෙන් යට­වී­මත් සමඟ වරා­යට සහ යාත්‍රා කිහි­ප­ය­කට හානි සිදුවූ බවත් එම කලා­පයේ ආණ්ඩු­කාර ව්ලැදි­මිර් සොලො­ඩොව් ප්‍රකාශ කර තිබේ.

මේ අතර සුනාමි අන­තුරු ඇඟ­වීමේ නිවේ­දන නිකුත් කිරී­මත් සමඟ ජපා­නයේ හොක­යිඩෝ සිට කියුෂු දක්වා මුහුදු තීරයේ නග­ර­ව­ලින් ලක්ෂ 19කට අධික ජන­තාව ඉවත් කිරී­මට ජපාන බල­ධා­රීන් පිය­වර ගත් අතර, ෆුකො­ෂීමා න්‍යෂ්ටික බලා­ගා­රයේ සියලු සේව­ක­යන් ඉවත් කිරී­මට ද කට­යුතු කළ බව වාර්තා වේ.  ජීවිත විසි­ද­හ­ස­කට ආසන්න සංඛ්‍යා­වක් බිලි­ගත් 2011 සුනා­මි­යෙන් එම න්‍යෂ්ටික බලා­ගා­රය විනාශ වූ බවද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. භූ කම්ප­න­යෙන් පැය කිහි­ප­ය­කට පසු හොක­යිඩෝ වෙර­ළ­බඩ කලා­ප­යට මිටර් 3ක පමණ උස­කින් යුතු සුනා­මි­යක් කඩා වදිනු ඇතැයි අපේක්ෂා කළද, ඉතා සුළු සුනාමි තත්ත්ව­යක් පම­ණක් හට­ගත් බව වාර්තා වේ. සුනාමි තත්ත්ව­යත් සමඟ ජපා­නයේ චිබා නුවර වෙරළ තීර­යට යෝධ තල්ම­සුන් සිවුදෙ­නකු ගොඩ ගැසීමේ අසා­මාන්‍ය සිදු­වී­මක් ද එරට මාධ්‍ය වාර්තා කරයි.

භූ කම්ප­න­යෙන් පසු අමෙ­රි­කාවේ හවායි දූපත් සමූ­හ­යට අධි අව­දා­නම් සුනාමි තත්ත්ව­යක් නිවේ­ද­නය කිරී­මත් සමඟ එම සංචා­රක පුර­ව­රය දැඩි නොස­න්සු­න්තා­වට පත්වූ බවත්, සංචා­ර­ක­යන් සිය ගණ­නක් වෙර­ළ­බඩ තීර­යෙන් ඉව­ත්වී­මට උත්සාහ කිරී­මත් සමඟ දැඩි වාහන තද­බ­ද­යක් ද ඇති වූ බව වාර්තා වේ. හවායි දූපත් අවට මුහුදු තීරයේ යාත්‍රා කරන සිය­ලුම යාත්‍රා හා බෝට්ටු වරාය වෙත යාත්‍රා කරන ලෙස අමෙ­රි­කාවේ වෙර­ළා­ර­ක්ෂක බළ­කාය නියෝග කළ බව ද වාර්තා වේ. සුනාමි රැල්ලට පෙර සියලු ආර­ක්ෂක පිය­වර ගැනී­මට හවායි බල­ධා­රීන් සමත් වූ බවත්, පැය කිහි­ප­ය­කට පසු වෙරළ තීර­යට අඩි 4ක උසින් යුතු පළමු සුනාමි රැල්ල කඩා වැදුණු බවත් වාර්තා වේ.

චීනය, පිලි­පී­නය, ඉන්දු­නී­සි­යාව, පේරු, ඉක්ව­දෝර්, මෙක්සිකෝ සහ නව­සී­ල­න්තය ඇතුළු තවත් රට­වල් කිහි­ප­යක් ද සුනාමි අන­තුරු ඇඟ­විම් නිකුත් කළ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.  කෙසේ වෙතත් එදිනපස්ව­රුව වන­වි­ටත් සුනාමි තත්ත්වය හේතු­වෙන් සිදුවූ කිසිදු ජීවිත හානි­යක් වාර්තා නොවූ අතර, පස්ව­රු­වේදී සුනාමි අන­තුරු ඇඟ­විම් ඉවත් කිරි­මට බොහෝ රට­වල් පිය­වර ගත් බව වාර්ථා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *