නුඹ..

සිතල පිනිමත..
තැවරුනු..
පෙමි කුසුම..
වරක්..
නොව සිය වරක්..
වග සොදින..
නුඹ..
වරමි ගත්..
මා..
බිදු සිත් තැවුල..
මකාලනු..
බැරිතරමි..
වාවනු..
හැකි අරුම..
නුඹ..
නොහඩා ඉන්න බැරි..
කදුඑ ගල් කර..
කඑ ලැල්ලක අගුරු අතරින්..
ඉකිගසන දුමාරය..
නුඹ..
මාත් ඵක් වතාවක් දකින දින..
හද සොරාගත් ..
නුඹ..
මා ලියු කවි බණ..
ඇහෙන දුර..
නෙතු පියන් සද..
බලා ඉන්නට අවසරයි..
මට..
ශ්‍යාමලී ගමගේ
Brampton



මගෙ හිතම දුර දුවනවා
මගේ කවි පද ඇහෙනවද
ගලහ හංදිය පෙනෙනවද
තනිය මැකු අත හොයනවද
හිතේ සතුටින් ඉන්නවද
උණ පදුර යට බංකුවේ
අපේ මතකයි හැංගුවේ
ප්‍රස්ථාර, වගු ඇති පොත් ගුලේ
පෙම් කවිත් ඇවිදින් යතේ
මහවැලිය තාමත් ගලනවා
රයින් ගඟ මට පෙනෙනවා
ඔබ කොහිද මම හොයනවා
මගෙ හිතම දුර දුවනවා
රුවන් හරිස්චන්ද්‍ර
Toronto
ඔයා මා ලඟ නැතත්.... මට දැන්නෙන්නේ ලඟම ඉන්නවා කියලා. ඉතින් පෙම්වත...
ඉඩදෙන්න මට ඔය සෙනෙහස විඳගන්න.

සිටියා බලා ඔබ එනතුරු බොඳවු නෙතින්
සැලුනා බියෙන් ඈතක යනු දුටිමි සිතින්
බැලුවා හැරී ආමඟ අප දෙහද වතින්
හැර යා නොහැක ආපසු ආ යුතුය ඉතින්
සිහිවිය බැඳුනු සෙනෙහස හද නිබඳ සැලේ
බොඳවිය මතක සටහන් රළ බිඳෙන ජලේ
හිමි ඔබ නිසා මා නැවතත් මෙලොව තලේ
බිහි වූ නමුදු ළඟ නැති කල කිමද පලේ
සුපුරුදු සුවඳ අරගෙන දුර ඈත කොනේ
ඔබ කොයි කොහේ සිටියත් ළඟ බවම දැනේ
තුරුළුව විඳින්නට උනුහුම නිමල සෙනේ
ඉඩදෙනු තුටින් ඔය හදවත නැමති ලෙනේ
දර්ශනී රූපසිංහ
Hamilton


