
අමෙරිකානු රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අත්‍යාවශ්‍ය නොවන සේවා (Govement Shutdown) පසුගිය (01) වැනිදා වසා දැමීමට පියවර ගෙන තිබුණා.
මෙම පියවර ගෙන ඇත්තේ අමෙරිකානු සෙනෙට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබා දීමේ කෙටි කාලීන පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් බවයි වාර්ථා වන්නේ.රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ අතර අරමුදල් සම්පාදන ගනුදෙනුවක් සම්බන්ධයෙන් පවතින විරුද්ධ ස්ථාවරයන් වෙනස් කර ගැනීමට නොහැකි වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී තිබුණා..
අත්‍යවශ්‍ය කටයුතු සඳහා තාවකාලිකව හෝ අරමුදල් සැපයීමට තිබූ අවසාන අවස්ථාව ලෙස සැලකෙන කෙටි කාලීන අරමුදල් පනත් කෙටුම්පත සෙනෙට් සභාවේ ඡන්දයෙන් අසමත් වීමත් සමඟ මෙම 'වසා දැමීමේ' තත්ත්වය උද්ගත වී තිබෙනවා.
මීට පෙරද අවස්ථා 14කදී අමෙරිකානු රජය මෙම පියවර ගෙන තිබුණා. අවසන් වරට 2018-2019 දී එය සිදුවූ අවස්ථාවේදී දින 35ක් පුරාවට එම වසා දැමීම පැවතුණා.
මේ අතර අමෙරිකානු ෆෙඩරල් ආණ්ඩුව පසුගිය (01) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට වසා දැමීමට ගත් පියවර හේතුවෙන් එරට මහජන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
විදෙස් වාර්තා පැවසුවේ ගුවන් ගමන්වල සිට සත්වෝද්‍යාන නැරඹීම් දක්වා විවිධ ක්ෂේත්‍රවල සේවා ගණනාවක් සම්බන්ධයෙන් ඇමරිකානුවන්ට පුළුල් ලෙස බාධා ඇති කරන බවයි.මෙම අර්බුදය ඔක්තෝබර් සහ ඉන් ඉදිරියට රාජ්‍ය මෙහෙයුම් සඳහා අරමුදල් සැපයීමට බලපානවා. මෙම දේශපාලන අර්බුදය හේතුවෙන් ෆෙඩරල් සේවක බලකායෙන් 40% ක් පමණ එනම් පුද්ගලයින් 800,000 ක් පමණ වැටුප් රහිත නිවාඩු මත තැබීමට ද අපේක්ෂා කෙරෙන බවයි වාර්තාවල දැක්වෙන්නේ.
ෆෙඩරල් ආණ්ඩුව වසාදැමීම ගුවන් මගීන්ට විවිධ ආකාරවලින් බලපානවා. එය දිගු ආරක්ෂක පෝලිම් සහිත විය හැකියි.වැටුප් නොලබන ගුවන් ගමනාගමන පාලකයන් (air traffic controllers) නොමිලේ වැඩ කරනවා වෙනුවට නිවසේ රැඳී සිටීමට තීරණය කිරීම නිසා ඇතිවන ප්‍රමාදයන්ටහේතු විය හැකි බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ. ගුවන් ගමනාගමන පාලන සහ ප්‍රවාහන ආරක්ෂක පරිපාලනයේ (TSA) සේවකයින් ‘අත්‍යවශ්‍ය සේවකයින්’ලෙස සලකනු ලබනවා.එබැවින් ඔවුන් දිගටම රැකියාවේ නිරත වෙනවා. නමුත් වසා දැමීම අවසන් වන තුරු ඔවුන්ට ගෙවීමක් නොලැබෙනු බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
අවසන් වසා දැමීමේදී, මෙම සේවකයින් වැඩි වැඩියෙන් අසනීප බව පවසා නිවාඩු ගැනීමට පටන් ගත් අතර, එය ගුවන් තොටුපළ ප්‍රමාදයන්ට හේතු වී තිබුණා.
විදේශගතවීමට සැලසුම් කරන ඇමරිකානුවන්ට ද මෙම තත්ත්වය බලපානවා. ගුවන් ගමන් බලපත්‍ර (passport) නිකුත් කරන අමෙරිකානු ආයතන අනතුරු අඟවා ඇත්තේ සංචාරක ලේඛන සැකසීමට සුපුරුදු පරිදි වඩා වැඩි කාලයක් ගත විය හැකි බවයි.
මෙම තීරණයෙන් ෆෙඩරල් සේවකයින්ට දැඩි ලෙසම බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරනවා.මන්ද වසාදැමී පවතින අතරතුර ඔවුන්ට කිසිදු වැටුප් චෙක්පතක් නොලැබීම නිසයි.
සමහර සේවකයින් පෙර වසාදැමීම්වලදී මෙන් දෙවන රැකියා තෝරා ගැනීමට ඉඩක් පවතිනවා. අත්‍යවශ්‍ය නොවන සේවකයින්ට නිවසේ රැඳී සිටීමටයි බල කෙරෙනු ඇත්තේ. අතීතයේදී මෙම සේවකයින්ට පසුව සියලු වැටුප් ගෙවා තිබූ අවස්ථාවන් ද අසන්නට ලැබෙනවා.රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන සහ ජාතික සෞඛ්‍ය ආයතන වැනි ආයතන කිහිපයක් විසින් බොහෝ සේවකයින් නිවාඩු යැවීමට ඉඩ ඇති අතර, එමගින් දැනට සිදුවෙමින් පවතින පර්යේෂණ හා අත්හදාබැලීම් කෙරෙහි බලපෑම් ඇති කරනවා.
ධූරයට පත්වීමෙන් පසු රජයේ වියදම් අඩු කර ඇති සහ ෆෙඩරල් රැකියා කපා හැර ඇති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ආන්ඩුවේවසා දැමීමක් මගින් තවදුරටත් සේවයෙන් පහකිරීම් වේගවත් කළ හැකි බවයි විශ්ලේෂකයින් පවසන්නේ.
ඩිමොක්‍රටිකයින්ට වැදගත් යැයි ඔහු පවසන සේවා සහ වැඩසටහන් කපාහැරීමට එය තමාට ඉඩ සලසන බවත් නැවත නැවතත් අනතුරු අඟවා තිබුණා.
ෆෙඩරල් ආයතන සඳහා වැඩ කරන නමුත් රජය විසින් සෘජුවම සේවයේ නොයොදවන කොන්ත්‍රාත්කරුවන්ට ද වැඩ අහිමි කාලයක් උදාවනවා. වගකිවයුතු ෆෙඩරල් අයවැය කමිටුවට අනුව, ඓතිහාසිකව මෙම සේවකයින්ට කිසිදු පසු ගෙවීමක් ලැබෙන්නේ නැහැ.
මීට පෙර මෙවැනි වසාදැමීම් වලදී ෆෙඩරල් ඉඩම්, ජාතික උද්‍යාන සහ ජාතික වනාන්තර ඇතුළුව, නරඹන්නන් සඳහා වසා දමා තිබුණා.මන්ද වන ආරක්ෂකයින්ටසහ අනෙකුත් සේවකයින්ට නිවසේ රැඳී සිටින ලෙසයි ඉල්ලා තිබුණේ.
අවසන් වසා දැමීමේදී, ට්‍රම්ප් පරිපාලනය තීරණය කළේ උද්‍යාන විවෘතව තැබීමටයි.එහිදී ඒවායේ වැඩ කිරීමට සිටියේ ෆෙඩරල් සේවකයින් එක්කෝ ස්වල්පයක් නැතිනම් කිසිවකු නොසිටි අවස්ථා ද දක්නට තිබුණා.
උද්‍යාන වෙනුවෙන් පෙනී සිටින්නන්ට අනුව, මෙම තීරණය උද්‍යාන තුළ විනාශකාරී ක්‍රියාකාරකම්, අපරාධවලට තුඩු දෙනවා.මන්ද නරඹන්නන් ආරක්ෂිත භූ දර්ශන හරහා රිය පැදවීම, ඓතිහාසික ස්ථාන කොල්ලකෑම සහ පරිසර දූෂණය සිදු කළ බැවින්.
හිටපු උද්‍යාන අධිකාරීවරුන් 40 කට වැඩි පිරිසක් මෙවැනි වසා දැමීමකදීඋද්‍යාන සම්පූර්ණයෙන්ම වසා දමන ලෙස ධවල මන්දිරයෙන් ඉල්ලා තිබුණා.
ඇමරිකාවේ ජාතික උද්‍යාන ආරක්ෂා කිරීමේ සන්ධානයේ එමිලි තොම්ප්සන් පැවසුවේ, "අපි භාරකරුවන් නොමැතිව කෞතුකාගාර විවෘත කරන්නේ නැහැ. ගුවන් ගමනාගමන පාලකයන් නොමැතිව ගුවන් තොටුපළ විවෘත කරන්නේ නැහැ. එසේම අප ජාතික උද්‍යාන සේවා සේවකයින් නොමැතිව අපගේ ජාතික උද්‍යාන විවෘතව තැබිය යුතු නැහැ." යනුවෙන්.
වොෂින්ටන් ඩී.සී. හි සුප්‍රසිද්ධ ස්මිත්සෝනියන් ආයතන කෞතුකාගාර අවම වශයෙන් ලබන ඔක්තෝබර් 6 වන සඳුදා දක්වා විවෘතව පවතිනවා.ස්මිත්සෝනියන් වෙබ් අඩවියේ, එම සංවිධානය පැවසුවේ එය විවෘතව තබා ගැනීමට උපකාර කිරීම සඳහාපෙර වසරවලින් මුදල් ලබාගෙන ඇතිබවයි.
සත්වෝද්‍යානය පවත්වාගෙන යනු ලබන ස්මිත්සෝනියන් ආයතනයට අනුව, ජාතික සත්වෝද්‍යානයේ සතුන්ට දිගටම ආහාර ලබා දෙනු ඇති අතර ඔවුන් රැකබලා ගන්නවා.නමුත් ජනප්‍රිය වෙබ් කැමරා වසා දමනු ඇති අතර ඒවා සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය විසින් අත්‍යවශ්‍ය නොවන ඒවා ලෙස සලකා තිබෙනවා.
මෙම විකාශන අත්හිටුවීම නරඹන්නන්ට සත්වෝද්‍යානයේ පැන්ඩා, සිංහයන්, අලි ඇතුන් සහ නිරුවත් මවුල මීයන් දෙස බැලීමට ඇති අවස්ථාවට බාධාවක්.
වැඩිහිටියන් හා දුප්පතුන් සඳහා වන සමාජ සෞඛ්‍ය වැඩසටහන් දිගටම ක්‍රියාත්මකයි. නමුත් කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් ඇතැම් සේවාවන් සඳහා යම් බාධා ඇති විය හැකියි.හදිසි ආපදා සහන සඳහා ද බොහෝ දුරට බලපෑමක් නොඑල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.කෙසේවෙතත්, ආපදා ඒජන්සි විසින් කරනු ලබන අනෙකුත් වැඩ කටයුතුවලට බලපාන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ජාතික ගංවතුර රක්ෂණ වැඩසටහනවසා දමනු ඇති අතර, රජය විසින් පවත්වාගෙන යනු ලබන මෙම වැඩසටහනෙන් අවශ්‍ය දේපල සඳහා වන ඇතැම් උකස් ප්‍රමාද වනු ඇති බව සඳහන්.නමුත් වසා දැමීම දිග්ගැස්සුනහොත්, ෆෙඩරල් හදිසි කළමනාකරණ පරිපාලනයට එහි ආපදා සහන අරමුදල සඳහා මුදල් හිඟ වීමට ඉඩකඩ පවතිනවා.
මෙය ආහාර ආධාර වැඩසටහන් සඳහා ද බලපාන අතර කාන්තාවන්, ළදරුවන් සහ ළමුන් සඳහා වන අතිරේක පෝෂණ වැඩසටහනේ (WIC) අරමුදල් සීඝ්‍රයෙන් අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරනවා.අතිරේක පෝෂණ ආධාර වැඩසටහන (කලින් ආහාර මුද්දර ලෙස හැඳින්වූ) දිගු කාලයක් පැවැතීමට අපේක්ෂා කෙරෙන නමුත් එයට ද අරමුදල් අවසන් වීමේ අවදානමක් පවතිනවා.
අයවැය පිළිබඳ මතභේදයක් විසඳා ගැනීමට රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් අසමත් වීමෙන් පසුවයි අමෙරිකානු ෆෙඩරල් ආණ්ඩුව මෙලෙස වසා දමා ඇත්තේ.සෞඛ්‍ය වියදම් සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් අතර සටනේ ප්‍රතිඵලයක් ලෙස මෙම වසාදැමීම සිදුවූ බවටද ඇතැමුන් මත පළකර තිබුණා.


