
ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කර ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය පවසා තිබේ. ආරක්ෂක කැබිනට් මණ්ඩලය බහුතර ඡන්දයෙන් මේ සඳහා අනුමැතිය ලැබී ඇති බවයි වාර්ථා වන්නේ.
වසර දෙකකට ආසන්න කාලයක් ගාසා - ඊශ්‍රායල් යුද ගැටුම් පැවැති අතර මින් පෙර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ ගාසා තීරය මුළුමනින්ම අත්පත් කර ගැනීමට තමන්ට අවශ්‍ය බවයි.
කෙසේ වෙතත් ගාසා නගර අත්පත් කර ගැනීමේ මෙම තීරණයට විරුද්ධව ඊශ්‍රායල ජාතිකයින් රැසක් සිය විරෝධය දක්වා ඇති අතර රට පුරා විරෝධතා රැසක්ද මේ වන විටත් නිර්මාණය වී තිබේ.
එමෙන්ම ලොව පුරා රටවල් රැසක්ද ඊශ්‍රායලයේ මෙම තීරණයට එරෙහිව අදහස් ප්‍රකාශ කර ඇති අතර එමගින් එම රටවල්වල රාජ්‍ය නායකයින් පවසා ඇත්තේ අදාළ තීරණයෙන් තවත් ලේ වැගිරීම් වැඩිවන බවයි.
එමෙන්ම හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගෙන ඇති ඊශ්‍රායල ජාතිකයින් අනතුරේ හෙලීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණය බලපානු ඇති බවත් ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් රජයට චෝදනා කර තිබේ.
එමෙන්ම මේ සම්බන්ධව අදහස් දක්වා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයද අනතුරු අඟවා ඇත්තේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් පුළුල් කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට මෙන්ම පලස්තීන සිවිල් වැසියන්ටද ව්‍යවසනකාරී ප්‍රතිවිපාක ඉදිරියේදී ඇති කරනු ඇති බවය.
තවද ඊශ්‍රායල විපක්ෂ නායකවරයාද මෙම තීරණයට විරෝධය පළ කර ඇති අතර එමගින් ඔහු රජයට චෝදනා කර ඇත්තේ මෙම තීරණය හේතුවෙන් ඉදිරියේදී තවත් බොහෝ ව්‍යවසනයන්ට ඊශ්‍රායලයට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
මේ අතර ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය සමග යමින් තමන් ද පලස්තීනය රාජ්‍යයක් පිළි ගැනීමට සූදානම් බව කැනඩාව ප්‍රකාශ කරනවා.මේ අනුව පලස්තීන රාජ්‍යයක් පිළිගත් තුන්වන ජී 7 රට කැනඩාවයි.ඊශ්‍රායලය සටන් විරාමයකට සහ සෙසු කොන්දේසි වලට එකග නොවන්නේ නම් සැප්තැම්බර් මාසයේ දී පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව එක්සත් රාජධානිය ප්‍රකාශයට පත්කර දිනකට පසුව කැනඩාව ද එම තීරණය ගෙන තිබෙනවා.
ප්‍රංශය ද පසුගිය සතියේ පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව ප්‍රකාශයට පත්කළා.මෙම රටවල් තුනම ප්‍රකාශ කර තිබෙන්නේ ඉදිරියේදී පැවැත්වෙන ජගත් මහා මණ්ඩල සැසිවාරයේ දී පලස්තීන රාජ්‍යය විධිමත් ලෙස පිළිගන්නා බවයි.ගාසා තීරයේ මිනිසුන් විඳින දුක්වේදනා දරාගත නොහැකි මට්ටමකට පැමිනීමත් සමග මෙම තීරණය ගත් බව කැනඩා අගමැතිවරයා පවසා තිබෙනවා. සැප්තැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවද පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනිස් පසුගියදා නිවේදය කලා. ඇල්බනීස් පැවසුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය නිව්යෝර්ක් නුවරදී රැස්වන විට තම රජය මෙම පියවර නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.


