කැනඩාවේ කවි සිතුවිලි

මව් බිම සිටින අම්මාට

පිහිටට ලැබී සිරි සම්බුදු දහම්              මඟ

සතුටින් සිටින මුත් දූ දරු පිරිස              ළඟ

සිහියට නැගෙයි අම්මේ ඔබෙ සෙනෙහෙ  ගඟ

මිහිපිට එකම සැනසුම විය ඔබගෙ         ළඟ

හුරු කළ දිවිය අටලෝ දහමට             අනුව

ගුරුහරු කම් දෙමින් අප යන මඟ       තැනුව

පුරුදුයි හොඳට පැරදුම සහ ජය          කණුව

හිරු සඳු ඔබයි අම්මේ අපෙ ලොව         දිනුව

තද දැනුමක් නැතත් ලැබ ගත් ඉහළ     පෙලේ

ලද අත්දැකීමෙනි  අප දිවි එළිය           කළේ

අද අත් විඳිමු ඔබ වෙහෙසෙහි නියම     පලේ

හද සෙනෙහස ඇදෙයි අකුරක් විලස      ගලේ

සැප දුක අතර පදිමින් ජීවිත                ඔරුව

කැප කළ මෙහෙය ඉහළයි ගත සවි      දැරුව

අද කල් ගත කලත් තම අත පය          බැරුව

අප දිවි මඟට ඔබ විය ඉරු බටු            තරුව

දිවි මඟ යන්න කිසිවෙකු හට දෑත        නොපා

සවියක් වුණා ඔබ දුන් ඒ දැහැමි             උපා

දෙවියන් බුදුන් නමදිමි අයදිමින්             සැපා

දිවි හිමියෙන් වඳිමි අම්මේ ඔබගෙ        දෙපා

අස්ථිර දිවියෙ ඇත දුක් කරදර            බෝවා

රැස්කළ පින් දහම් නිරතුරු සිහි            වේවා

දොස් සුරුවී රැඳී සොම්නස සිත            ගාවා

තිස් තුන් කෙලක් දෙවිවරු ඔබ රැක       දේවා

කුසුම් කාරියවසම් 

ටොරොන්ටෝ කැනඩාව 

හැබෑම නම් තව මරේ මරු

තරු පොකුරේ සැගවුණාට 

දුර අහසේ ඉගිලුනාට 

මහ පොළොවයි මේ අපට  හිමි 

මේ පොළොවයි අප හැමට හිමි 

පඩිය පඩිය එසවුණාට

තට්ටු හතට ලංවූණාට 

මුල අමතක වෙනවා නම් බොරු 

පෙන්නුවාට හිතට බෑ      බොරු 

විසල් මන්දිරේ ළගදී 

අළුත් වාහනේ ළගදී 

හිනා පිරුණු මුණ නම් බොරු 

හැබෑම නම් තව මරේ   මරු 

එක බත්පත බෙදන් කාපු 

එකම ඇඳක  බර දරාපු 

මට මොකටද තවත් නම්            බොරු 

ඇයි මෙච්චර පෙන්නන්නෙ බොරු බොරු 

රුවන් හරිස්චන්ද්‍ර 

Toronto – Canada

 අප අපේ මයි නොවේ රහසක්

කතර දිවිමග තනිවි සිටිවිට

                  හමුවුනේ ඔබ ලෙසට          කවියක්

නොසිතු විලසට වුනේ කිම  මට

                  සදා නොබිඳෙන සෙනෙහෙ   සවියක්

සුහද පෙම්වත නොයන් කිසිවිට

                  හැර දමා සිදු වුනිද             වරදක්

සසර සරනා තුරා වේවා

                  හදවතට සුව ගෙනෙන        ඔසුවක්  

යනෙන මඟ තොට නිතර හමුවී

                   එයින් ලැබුවේ අමිල          සතුටක්

ඇඟිලි ගනිමින සිහින මැව්වේ

                    එක හැලියෙ බත ඉදෙන    දවසක්

පෙමට  එරෙහිව කොතෙක් ආවද 

                    සතුරු උවදුරු සමඟ        කඳුලක්

සපත කරගමු වෙන් නොවන්නට

                     අප අපේ මයි නොවෙයි     රහසක්

මුවින නෙක කට කතා පතුරා

                     දිනූ කිසිවෙකු ඇතිද        මෙතුවක්

කෙලෙස වැටකොටු දමා සිරකර

                     තබමු හදවත පිබිඳු         ඇල්මක්

ලතැවුලෙන් හද තෙරපනා සඳ

                     ලොවට සැඟවී හිඳිමු  මොහොතක්

සොඳුරු ලෙන්ගතු වදන් හමුවේ

                     වුනි මෙමා පෙම් ලොවෙහි  රැජිනක්

( මදු ඡන්දස –  පුණුඅතිපුණු විරිත ඇසුරෙන්  )

දර්ශනි රූපසිංහ 

Hamilton – Canada

 මල් පුදන මව් 

මල් වට්ටිය අතට අරන් දේවදාසි සැන්දෑවට

මලින් මලට අත තියමින් යාන්තමට කවි කියමින්

හිතේ බරින් මුව සරසා ගතේ වාරු ගල පිට දී

වතුසුද්දා සමන් පිච්ච නෙළා ගන්නවා

නිල් කටොරොලළු කූඩැලු මල් – රටාවකට පිරිසිදුවට නෙළා ගන්නවා

පැන් ඉහලා පේ වීලා

පැදුර එළා බිම ඉඳගෙන

සාදු කියා හදවතින්ම

පළමුවෙන්ම බුදු පිළිමෙට පූජ කරනවා

සිවමස්තු නමෝ රාම

දේවතා එළි නැතේ තාමත්

රාව නංවන කුඩා දෙවොලේ

මාර සේනා පේන මානෙක නෑ

ගෙදර නාවට පුතා තාමත්

දේවදාසිට නැතේ ගාණක්

හිතේ නැතුවට බයක් හැකයක්

පහන්පැල ළඟ වෙව්ලනා අත්

බුදුන් සරණින් දේව පිහිටෙන්

මේ පුදන්නේ අම්මගේ ආදරයයි

කුසල හාමුදුරුවෝ 

Brampton – Canada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *