ගිණිගත් නේපාලය සාමාන්‍ය අතට.

සමාජ මාධ්‍ය වේදිකා 26කට නේපාල රජය පැනවූ තහනමට එරෙහිව එරට තුළ ක්‍රියාත්මක වූ විරෝධතා මාලාව මේ වන විට සැළකිය යුතු මට්ටමින් පාලනය කර ඇති බව වාර්තා වේ.

දූෂණයට එරෙහි විරෝධතා, ගිනි තැබීම් සහ ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වූ අතර ප්‍රකෝප වූ පිරිස් දේශපාලනඥයන්ගේ නිවාස මෙන්ම එරට පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇතුලු රජයේ ගොඩනැගිලි රැසක් විනාශ කරනු ලැබූවා.

එම තත්ත්වය හමුවේ නේපාල ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එම ධුරවලින් ඉල්ලා අස්වුණා.

දින දෙකක් පුරා ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩත්වයෙන් තිස් දෙනෙකු මිය ගිය අතර 1,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.

නේපාලයේ පාලන බලය හමුදාව යටතට පත්වූ අතර වසා දමා තිබූ කත්මණ්ඩු ගුවන් තොටුපළද නැවත විවෘත කළා.

නේපාලයේ මතුවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් එරට පුරා බන්ධනාගාරවලින් සිරකරුවන් 7,500කට වඩා පැනගොස් ඇති බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එමෙන්ම, නේපාලයේ පැවැති විරෝධතා දින කිහිපයකින් පසුව ගිනිතබා විනාශ කරනු ලැබූ ස්ථාන කත්මන්ඩු නගර වැසියන් ඇතුළු තරුණ ප්‍රජාව එක්ව නගරය පිරිසිදු කරනු ලැබුවා.

මේ අතර ඇඳිරිනීතියද නොතකා සිදුකල විරෝධතා අතරතුර අගමැති ඕලිගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස පක්ෂයේ කාර්යාලය, මෙන්ම තවත් දේශපාලනඥයින් පිරිසකගේ නිවාස ගිනි තබා විනාශ කර තිබුණා.

ඉන් අනතුරුව නේපාල පාර්ලිමේන්තු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිස් එහි ගොඩනැලිවලට ගිනිතබා තිබුණි.එමෙන්ම නේපාල රජයේ ඇමතිවරුන්ගේ කාර්යාල පිහිටි සින්ග දර්බාර් ගොඩනැගිල්ලද විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබුණා.

මේ අතර නේපාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ජහාල් නාත් ඛානල්ගේ බිරිඳ, විරෝධතාකරුවන් අතින් ජීවිතක්ෂයට පත්වූනා.විරෝධතාකරුවන් හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ජහාල් නාත් ඛානල්ගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේදීය.තරුණ විරෝධතාකරුවන් හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ජහාල් නාත් ඛානල්ගේ නිවසට ගිනි තැබුවේ බිරිඳ එම නිවස තුළ සිරකරමින් යැයි ද පැවැසෙනවා

අවාසනාවන්ත සිද්ධි දාමයකින් අනතුරුව සමාජ මාධ්‍ය ජාලා සියල්ල යථාවත් කිරීමට නේපාල රජය අද පියවර ගෙන තිබුණි.කෙසේ නමුත් ඒ කිසිත් නොතකා විරෝධතා අඛණ්ඩව පැවැත්වෙන්නේ පාලක රජයට එරෙහිව දැඩි විරෝධයක් පළකරමින්ය.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *