මැද පෙදිග යුධ ආතතිය ඉහලට – ඉරානය හා ඇමරිකාව වාග් ප්‍රහාරවල.

අමෙ­රි­කාව සමඟ යුද උණු­සුම තුරන් කිරීම සඳහා දෙපා­ර්ශ්වය අතර සාක­ච්ඡා­ව­කට එකඟ වන්නේ තර්ජ­න­යෙන් හා පීඩ­න­යෙන් තොර සුදුසු වාතා­ව­ර­ණ­යක් යටතේ පම­ණක් බවත්, එවැනි සාක­ච්ඡා­වක් සඳහා අවශ්‍ය පසු­බිම සොයා බැලී­මට විදේශ අමා­ත්‍යා­ශ­යට උප­දෙස් දුන් බවත් ඉරාන ජනා­ධි­පති මසූඩ් පෙසෙ­ෂ්කි­යන් ප්‍රකාශ කර තිබේ. අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉල්ලීම පරිදි දෙපාර්ශ්වය අතර තුර්කියේ ඉස්තා­න්බුල් අග­නු­ව­රදී න්‍යෂ්ටික වැඩ­ස­ට­හන පිළි­බඳ සාක­ච්ඡා­ව­කට ඉරා­නය එක්වී­මට පෙර අධ්‍ය­ය­නය කළ යුතු කරුණු රැසක් ඇතැයි ද ජනා­ධි­පති පෙසෙ­ෂ්කි­යන් සඳ­හන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබ­මින් ඉරාන ජනා­ධි­ප­ති­ව­රයා මේ ප්‍රකා­ශය සිදු කර ඇත්තේ අමෙ­රි­කාව සහ ඉරා­නය අතර න්‍යෂ්ටික වැඩ­ස­ට­හන සම්බ­න්ධ­යෙන් 6 වැනිදා ඉස්තා­න්බුල් අග­නු­ව­රදී සාකච්ඡා පැවැ­ත්වෙන බවට ජාත්‍ය­න්තර මාධ්‍යයේ පළ­වන පුවත් සැල­කි­ල්ලට ගනි­මින් බවද වාර්තා වේ. අමෙ­රි­කාවේ මැද­පෙ­ර­දිග විශේෂ නියෝ­ජිත ස්ටීව් විට්කොෆ් සහ ඉරා­නයේ විදේශ ඇමැති අබ්බාස් අරග්චි අතර එම සාක­ච්ඡාව පැව­ත්වෙන දිනය පිළි­බඳ අමෙ­රි­කාව හෝ ඉරා­නය මෙතෙක් තහ­වුරු කර නැති බව ද වාර්තා වේ.

මැද­පෙ­ර­දිග කලා­පයේ මිත්‍ර­ශීලී රට­වල් වන කටාර්, තුර්කිය, ඊජි­ප්තුව සහ ඕමා­නයේ ඉල්ලී­ම්ව­ලට අනුව අමෙ­රි­කාව සමඟ සාකච්ඡා කිරී­මට අව­ධා­නය යොමු කළ බවත්, ඒ සඳහා පව­තින වට­පි­ටාව අධ්‍ය­ය­නය කළ යුතු බවත් ජනා­ධි­පති පෙසෙ­ෂ්කි­යන් සඳ­හන් කර ඇති අතර, ඕනෑම සාක­ච්ඡා­වක් ඉරා­නයේ ජාතික අව­ශ්‍ය­තා­වට අනු­කූ­ලව සිදු­විය යුතු බව ද ප්‍රකාශ කර තිබේ.

මේ අතර වාර්තා­ක­රු­වන් ඇමතූ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරාන නියෝ­ජි­ත­යන් ගිවි­සු­ම­කට එකඟ නොවන්නේ නම් තත්ත්වය නරක අතට හැරෙනු ඇති බවය. ඉරා­නය ආසන්න මුහුදු සීමා­වට අමෙ­රි­කා­වෙන් තවත් යුද නැවක් යාත්‍රා කර­මින් තිබෙන බව ද ඔහු සඳ­හන් කර තිබේ. දෙපා­ර්ශ්වය අතර එක­ඟ­තා­වක් සිදු­නො­වන්නේ නම් හමු­දා­මය ක්‍රියා­මාර්ග ගැනී­මට සිදු­වන බව­ටත්, එය වෙනි­සි­යු­ලාවේ හමුදා මෙහෙ­යු­මට වඩා බර­ප­තළ වනු ඇති බව­ටත් අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා අන­තුරු අඟවා තිබේ. ඉරාන ජනා­ධී­ප­ති­ව­රයා ප්‍රකාශ කර ඇත්තේ තර්ජන, ගර්ජ­න­ව­ලින් ඉරා­නය සාකච්ඡා මේස­යට කැඳ­විය නොහැකි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *