
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබෙනවා.ධවල මන්දිරය පැවසුවේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊට අදාළ විධායක නියෝගයට අත්සන් කර ඇති බවයි.පසුගිය අප්‍රේල් 02 වැනිදා, අමෙරිකාව ශ්‍රී ලංකාවට ප්‍රකාශයට පත් කළ තීරු බදු අනුපාතය 44%ක්.
අනතුරුව එම අනුපාත ලිහිල් කරගැනීම සදහා, අමෙරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමග ලක් රඡය කළ සාකච්ඡාවල ප්‍රගතියක් ලෙස තීරු බදු ප්‍රතිශතය, 30%ක් දක්වා අඩු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.එමෙන්ම රඡය පසුගිය දිනවල ද අමෙරිකාව සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබුවේ අගෝස්තු (1)වැනිදා සිට බලාත්මකවීමට නියමිතව තිබූ එම බදු ප්‍රතිශතය අඩුකර ගැනීම වෙනුවෙනි.අමෙරිකාව, ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය, 20%ක් දක්වා අඩු කරන බව, නිවේදනය කළේ, එහි ප්‍රතිඵලයක් ලෙසයි.
මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් තැබූ නව විධායක නියෝගයට, රටවල් 40 ක තීරු බදු සංශෝධන ඇතුළත් වනවා.එම විධායක නියෝගය, අත්සන් තැබූ දින සිට දින 7 කට පසු බලාත්මක වන බවයි ධවල මන්දිරය නිවේදනය කළේ.ඒ අනුව අගෝස්තු 07 වැනිදා සිට අමෙරිකාව පැනවූ නව තීරු බදු බලාත්මක වීමට නියමිතයි.
මේ අතර කාර්මික සහ කෘෂිකාර්මික භාණ්ඩ යන දෙවර්ගයටම අදාළ වන පරිදි ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදය වෙත ලබා දුන් පුළුල් පරාසයක සහන, අන්‍යෝන්‍ය තීරුබදු එක්සත් ජනපදය විසින් සියයට 20 දක්වා අඩු කිරීමට හේතු වී ඇති බව වාර්තා වේ.
බංග්ලාදේශය, කාම්බෝජය, ඉන්දුනීසියාව, පකිස්ථානය සහ වියට්නාමය සමඟ ඇති කරගත් ගිවිසුම්වලට සමානව, එක්සත් ජනපද අපනයන සඳහා වන සියලුම තීරුබදු ඉවත් කිරීමට ශ්‍රී ලංකාවට ද සිදුවිය.ආරංචි මාර්ග අනුව වාර්තා වන්නේ ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදන 1,161ක් සහ කෘෂිකාර්මික නිෂ්පාදන 42ක් සඳහා එක්සත් ජනපදය ද එම සැළකිල්ලම ලබා දී ඇති බවයි.
මේ අතර, එක්සත් ජනපදය සහන ලබා දුන් ශ්‍රී ලාංකික භාණ්ඩ ‘වඩාත්ම ප්‍රිය කරන රටවල'(Most Favoured Nation) තීරුබදුවලට යටත් වන අතර, ඒවායේ අනුපාත අයිතමය අනුව වෙනස් වේ.ශ්‍රී ලංකාවට අනෙකුත් බොහෝ රටවලට මෙන් එක්සත් ජනපදයේ ‘වඩාත්ම ප්‍රිය කරන රටවල’ තත්ත්වය ඇත.එක්සත් ජනපද ‘වඩාත්ම ප්‍රිය කරන රටවල’ ප්‍රතිපත්තිය යනු එම තත්ත්වය ලබන සියලුම වෙළඳ හවුල්කරුවන්ට අඩු තීරුබදු වැනි එකම වෙළඳ වාසි ලබා දෙන වෙළඳ මූලධර්මයකි.
මෙම වසරේ අප්‍රේල් 2 වැනිදා විධායක නියෝගයක් හරහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ‘අන්‍යෝන්‍ය තීරුබදු’ හඳුන්වා දෙන ලද අතර එය නීතිමය අභියෝගයකට ද ලක්වී ඇත.ඇතැම් ශ්‍රී ලාංකික භාණ්ඩ සඳහා එක්සත් ජනපදය විසින් අන්‍යෝන්‍ය තීරුබදු ශුන්‍ය කිරීමට නවතම සාකච්ඡා හේතු වූ බව වාර්තා වේ.
ආරංචි මාර්ග අනුව එක්සත් ජනපදයේ ‘වඩාත්ම ප්‍රිය කරන රටවල’ බදු අනුපාත ශ්‍රී ලංකාවට අදාළ වනු ඇත.ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදන 1,161ක් සහ කෘෂිකාර්මික නිෂ්පාදන 42ක ලැයිස්තුවෙන් ආවරණය නොවන ඕනෑම දෙයක් ‘වඩාත්ම ප්‍රිය කරන රටවල’ සහ සියයට 20ක අන්‍යෝන්‍ය තීරුබදුවකට යටත් වනු ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ අරමුණ වන්නේ අන්‍යෝන්‍ය තීරුබදු අඩු කිරීම සහ සහන ලැයිස්තුව පුළුල් කිරීම කර ගැනීමයි.ඇඟලුම්, පොල් අතුරු නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ වැනි දේ සඳහා වැඩි සහන ලබා ගැනීමය.ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් කාර්මික භාණ්ඩ 2,000ක් පමණ සහ කෘෂිකාර්මික නිෂ්පාදන සීමිත ගණනකට සහන ලබා දී ඇත.
එක්සත් ජනපද භාණ්ඩවලින් ඉතා ඉහළ ප්‍රතිශතයක් දේශසීමා ගාස්තු නොමැතිව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට නියමිතය.ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් ඩොලර් මිලියන 500ක බොරතෙල් සහ අමෙරිකානු ඩොලර් මිලියන 300ක LP ගෑස් මිලදී ගැනීමට ද සූදානම් ව සිටී.
කොංග්‍රසය විසින් අනුමත කරන ලද ‘වඩාත්ම ප්‍රිය කරන රටවල’ තීරුබදු සඳහා එක්සත් ජනපදය කිසිදු රටකට නිදහස් කිරීම් ලබා දී නොමැත.කෙසේවෙතත්, අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ සාකච්ඡාවේ දී, ශ්‍රී ලංකාවේ අරමුණ අනෙකුත් රටවල ඉලක්කයට ගැළපෙන පරිදි සාපේක්ෂව තරඟකාරීව සිටීමයි.
නවතම සංශෝධනය මඟින් අමෙරිකා එක්සත් ජනපදයට ඇඟලුම් අපනයනය සම්බන්ධයෙන් තරගකාරී රටවල් වන බංග්ලාදේශය, පකිස්ථානය, වියට්නාමය සහ කාම්බෝජය යන ප්‍රධාන තරඟකරුවන් සමඟ ශ්‍රී ලංකාව සමපාත කරයි.
ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට අපනයනය කරන අපනයනවලින් සියයට හැත්තෑවක් ඇඟලුම් වේ.කෙසේවෙතත්, එක්සත් ජනපදය සහන ලබා දී ඇති කාර්මික අයිතම 1,161ම සියල්ල දැනට ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට අපනයනය කරන ලැයිස්තුවට ඇතුළත් නොවේ.ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය සමඟ සියයට 88ක වෙළඳ අතිරික්තයක් තිබේ.
ඕනෑම රටක් සමඟ සාර්ථක ‘ගනුදෙනුවක්’ සඳහා ජනාධිපති ට්‍රම්ප් විවෘත අතර, එක්සත් ජනපදයේ යහපත සඳහා එවැනි වෙළෙඳ හිඟයන් කපා හැරීමට ඔහුට අවශ්‍ය වී තිබේ.


