
ඇමරිකානු ඉතිහාසයේ දීර්ඝතම රජයේ අක්‍රියතාවය අවසන් කිරීමේ පනතට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීමට කටයුතු කර තිබේ.මේ සමඟින් ඇනහිට තිබූ ෆෙඩරල් රජයේ ආයතනවල කටයුතු යළි ආරම්භ වීමට නියමිතය
මෙම රජයේ අක්‍රීයතාවය ආරම්භ වී දින 43 ක් ගතවී ඇති අතර ෆෙඩරල් සේවකයින් දහස් ගණනකට සිය වැටුප් සහ රැකියා අහිමි වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කෙරිණි
අමෙරිකාවේ වත්මන් පරිපාලනය මීට මාස ඒකහමාරකට පමණ රෙප එරට රජයේ වියදම් කෙටුම්පත කොංග්‍රසයේ අනුමැතියට ඉදිරිපත් කළ නමුත් ඩිමොක්‍රොටික් පක්ෂය ප්‍රමුඛ විපක්ෂය ඊට දැඩි විරෝධය පළකළේය.ඒ හේතුවෙන් වියදම් කෙටුම්පත සම්මත වීම ප්‍රමාද විය.
එය සම්මත කරගැනීමට අවස්ථා කිහිපයකදී ගත් උත්සාහයන් අසාර්ථක වීම හේතුවෙන් දින 43ක් පුරා අමෙරිකානු රජයේ වියදම් කටයුතු මුළුමනින්ම පාහේ අකර්මණ්‍ය වී තිබුණි.
මේ හේතුවෙන් එරට රජයේ සේවක වැටුප් ගෙවීමට පවා නොහැකිවූ අතර, දහස් සංඛ්‍යාත රජයේ සේවකයින් අනිවාර්ය නිවාඩු යවා ඉතිරි පිරිස වැටුප් රහිතව සේවයට කැඳවීමට රජයට සිදුවිය.
ඒ අනුව 670, 000කට ආසන් රජයේ සේවකයින් අනිවාර්ය නිවාඩු යවා ඇති අතර තවත් 730, 000කට අධික පිරිසකට වැටුප් නොමැතිව සේවයේ යෙදීමට සිදුවූ බව සඳහන් වේ.


