
නව වසර උදාවීමෙන් පසුව ආක්ටික් කළාපය වෙතින් හමා එන ශීත කුණාටු හේතුවෙන් අමෙරිකා, අප්‍රිකා, ආසියා සහ රුසියානු කලාපයේ ඇතැම් ප්‍රාන්තවල ජනතාව මිලියන ගණනින් පීඩාවට පත්ව තිබෙනවා.බොහෝ රටවලට මේ කාලයේ සාමාන්‍ය ශීත කාලගුණයක් පැවතිය යුතු වුවත් කාලගුණ විද්‍යාඥයන්ට අනුව වසර ගණනාවකට පසුව බලපාන වැඩිම ශීත කාලගුණයකට මුහුණපෑමට එම වැසියන්ට සිදුවනවා.
මේ සති අන්තයේදී ඇමරිකා එක්සත් ජනපදය පුරා බලපාන ප්‍රබල හිම කුණාටුවකට මුහුණ දීමට සුදානම් වෙමින් සිටින අතර ප්‍රාන්ත 12කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඊට අමතරව සෞදි අරාබිය කැනඩාව, රුසියාව, ජපානය, ඉන්දියාව, පාකිස්ථානය, ඇලස්කාව, ඔ්මානය, කුවේට්, උතුරු සිරියාව, ඉරාකය, තුර්කිය දකුණු කොරියාව, චීනය, යුක්රේනය, එංගලන්තය, නෙදර්ලන්තය, ජර්මනිය, මොරොක්කෝව, ෆින්ලන්තය, ක්‍රොඒෂියාව ද මෙම අසාමාන්‍ය ශීත කාලගුණයට මුහුණ දී සිටින රටවල් අතරට අයත්.අමෙරිකාවේ ජාතික කාලගුණ සේවයට අනුව, මිලියන 160 කට ආසන්න පිරිසකට හිම පතනය සහ අයිස් මිදුණු වර්ෂාව පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
අධික හිම පතනය, අයිස් සහ දැඩි ශීතල හේතුවෙන් ඇමරිකාවේ ජනපද 35 ක විශාල ජනතාවකට මෙය ජීවිතයට තර්ජනයක් විය හැකි කාලගුණික සිදුවීමක් වනු ඇතැයි සැලකෙනවා.සෙසු රටවල ද සෙල්සියස් අංශක ඍණ අගයන්වල උෂ්ණත්වය බලපාන බැවින් දෛනික ජීවිතවලට බරපතළ බාධා එල්ල වී තිබෙනවා.රුසියාවේ කම්චැට්කාව මේ වනවිට වාර්ථාවී ඇති අධික හිම පතනය අඩි 6.5ක්.


