
දකුණු ස්විට්සර්ලන්තයේ ස්කී අවන්හලේ ඇතිවූ ගින්නෙන් මියගිය ගණන 40ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.අලුත් අවුරුදු උදාව සැමරීම වෙනුවෙන් එම අවන්හලේ සංවිධානය කර තිබූ සාදයක් අතරතුර මෙම ගින්න හටගෙන තිබෙන අතර ගින්න ඇතිවන අවස්ථාවේ කොපමණ සංඛ්‍යාවක් සිටියාද යන්න නිල වශයෙන් මේ වනතෙක් තහවුරු වී නැහැ.
කෙසේ නමුත් ස්විට්සර්ලන්ත බලධාරීන් මේ වනවිට 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඉන් බොහෝ දෙනෙකු දරුණු පිළිස්සුම් සහිතව සිටින බවටත් තහවුරු කර තිබෙනවා.එම ප්‍රදේශයේ රෝහල්හි දැඩි සත්කාර ඒකක පිළිස්සුම් තුවාල ලැබූ රෝගීන්ගෙන් පිරී ඇති බව විදෙස් වාර්තා පවසනවා.
අලුයම 1:30ට පමණ හටගත් මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගිනිකෙළි හේතුවෙන් ඇති වූ පිපිරීමකින් මෙම ගින්න ඇති වූ බවට එරට පොලීසිය සැකපළ කරනවා.ගින්න පාලනය කිරීම සඳහා හෙලිකොප්ටර් 10ක්, ගිලන් රථ 40ක් සහ හදිසි සේවකයින් 150ක් යොදවා තිබුණා..


