කැනඩාවේ කවි සිතුවිලි

ආදරයේ වංගුව 

මින් පෙර ලියූ ගී සහ කවිවැල්                      වලට

ලැබුනා ප්‍රතිචාර කදිමයි එක                        දිගට

කවියේ රසය දන්නා හඳුනන                        ඔබට

නැවතත් ලියමි කියවා                          රසවිඳීමට

“සුභා ” සිටියෙ පාසැල් බසයේ          කොළොම්පුරේ

ඉඟි බිඟි පෑවා මා වෙත ඇය                  නිරන්තරේ

කැමතිද කියලා ඇසුවම නොමැත              උත්තරේ

දහ අට වංගුව වාගෙයි ඇයගෙ                   ආදරේ

ආසයි බයයි සමහර කෙල්ලො වැට                උඩයි

මුලදි බැහැ කියයි පසුවට ආදරේ                සොයයි

සමහරු ආදරේ බෙදයි එකවර කොල්ලො දෙකතුනයි

සිව්සැට මායම් දමයි කොල්ලන් අන්ත        අසරණයි

සිසිල් මාන්නප්පෙරුම 

Brampton Canada

මගේ සිහිනයේ හිමිවේදෝ 

වැල් පාලමෙන් ආවාදෝ 

සඳ සීතලේ තෙමුනාදෝ 

තරු මංසලේ හැඩුවාදෝ 

මගේ සිහිනයේ හිමිවේදෝ 

දේදුනු විලෙන් මතුවේදෝ 

හිම ගිරි මුදුනේ සැඟවීදෝ 

කෙත්වතු මැදින් ආවාදෝ 

සිරිකත මගේ ඔබ කොහිදෝ 

මීන නුවන් ඇතිවාදෝ 

රිය සක ඔබට පරදීදෝ 

දෙව්ලොව සුවේ ගෙන දේදෝ 

AI   ලියක් දැයි සැකදෝ 

රුවන් හරිස්චන්ද්‍ර 

Toronto – Canada

නුඹේ ආදරේ

ඉරිතලා දිවි සයුර අසරණ –  විටදි හමුවුණි ලෙසට             කවියක්

වියළිලා මිය ඇඳුණු අරණක  –  මතු කලේ තඹ ළපලු        හෙවනක්

හිනැහිලා රළු පරළු හදගැබ –  තුළට මැව්වේ නොපැතු      පැතුමක්

සඟවලා නුඹ අමිල සෙනෙහස – හිමියනේ කොහි සිටියෙ    මෙතුවක්

දෙනෝ දහසක් අතර සිටියද  –  කොඳුරනා පෙම් වැකිය     දෙඇසින්

රැදේ ගැඹුරුම තැනෙහි හදගැබ – සදා නොමැකෙන විලස    රහසින්

බිඳේ තනිකම නැගේ මදහස  –  ලබා දෙන පෙම්වත් වු         පහසින්

නැතේ කිසිදින ඉතින් කඳුළැලි – විඳින තුරු දිවි තුරුලෙ      සතොසින්

දර්ශනි රූපසිංහ 

Hamilton – Canada

ගින්දරී..

නුරා නෙතු කැල්මන්..

බඹර තුඩක පිණි..

වැසුනු ..

ගින්දරී..

නුඹ සොයා..

සිත අඩන..

ප්‍රේමයේ මෘදු ..

සුවද..

හමා යන සුළං රැල..

හදපුරා නැගෙන..

නුඹේ විලාපය..

හඩ නගා..

නිදිනැති..

තරු ගනින..

සද සිතල..

මැදියමේ කාන්සියට..

ගොඑ වතින්..

සැරසුනු..

පිණිවැස්ස..

මදකට පමාවි..

අහස්තලේ..

ප්‍රේමයේ..

නිමිනාද නගමින්..

වළාකුඑ මත..

පතිත වන..

මිලින සද..

බලා ඉදි.

ශ්‍යාමලී ගමගේ..

Brampton – Canada

තවුස් දම් 

මුදා තවුස්දම් ඈතට 

ගියා ද උතුමනි නුවරට 

එදා පෙමින් බැඳුනු සිතට 

නිවනක් ලැබුණි ද ඔබ හට 

එහෙත් ගලක උණුසුම විඳ 

සිසිලක් ඔබ ලබා දුනිද 

තවත් පෙමක සිර නොවන්ට 

හිත ඔබගේ ගල් වුනා ද ? 

කුසල හාමුදුරුවෝ 

Brampton – Canada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *