ටොරොන්ටෝ වෙඩි තැබීමේ සැකකරුවක් සොයා විමර්ශණ ඇරැඹේ.

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලැබීමෙන් පසු සැකකරුවන් තිදෙනෙකු සොයා පරීක්ෂණ සිදුවන බව ටොරොන්ටෝ පොලිසිය පවසයි.

එදින රාත්‍රී 8:40 ට පමණ, වෙඩි තැබීමක් පිළිබඳ වාර්තා වු අතර යෝර්ක්ඩේල් සාප්පු සංකීර්ණය අසල ෆ්ලෙමින්ටන් පාර සහ සැකරි උසාවිය ප්‍රදේශයේ මෙම සිදුවීම වාර්ථා විය. පොලිසිය සහ වෛද්‍යවරු සිද්ධිය වූ ස්ථානයට ගිය අතර, තුවාල ලැබූවන් රෝහල් ගත කීරීමට පියවර ගෙන ඇත. වෙඩි වැදී සිටි පුද්ගලයින්  හය දෙනෙකු මෙලෙස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

එම පිරිස අතර තුවාල සහිත පිරිමින් හතර දෙනෙකු සහ එක් කාන්තාවක් සිට තිබිණි. තවත් පිරිමි පුද්ගලයෙකු රෝහල් ගතකරන විටත් මියගොස් සිටි  බව පොලිසිය විසින් තහවුරු කරන ලදී.රාජකාරියේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරි බහීර් සර්වානන්දන් වාර්තාකරුවන්ට පැවසුවේ මෙම සිදුවීමෙන් මහජන ආරක්ෂාවට කිසිදු අවදානමක් නොමැති බවයි.

පසුදා, බදාදා පස්වරුවේ, රහස් පරීක්ෂක සැරයන් ටිෆනි කැස්ටෙල් පැවසුවේ, ප්‍රහාරය සදහා සැකකරුවන් තිදෙනෙකු පැමිණ සිටි බවයි.ඔවුන් එම ස්ථානයෙන් පලා යාමට පෙර “පුද්ගලයින් පිරිසකට වෙඩි තැබූ” බවත් ඇය ප්‍රකාශ කළාය. තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ වයස අවුරුදු 17 ක් බවත්, මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 31 ක් බවත් ඇය පැවසීය. මේ වසරේ මේ දක්වා නගරයේ සිදු වූ 13 වන මනුෂ්‍ය ඝාතනය මෙයයි.

සැකකරුවන් පිරිමින් ලෙස විස්තර කර ඇති අතර, සිහින් සිට සාමාන්‍ය ශරීරයක් ඇති, අඳුරු ඇඳුම් ඇඳ සිටි සහ මුහුණු ආවරණය කර ගත් අය වෙති. පොලිසිය පැවසුවේ තිදෙනාම ආයුධ සන්නද්ධව සිටි බවයි.වෙඩි තැබීම ඉලක්ක කරගත් එකක් බව කැස්ටෙල් පැවසූ නමුත් එය කල්ලියකට සම්බන්ධද යන්න පිළිබඳව අවධානය යොමු කළේ නැත. එමෙන්ම නගරාධිපතිනි ඔලිවියා චව් පසුගිය අඟහරුවාදා X හි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම සිදුවීමෙන් තමා “කලබලයට පත් වූ” බවයි. ඇය වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට ශෝකය පළ කළාය.”ටොරොන්ටෝ පොලිසිය මගේ කාර්යාලයට තොරතුරු ලබා දී ඇති අතර ඔවුන් තත්වය සක්‍රීයව විමර්ශනය කරමින් සිටී,” ඇය පැවසුවාය.තවද සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු ඇති ඕනෑම අයෙකු පොලිසිය හා සම්බන්ධ වන ලෙස ඇය ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *