
නුඹ මට..
අඩ නින්දේ විවර කල ..
නෙතු පියන්..
සුළගට කාන්දු වි ..
මියුරු තත් අතරින්..
පිබිදුන මල් සුවදකි..
නුඹ මට..
මටම පිපුනු රතු රෝස ..
කුසුම..
විදවන්න නොව..
විදින්න පිපුනු පෙති පිරුනු..
බඹර තුඩ..
දිගු නිහැඩියාවක..
දෙනෙත් කෙවෙනි..
රතුකල සුදුම සුදු..
කුමුදු මල..
වරක් නොව දෙවරක්..
ලය පිබිදුනු..
සිත කළඹන..
රතු දෙතොල්..
යාතිකා මඩුවේ..
පිපි කුසුම..
පර නොවන..
දුලඹ මල් අතරින්..
පිපියන්..
හැමදා මගේ..
ලග..
ශ්‍යාමලී ගමගේ
Brampton - Canada
අපේ කැනඩාවේ කවි සිතුවිලි හැඩ කරන නිර්මාණ කාරිනි ශ්‍යාමලී ගමගේ ගේ කවි පොත් දොරට වැඩුමට සුබ පැතුම්.





බඹරු
පිවිතුරු මල් වලට
විසිතුරු පාට මුහු කොට
හැඩ දමල කදිමට
මියුරු තනුවට සැලෙයි සුළඟට
බඹරුන් රොන් බිඳට
ලොබ වී ඇදෙයි හනිකට
පරවු කල අකලට
වහා පියඹයි තවත් මලකට
සෙනෙහස බිඳුන දින
නිලුපුල් නුවන් යුග කොන
උණු කඳුළු මතු වන
ගතු කියයි මිහිකතට, සිඹිමින
ලොව සොභා දහමට
නතු වී තිබෙයි සැමවිට
දිවිය ජය ලැබුමට
වෙහෙස වනු මැන නොවී පසුබට
( මහ පියුම් ගී විරිත)
දර්ශනි රූපසිංහ
Hamilton - Canada
අමතක නැති රුහුණේ මතක ....

රුහුණටම විහිදෙන තරු ඇස්
වැල්ල මඩමට එන යන හිරු රැස්
එකතු කලාම මළු වලට හතරැස්
රුහුණු මතකය මුද්දකි පේරැස්
මුසු උනා කරදියත් වතුරේ
දළ රලත් සිපගතිය සයුරේ
හොර හොරෙන් බැලුවත් මිතුරේ
ඒ මතක යනවාද අතුරේ
ටයර් සෑ මත මිළිනවූ මිතුරන්
පණඋනත් දෙන යහගුණැති සොයුරන්
ආදරය හද පුරා දුන් කෙල්ලන්
තැනුවාලු යස පිරිසක් මිණිවන්
රුවන් හරිස්චන්ද්‍ර
Toronto - Canada

උත්තමාවී
පරඟණක මෙන් පරාගන කර
ලෝකයෙන් ගැරහුම් ලබා දී
පිදුව හද දෙපතුලට විසිකර
ඔහුගෙ සිත උදුරං ගියා
උනුසුම ද නොතබා ගියා
අපිම බැඳි වැව් අමුණු බිඳ දා
අනාගත අස්වනූ ද වනසා
ඔහුගෙ නොවනා බීජ වපුරා
ඇතැයි දොස් නැගුවා
සෙනෙහෙ දිය වැරුවා
තුෂර පිණි පොද මිදුණු මීදුම
ඉරාගෙන නැගි නොහැඬු දෑසින්
සිඟිති මුව හැබහින්ම දැක
ගත්තා
දෙපතුලට විසි කරපු මගෙ හද
පුතුට වෙන් කෙරුවා
ගසක් යට අත නොහැර උකුලෙ දි
මගෙ ම කිරි දුන්නා…,….
සොබාදම පිතු ලෙසට සලකමු උරුමයක් නැති ලෙයට පන දෙමු
ජවන සිත අරණක දි දැක ගමු
සසර බැමි මතු දා ලිහා ගමු
නිමල් රත්නායක