
කැනේඩියානු ඔලිම්පික් ක්‍රීඩකයෙකු වූ කොකේන් කිංපින් සමඟ සබදතා පැවැත්වූ කැනේඩියානුවන් හත් දෙනෙකු අත්තඩංගුවට ගෙන ඇත.අත්තඩංගුවට පත් ඔන්ටාරියෝ, ක්විබෙක් සහ ඇල්බර්ටා හි කැනේඩියානුවන් සියල්ලන්ම එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව, එෆ් බී අයි FBI සහ ආර් සී එම් පී RCMP විසින් රයන් වෙඩිංගේ මත්ද්‍රව්‍ය ඡාලයට සම්බන්ධ බවට අණාවරනය කරගෙනඇත.
2002 සෝල්ට් ලේක් සිටි ඔලිම්පික් උළෙලේදී සිය රට වෙනුවෙන් තරගකල 44 හැවිරිදි වෙඩින් මේ වසර මුලදී එෆ් බී අයි හි වඩාත්ම අවශ්‍යය පුද්ගලයන් දස දෙනා ලැයිස්තුවට එකතු කරන ලදී.
ඔහු මෙක්සිකෝවේ ජීවත් වන අතර එක්සත් ජනපදයේ සහ කැනඩාවේ විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තුගත කර ඇති මෙක්සිකෝව පදනම් කරගත් විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානයක් වන සිනලෝවා කාටල් සමඟ සම්බන්ධතා පවත්වයි.
ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට තුඩු දුන් තොරතුරු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක ත්‍යයාගයක් නිකුත් කර ඇත. අත්අඩංගුවට ගෙන චෝදනා එල්ල කරන ලද කැනේඩියානුවන් හත් දෙනා බදාදා අත්අඩංගුවට ගැනීමත් සමග අත්තඩංගුවට පත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 36 ක් දක්වා ඉහල ගොස් ඇත. ප්‍රධාන සාක්ෂිකරු සොයා ගැනීමට සහ ඝාතනය කිරීමට පහසුකම් සැලසීම සඳහා වෙඩින්ට සහාය වූ බවට හත් දෙනාට චෝදනා එල්ල වී ඇත.
ජාත්‍යයන්තර බලධාරීන් විසින් අවශ්‍ය තවත් කැනේඩියානුවන් දෙදෙනෙකු තවමත් නිදැල්ලේ සිටින බව නිලධාරීන් පැවසූ අතර, නව අධිචෝදනා යටතේ චෝදනාවලට මුහුණ දී සිටින තවත් සම කුමන්ත්‍රණකරුවෙකු සමඟ වෙඩින් ද ඇතුලත් වේ.


