
ඉන්ද්‍රාණි පෙරේරා කියන්නේ මට සෑහෙන්න විශේෂ මනුස්සයෙක්. හේතුව අපේ අම්මා. "අර දත් බොල්ලෑ එක්කෙනා ද ඔයාගේ අම්මා?" කියල අහන්න බැරිකම නිසා ගොඩක් අය මගෙන් ඉස්සර අහන්නේ "අර ඉන්ද්‍රාණි පෙරේරා වගේ කෙනා නේද ඔයාගේ අම්මා?" කියල. මම "ඔව්" කියනව. දත් සෙට් එක විතරක් නෙමෙයි අම්මගේ වොයිස් එකත් ඒ වගේ ම හෙන ලස්සන බව උත්තරේ අගට එකතු කරනව. මට කවදාවත් ඉන්ද්‍රාණි පෙරේරව කැත ගෑණියෙක් (සමහරු කියන විදිහට) පෙනිල නැහැ. මිනිස්සු මොන අර්ථෙන් අපේ අම්මා ඉන්ද්‍රාණි පෙරේරා වගේ කිව්වත්, අපි සහ අපේ මැතිණියත් ඒක සැලකුවේ හෙන කම්ප්ලිමන්ට් එකක් විදිහට.

වැඩ කරන පන්තියේ මනුස්සයෙක් වුණ අපේ ඩැඩාට, ජෝතිලා මිල්ටන්ලා තරමටම ක්ලැරන්ස් ඇනෙස්ලිලා සමීප නැති නිසා, 70 දශකේ පොප් කැරැල්ල ගැන මගේ දැනුම ඉතා අල්පයි. අනික මං කොහොමත් කලාව රසවිදිනව ඇරෙන්න කලාකාරයන්ගේ අක්මුල් හොයන්න නොයන නිසා (ඒවා හෙව්වම උන්ව එපාවෙනව), මූන්ස්ටෝන්ස් කියන බෑන්ඩ් එක ගැන හෝ ත්‍රී සිස්ටර්ස්ලා ගැන හෝ The Golden Chimes ගැන මට අදහසක් නැහැ. ඉන්ද්‍රාණි පෙරේරා කසාද බැදල ඉන්නේ ඇනෙස්ලි මාලේවන කියල අවුරුදු 25ක් විතර වෙනකන් හිතාගෙන හිටිය එකෙන්,මගේ කලා දැනුමේ ප්‍රමාණේ ගැන මැනගන්න පුළුවන් වෙයි කියල හිතනව.

මං Rhythm of the Guitar හෙවත් ක්ලැරන්ස් බලන්න යන්නේ හුදෙක්ම ක්ලැරන්ස්ගේ යුගේට සහ ඉන්ද්‍රාණි පෙරේරට ආදරේ කරන මනුස්සයෙක් වශයෙන්. ඉන්ද්‍රාණිගේ චරිතය නිරූපණය කරන්නේ දිනක්ෂි බව දැකපු පළවෙනි මොහොතෙම මේ චිත්‍රපටිය නොබලන බවට තීරණය කරත්, මිතුරු ලැයිස්තුවේ ඉන්න විශ්වාස කළ හැකි කිහිපදෙනෙක්ගෙ ම රෙකමදාරුව මත මම තීරණය කරා කතාව බලනව කියල. මං ලියන මේ හෑල්ල කියවල චිත්‍රපටිය බලනව ද නැද්ද කියල තීරණේ කරන්න නම් ඔයා ඉන්නේ, මට කියන්න තියෙන්නේ අනිවාර්‍යයෙන් ගිහින් බලන්න කියලා. ක්ලැරන්ස්ගේ අපි ආදරේ කරන සිංදු සෑහෙන්න ප්‍රමාණයක් ලස්සනට එකතු කරල, මාර ම ලස්සන cinematography එක්ක කරපු, සෑහෙන්න ඉන්ටර්ටේනින්ග් වැඩක් මේක. අනික මං වගේ බැක්ග්‍රවුන්ඩ් ස්ටෝරියක් නොදැන යන කෙනෙක්ට වුණත් ක්ලැරන්ස්ගේ සංගීත ජීවිතේ ආරම්භය ගැන වගේ ම අපි ආදරේ කරන සිංදුවල පසුබිම් කතා ගැනත් හොඳ අදහසක් ගන්න පුළුවන් විදිහට චිත්‍රපටිය හදල තියනව. ඒ වගේ ම ප්‍රධාන චරිතේ නිරූපණය කරන නළුවා සහ ප්‍රධාන නිළියගේ චරිතෙට පණපොවන නිළිය තමන්ගේ කුළුදුල් රංගන අභියෝගය ඉහළින්ම ජය අරගෙන තියනව. විශේෂයෙන් ම ක්ලැරන්ස්ගේ චරිතයට උපරිම සාධාරණයක් දමිත් කරා කියල මම විශ්වාස කරනව (දෙයියනේ ඒ මනුස්සයා පුදුම ලස්සනයි!!!) අධ්‍යක්ෂකතුමාගේ පළවෙනි චිත්‍රපටිය වුණ ආශාවරි කියන්නේ ජරා ම ජරා ගොඩක් වුණාට, Rhythm of the Guitar කියන්නේ ඊට හත් ගව්වක් ඉදිරියෙන් තියන්න පුළුවන් චිත්‍රපටියක්. ඒ නිසා මේ තියටර් අත්දැකීම මිස් කරගන්න එපා!
............................................................................................
බලලා ඇවිත් මේ ටික කියවන්න
චිතපටියේ පළවෙනි අර්ධය සෑහෙන්න හොඳයි. කොයිතරම් හොඳ ද කියනව නම් සෑහෙන්න දඩාර චූ බරකුත් හිරකරගෙන පළවෙනි පැයේ මං හිටියා, සීට් එකෙන් නැගිටලා යන්න ලෝබකමට. හැබැයි පීක් එකට ආවට පස්සේ දිගින් දිගටම පෙනුනේ කතාව අයාලේ යන බව විතරයි. ක්ලැරන්ස්ගේ මියුසික් කරියර් එක සුනඛයට දාලා, ප්‍රේම කතාවට අනවශ්‍ය විදිහට ෆෝකස් කරන්න ගිහින් දෙවෙනි බාගේ විනාස කරගෙන තිබුණා. ඉන්ද්‍රාණි චරිතෙට දිනක්ෂිව ගත්ත එක ගැන මොන චෝදනා තිබුණත්, ඕවර් ඇක්ටින් දඟලානා නැතුව, තමන්ගේ චරිත හොඳටම කරපු කිහිපදෙනා අතරේ දිනක්ෂි ඉන්නව. ඒත් 'ඔබ සොයනා කළු කෙල්ල මමයි' කියපු ඉන්ද්‍රාණි වෙනුවෙන් ගන්න තරම් නිළියක් ලංකාව ඇතුළේ හිටියේ නැද්ද කියන උභතෝකෝටික ප්‍රශ්නේ මට වගේ ම මේ නිර්මාණේ නරඹන අනිත් ප්‍රේක්ෂකයන්ටත් ඉතුරු වෙයි කියල මං හිතනව. ෆර්නි රෝෂනි කියන දක්ෂ නිළිය මංගෝ නැන්දගේ චරිතේ අස්සට දාලා දෙන ගොන් ආතල් සහ බලෙන් හිනාගස්සන්න ඔබ්බල තිබුණ දර්ශන සහ දෙබස් ඉතා ම (ඉතා ම!!!!) ගොන්! බන්දු සමරසිංහ පන්නයේ ගොබ්බ ජෝක් ඒවා. ඒ වගේ ම ඩබින්ග් ගැන සෑහෙන්න හිතන්න තිබුණා මේ වගේ මියුසිකල් වැඩක් කරද්දි. "ආහ් දැන් උඹේ දෙබස් ටික කියපං" කියල ඩිටෙක්ටර් අණ කරා වගේ, ස්ක්‍රිප්ට් එක ඔහේ කියෝගෙන ගියපු නළු නිළි කැලක්ම නිර්මාණේ ඇතුළේ හිටියා. ඒ වගේ ම අවසානේ ඉතා ම අවුල්. දඩිං බිඩිං ඩොං ගණයේ එන්ඩින්ග් එකක් ඒක. ක්ලැරන්ස්ගේ සිංදු සෙට් එක නිසා ම ජාමේ බේරගෙන මූවි එක දිව්ව ද කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් තිබුන අඩුපාඩු ගොඩ දකිද්දි. කොයිතරම් බැන්නත් මේක බලන්න යන්න කියන්නේ, සිංහල සිනමාවට අතදෙන්න මඟුලක් නිසා නෙමෙයි; සිංදු ටික බිග් ස්ක්‍රීන් ඇහෙද්දි දැනෙන හැඟීම මාර ආතල් නිසා. ඒත් ක්ලැරන්ස්ගේ මං ආස ම සිංදුව වුණ,
රන් සමනළයින් ඉගිළෙනු දැක මට
ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
රන් සුරපුරකට මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිලි එනවා..... සිංදුව dolby atmos හරහා අහන්න නොලැබුණ එක විසාල දුකක්! හැබැයි ඕක කියන්න ගියා නම් ශීලා රෙද්ද උස්සන් එන දර්ශනේකුත් චිත්‍රපටියට දාන්න සිද්ධවෙන නිසා, සිංදුව අයින් කරපු එක සාධාරණයි
Rhythm of the Guitar | 2025
https://www.facebook.com/blu.bee.73

ඊයෙ රෑ ක්ලැරන්ස්- රිදම් ඔෆ් ගිටාර් බලන්න යන්න තැනක් හෙව්වා. හැමතැනම හවුස්ෆුල්. අන්තිමට සැවොයි ප්‍රිමියර් එකේ ඉඩ තිබුන. නයින් තර්ටි ෂෝ එකට ඒකට ගියා. (යන්න නං එපා, සීතල වැඩියි ඉන්න බැරි තරමට).
පුදුම ලස්සන චිත්‍රපටියක්.. වැඩිය කිසි අපභ්‍රංසයක් නැතුව හරිම සිම්පල් කතාවක් හීනයක් වගේ කියාගෙන යනවා. ඒක නොස්තැල්ජියානු අතීතයට යන්න හදපු සුන්දරම පාලමක් කියන්න පුළුවන්. මං කිසි දවසක ලංකාවෙ ඒ තරම් විඳින්න පුළුවන් මියුසිකල් එකක් බලලා නෑ.
ක්ලැරන්ස්ගෙ සිංදු සුරේෂ් මාලියැද්ද රීමේක් කරලා තිබුනා උපරිමේටම දැනෙන්න. ක්ලැරන්ස් වෙනුවට ඒ සිංදු කියන්නෙත් සුරේෂ්. ෆිල්ම් එකේ ලොකුම බර තියෙන්නෙ සංගීතය කොටසෙ. ඒක දීලා තිබුන වහරෙන් කිව්වොත්, 'දොඹෙන් යන්න'.
සවුන්ඩ් ඔෆ් මියුසික් වගේ හරිම 'ඉනසන්ට්' චමත්කාරයක් චිත්‍රපටිය පුරාවටම පිරිලා තිබුන. ක්ලැරන්ස්ගෙ ඇත්ත කතාවද කියල හරියටම කියන්න බැරි වුනත් රාගික ප්‍රේමය සහ දිව්‍යමය ප්‍රේමය දෙපැත්තට ගමන් කරන සංගීතකාමී තරුණයෙකුගේ දැකලා පුරුදු සරල ප්‍රේම කතාවක් ඒක. තෝරගෙන තියෙන ලොකේෂන්, ආර්ට් ඩිරෙක්ෂන්, වර්ණ ගැන්වීම් මේ හැමදෙයක්ම අර සරල ආස්වාදයේ මීදුමක් තරම් සැහැල්ලුවෙන් පාවෙන්න උදව් කරනවා.
රංගනයෙ ගොඩක් දුර්වල තැන් තිබුන. ඒත් ඒ කිසිවකින් චිත්‍රපටියෙ රසයට බාධාවක් නෑ. වැඩියෙන්ම දුර්වල බවක් පෙන්නන්නෙ ක්ලැරන්ස්ට රඟපාන ප්‍රධානම චරිතෙ වුනත් ඒ දුර්වල බවත්, නවක බවත් ආස්වාදය තවත් වැඩි කරනවා කියන එකයි මගේ හැගීම.
ඉන්ද්‍රානිගෙ චරිතය කරන දිනක්ෂිව මේ සියල්ල මැද මට හොඳටම වැදුන. ඒ චරිතයට දිනක්ෂිව තෝරාගැනීමමත් මරු (ත්‍රී සිස්ටර්ස්ම ඉන්නවා). එයා ඒකට එකතු කරන කලර් එකත් මරු. ඉන්ද්‍රානිගෙ ඇතුලත යමක් සන්නිවේදනය කරන ජනප්‍රිය හැඩයක් දිනක්ෂි ඒ චරිතයට අරගෙන එනවා කියල මට හිතුන. විශේෂයෙන් ඉන්ද්‍රානිව මුලින්ම මුනගැහෙන තැන ක්ලැරන්ස්ගෙ මතුවෙන අප්‍රසාදය නිසාම ඒ චරිතය වේදනාව මුසු රොමාන්තික තැනක පිහිටනවා.
චිත්‍රපටියක් බලලා ඉවර වුනාම (මේ වගේ ෆිල්ම් එකකින්) දැනෙන්න ඕන සතුට සැහැල්ලුව ආස්වාදය මුසු හිතේ තෙත්බරිත හැගීම උපරිමයට දැනෙන නිර්මාණයක්.
තේජා ආරාධනා කළත් එයාගෙ කලින් චිත්‍රපට බලලා මට හොඳක් කියන්න බැරි වුනා. ක්ලැරන්ස් බලලා කියන්න හොඳ ගෝනියක් තිබුනත් ඒක කියන්න තේජා අපි අතර නෑ. ඒත් මේ චිත්‍රපටය සමග තේජාගේ නික්මයාම ස්වර්ගමය එකක් බව නම් නිශ්චිතයි.
https://www.facebook.com/chinthanad

"කාටත් සුලභ අත්දැකීමක් වස්තුබීජ කරගෙන අපූර්ව නිර්මාණයක් කිරීම තමයි දක්ශ සාහිත්‍යකරුවාගේ හැකියාව". එහෙම තමයි ඉස්සර අපි ඉස්කෝලෙ සිංහල සාහිත්‍යය ඉගෙනගනිද්දි අපේ ටීච, මිස් දොඩන්වල කියලා දුන්නේ. මේ රූප රාමු දෙකේත් මම නම් දකින්නේ අන්න ඒක.
La La Land එකට පාධක වෙන්නේ 1940-50 වගේ කාල වකවානුවක්. ක්ලැරන්ස් Rhythm of the Guitar එකට පාදක වෙන්නෙත් 1960-70 දශක වගේ කාලවකවානුවක්. ඒ වගේ කාල වල පෙම්වතුන්ට මේක හරිම සුලභ අත්දැකීමක්. දැන් වගේ ප්‍රසිද්ධියේ අත් අල්ලගෙන ඉන්න, තුරුල් වෙලා ඉන්න, කිස් එකක් දෙන්න ඉඩකඩ නැති ඒ යුගයන් වල, පෙම්වතුන්ට පෙම්වතියන්ට, ලෝකෙ ඇස් වලින් මුවා වෙලා හරිම අහිංසක විදිහට පොඩ්ඩක් තුරුල් වෙලා ඉන්න, අත් අල්ලගෙන ඉන්න, හාදුවක් දෙන්න හොඳම තැන තමයි ෆිල්ම් හෝල්ස් කියන්නේ. මම මේ චිත්‍රපටි දෙකේම කියවෙන යුග වල ඉපදිලාවත් හිටපු නැති කෙනෙක් වුනාට මේ අත්දැකීම මටත් හිතට හරි සමීපයි. මොකද වාසනාවට හෝ අවාසනාවට ලංකාව ඉස්සරහට යන්නේ ලෝකෙ යන වේගෙට ටිකක් පිටිපස්සෙන්. ඉතින් අපි වගෙ 90s kidsලා මුලින්ම ආදරේ කරන්න පටන්ගත්ත කාලෙත් සිපවැළඳගෙන ආදරේ කරන්න නිදහස් තැන් අපිට තිබ්බේ නෑ. (මෙතන ඉඳන් ටිකක් පුද්ගලික අත්දැකීමක් කියන්නේ. කැමති නම් විතරක් කියවන්න).
ක්ලැරන්ස් Rhythm of the Guitar එකේ මේ සීන් එක දැකපු ගමන් මම නම් අවුරුදු 11කින් අතීතෙට ගියා. (La La Land එකේ දැකලා තිබුනා වුනත් මේ වගේ සීන් එකක් අපේ රටේ කතාවක, අපේ හමේ පාට නළුනිළියෝ දෙන්නෙක්ගෙන් දකිද්දි සමීපව දැනෙනවා වැඩියි). ඒ කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකේදි අපි දෙන්නා යලුවෙලා සතියක් වත් නැති කාලෙ. එකිනෙකාට කැමැත්ත ප්‍රකාශ කරලා යලුවෙලා හිටියට තාම හිටියේ, ආවෙ ගිය, කෑවෙ බිවුවේ අනිත් යාලුවෝ සෙට් එක එක්කමයි. දවසක් හදිස්සියේ ලෙක්චර්ස් කැන්සල් වෙලා ඊලඟට මොනවද කරන්නේ හිත හිත යාලුවෝ සෙට් එකම කැළණි කන්ද බහිනවා. සමහරු කියනවා ගෝල් ෆේස් යමු කියලා. සමහරු කියනවා ලිබර්ටි ප්ලාසා යමු කියලා, සමහරු කියනවා ලයිබ්‍රරියට ගිහින් කෝස්වර්ක් ටික ලියලා ඉවර කරගමු කියලා. එතකොට අපේ එක යාලුවෙක් අපි දෙන්නව පැත්තකට අඬගහලා කිවුවේ, "උඹලා දෙන්නට කැමති නම් කරන්න දෙයක් තියනවා. ෆිල්ම් එකක් බලන්න පලයං. Box යන්න එපා ගැලරියට වෙලා ෆිල්ම් එක බලලා හැඟීම් පාලනය කරගෙන ඉඳලා වරෙන්" කියලා. අපි දෙන්නත් ඉතින් බස් එකේ නැගලා කැම්පස් එකේ ඉඳන් හෝල්ට්ස් දෙකක් විතර එහා තියන කොන්ට්‍රාස් එකට ගියා. දැන් නම් කොන්ට්‍රාස් ෆිල්ම් හෝල් එක එතන නෑ. ඒ වෙනුවට තියෙන්නේ බැරිස්ටා එකක්. (සමහරවිට දැන් පෙම්වතුන්ට ෆිල්ම්හෝල් එකකට වඩා මුණගැහෙන්න හොඳ තැනක් වෙන්න ඇති ඒ වගේ කොෆී ශොප්ස්). බලපු ෆිල්ම් එක සැමී ගේ කතාව. එතනින් එහාට වැඩි විස්තර ලියන්නේ නෑ. ඒත් මෙහෙම කියන්නම්. ශීලා / Mia පරක්කු වෙලා දුවගෙන එන ටික ඇරුණම එතන ඉඳන් මේ සීන් එකේ අනිත් හැම රූප රාමුවකම වගේ frame-by-frame මතකයක් මට තියනවා. මට හොඳටම විශ්වාසයි, ඒ විදිහේ frame-by-frame මතකයක් තියන අය තව ඕනි තරම් ඇති.
අපිට හිතට කාවදින නිර්මාණ කියන්නේ අන්න ඒ වගේ සුලභ අත්දැකීම් තිරයක් උඩ හරි, පොතක පිටු අතරේ හරි, සිංදුවක් ඇතුලේ හරි ප්‍රතිනිර්මාණය වෙච්ච අවස්ථා තමයි. එතකොටයි ඒ නිර්මාණය අපේ කරගෙන ඒ නිර්මාණය ඇතුලේ ජීවත් වෙමින් අපිත් ඒක විඳින්නේ. මේ ෆිල්ම්ස් දෙකේම මේ සීන් එක කියන්නේ එහෙම moment එකක්. ඒක La La Land ද, ක්ලැරන්ස් Rhythm of the Guitar ද කියලා අදාළ නෑ. ඒක ඩේමියන් චැzඅල් මුලින් නිර්මාණය කරලා ඊට පස්සේ තේජා ඉද්දමල්ගොඩ ඒක කොපි කරාද කියන එක අදාළ නෑ. ඒක කොතනද කාටද ඉස්සෙල්ලා දැනුනෙ කියලා timestamp එකක් ගහන්න බැරි සුලභ ඒත් අපූර්ව අත්දැකීමක්. ඒ අත්දැකීමට ප්‍රේක්ශකයා අතරට ගෙනියන්නේ ලොස් ඇන්ජලිස් වල සෙබ් සහ මියා ගේ කතාවෙන්ද, නැත්තම් අපේ ලංකාවේ ක්ලැරන්ස් සහ ශීලා ගේ කතාවෙන් ද කියන එක අදාළ නෑ. ඒ අත්දැකීමට පණ දෙන්නේ ඔස්කා සම්මාන ලාභී / නිර්දේශිත රයන් ගොස්ලිංග් සහ එමා ස්ටෝන් ද නැත්තම් කුළුඳුලේම තිරයට හඳුන්වා දෙන අපේ දමිත් (Damith) සහ නිහාරි (Nihari) ද කියන එක අදාළත් නෑ. එතන පසුබිමෙන් ප්ලේ වෙන්නේ Rebel Without a Causeද, ක්ලැරන්ස් ගේ "සිහින ගෙනෙන ඔබ" ද කියන එක අදාළත් නෑ. ඒ කොයි මාද්‍යයෙන් හරි, පසුතල, නළුනිළියන්, සිංදු, සංගීතය කියන හැම සංගඨකයම එකතුවෙලා, ඒ සුලභ අත්දැකීම විඳපු හැම කෙනාටම ඒ scene එක ඇතුලේ අපූර්වත්වයක් දැනුනා නම්, ප්‍රේක්ශකයාව ඒ මොහොතට අරන් ගියා නම්, ඒක තමයි නිර්මාණකරුවාගේ සාර්ථකත්වය. මට නම් ඒක පුද්ගලිකව දැනෙන්නේ කොපියක් විදිහට නෙවෙයි. මේ අත්දැකීම, මේ ෆීලිංග් එක ඉස්සෙල්ලම විඳේ මෙයාලයි, මේකයි ඔරිජිනල් එක කියලා කොපිරයිට් එකක්, පේටන්ට් එකක් ගහලා සීමා කරන්න බැරි සුලභ ඒත් අපූර්ව අත්දැකීමක්, ඒ අපූර්වත්වයට අංශුමාත්‍ර හානියක්වත් නොකර නැවත් තිරය මත මැවීමක් විදිහටයි මම නම් ඒක දකින්නේ. ඒකත් කරන්න ලේසි දෙයක් නෙවෙයි.
- මානසී -
Clarence Movie Talk – ක්ලැරන්ස් රසිකයන්ගේ වේදිකාව

ක්ලැරන්ස් එක්ක මා විඳපු ලස්සන පැය කිහිපයක්. ස්තූතියි.
කාලෙකට පස්සේ මම බලපු හොඳම චිත්‍රපටියක් තමයි ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ජීවිත කතාව ඇසුරෙන් හදපු "Rhythm of the Guitar: Clarence" චිත්‍රපටය. මම එදා ඉඳලම ක්ලැරන්ස්ට කැමතියි. ඔහුගේ ගීතවල තිබෙන සරල බවට සහ ඒවායේ තිබෙන අර්ථයට වගේම සුන්දරත්වයට මම කැමතියි.
මේ චිත්‍රපටිය හදල තියෙන්නේ ක්ලැරන්ස්ගේ ජීවිත කතාව ඇසුරින්. දිවංගත තේජා ඉද්දමල්ගොඩ මහතා අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කර තිබෙන්නේ මා මිත්‍ර තුසිත විජයසේන මහතායි. මට සිතෙන්නේ ඔවුන් මේ හරහා දැවැන්ත කාර්ය භාරයක් සිදුකර ඇති බවයි.
70, 80 දශකයේ ක්ලැරන්ස්, ඇනස්ලි, ඉන්ද්‍රානි එකතුව පිළිබඳව සහ moonstones සහ පසුව Super Golden Chimes සංගීත කණ්ඩායම්වල රසමුසු තැන් මෙම චිත්‍රපටිය තුළින් රසවත්ව දිග හැරෙනවා. මේ සඳහා රංගනයෙන් දායකවන කණ්ඩායමත් ඒ අතීතය වර්තමානය තුළ අප ඉදිරියේ මැවීමට සමත්වී තිබෙනවා. මා විඳපු ලස්සන පැය කිහිපයක්. මෙම නිර්මාණයට දායක වූ හැමෝටම ස්තූතියි.
https://www.facebook.com/harshadesilvamp
සිංදු පහයි, ෆයිට් තුනයි, කොල්ලයි, කෙල්ලයි, දුෂ්ටයයි, සැතිරියයි, ජෝකරුයි, යාළුවො සෙට් එකයි, ක්ලබ් එකයි, කැබරේ නැටුමයි එක්ක අපිට ජීර්ණය වෙලා තියෙන නොස්ටලජියාව මොහොතකට අවදි කරපු නිර්මාණයක් විදිහට තමයි ' ක්ලැරන්ස් Rhythm Of The Guitar ' හඳුන්වන්න වෙන්නෙ.
ක්ලැරන්ස් බයෝපිකාව පැත්තකින් තිබ්බත් මේකෙත් ඒ පස්පංගුව නොඅඩුව තියෙනව. අකලට වට මහ වරුසාවක් සේ ආව හින්දද මන්ද කට්ටිය කලබල වෙලා ' මෙන්න මේවනෙ බයිස්කෝප් ' කියන තත්ත්වෙට වැටිලා. ඇත්ත... මහ සෙනගක් මැද්දෙ සිනමා ශාලාවක විශාල තිරයක චිත්‍රපටියක් නරඹන එක තරම් ආශ්වාදයක් තවත් කොහෙද? ඒ ෆිල්ම් එක ලස්සන ආදර කතාවක් වෙනවනං.... කොල්ලයි කෙල්ලයි ලස්සනනං... පිළුණු වෙච්ච නැති උණුඋණුවේ බඩු දෙකක් නං ( ගෙදර ගිහිල්ල tv ..එකේ බලන්න බැරි ) ප්‍රශස්ත මට්ටමක නැතත් හොඳට රඟපානවානං, හිතට වදින සින්දුත් තියෙනවනම්, පවුලේ කට්ටියත් එක්ක කැත නැතිව බලන් ඉන්නත් පුලුවන්නම්, තවත් මොනවද?
මේක ක්ලැරන්ස් විජේවර්ධනගේ A-Z ජීවිත කතාව හෝ සංගීත කතාව නොවෙන්න පුළුවන්. සමහර chapters එහෙම පිටින්ම හැලෙන්නෙ ඇනස්ලි මාලේවන ගේ දෘෂ්ටි කෝණයෙන් නිර්මාණය වෙන හින්ද නිසා කාටවත් ඒ ගැන ප්‍රශ්න කරන්න අයිතියක් නෑ.
අධ්‍යක්ෂක තේජා ඉද්දමල්ගොඩ මුහුණදෙන ප්‍රධානතම අභියෝගය තමයි ක්ලැරන්ස් ගේ මුතුවන් ගීත ටික පෙර රසය නොනැසෙන පරිදිම නව පරපුර වෙත ගෙනයාම. එහිදී ඔහු ගීත පොඩ්ඩක්වත් වෙනස් නොකර ක්ලැරන්ස් ව වෙනස් කරනව.
සාමාන්‍යයෙන් ක්ලැරන්ස් නිතර ගිටාර් එක අතැතිව සිටින, ගීත ලියන,ගීත ගයන,තනු නිර්මාණය කරන, සිගරැට්ටුවක් බොන, මදුවිතක් තොලගාන රසවතෙක්.

චිත්‍රපටියේ ක්ලැරන්ස් වෙනස්.ලොකු වැඩක් කරන බවක් එහෙමට පෙන්නේ නෑ.අධ්‍යක්ෂ වරයා විසින් ඔහුව වගකීම් වලින් නිදහස් කර ඇති බවත්, ඇනස්ලිට වැඩි කොටසක් පවරා ඇති බවක් තමයි පෙනෙන්නෙ. (තාක්ෂණික ප්‍රශ්නයක් වෙන්න ඇති.)හැබැයි අධ්‍යක්ෂක වරයා තම ඉලක්කයට යන්න පාලමක් හැටියට පාවිච්චි කරන්නෙ මේ චිත්‍රපටියේ ක්ලැරන්ස් ව. නොහොත් අඩි 6 අඟල් 1 උස නවක නළු දමිත් විජයතුංගව. ඔහු ඒ වැඩේ හරියටම කරනවා.සැබෑ ක්ලැරන්ස් සජීවීව ගායනා කරන විලාසයටම සිනහවට අමතරව අභිනයෙන් දෙයක් එකතු කරනව. ඒක හරිම unique.හරියට රාජේශ් ඛන්නා ටම ආවේනික ඇස් වසා හිස ගැස්සීම වගේ ඉරියව්වක්.මේ කැරිස්මාව ( charisma ) දමිත් චිත්‍රපටිය පුරාවටම පවත්වාගෙන යනව.ප්‍රශස්ත නොවූවත් ඔහු අනායාසයෙන් කරන රඟපෑම එක්ක එන ආධුනික බවත් මේ ආකර්ෂණයට හේතුවක් වී ඇති බවකුයි හැඟෙන්නේ. ඔහු සිටින රුප රාමුවල ඔහුගෙන් තව කෙනෙකුට අවධානය නොයන්නෙත්, ඔහු නොසිටින රූප රාමුවක ඔහුත් සිටියානම් හොඳ යැයි කෙනෙකුට සිතෙන්නේත් ඒ නිසයි. මේ කරිස්මාව නොහොත් ප්‍රභාව නළුවෙකුට නිලියකට කලාතුරකින් ලැබෙන්නක්. මුල් කාලයේ ඒ වාසනාව ලැබූ අවසාන නළුවා සනත් ගුණතිලක විය යුතුයි.
චිත්‍රපටියේ වාසනාවට ශීලා ට රඟපෑ නිහාරී පෙරේරා ටත් මේ ප්‍රභාව නොඅඩුව තිබුණ.දෙදෙනා එකතුවෙන හැම අවස්ථාවකදීම රුපරාමුව පරිපුර්ණත්වයට පත්වන්නේ ඒ නිසයි. උදාහරණ ලෙස පල්ලිය තුල සමාව ඉල්ලීමේ දර්ශනය, සිනමා ශාලාවේ දර්ශනය, සඳ එක් දිනක් ගීතයට පසුබිම් වූ දර්ශනය.
ෆිල්ම් එක නරඹා ශාලාවෙන් පිටව යන රසිකයාව මතක හිටින්නෙ ගීත ටික විතරක් නෙවෙයි මේ scenes දෙකතුනත් කාලයකට අමතක වෙන්නෙ නෑ.
තේජා ඉද්දමල්ගොඩ ගේ චිත්‍රපටිය සිහිනයක් නම් ඒ සිහිනයෙන් අපිට අවදි වෙන්න නොදීම ට වගකිවයුතු දෙන්නෙක් ඉන්නවා.ඒ චූදිතයන් දෙදෙනා තමයි රුවන් කොස්තා සහ සුරේෂ් මාලියද්ද. කැමරාවයි, සංගීතයයි මේ රිද්මය හඳුනානොගත්තා නම් චිත්‍රපටිය වැටෙන්නේ ක්ලැරන්ස් වත් යටකරගෙනයි.
චිත්‍රපටියේ සාරංග දිසාසේකරගේ මාලේවන භූමිකාව දෙවෙනි වෙන්නෙ ක්ලැරන්ස් ට විතරයි. ඔහු චරිතය easy ගත්ත වැඩිද කියල හිතෙනව.ඇනෙස්ලි මාලේවන අනුකරණය කරන්න ඕනෙ නෑ. අඩුතරමින් අපි නොදන්න කවුරු හරි වගේ රඟපෑවත් කමක් නෑ කියල හිතෙන තරමට සාරංග සාරංගම වෙලා. අපි ඔහුගෙ විවිධ තල වල වෙනස් ශානර වල දක්ෂ රඟපෑම් දැකල තියෙනවනෙ. මේ ෆිල්ම් එකේදී ඒ අවාසිය වෙනකොට ඒ වාසිය යන්නෙත් රාමුවේ සිටින අනෙක් නළුවන්ටයි. ඒ මදිවට දිනක්ෂි ඉන්ද්‍රානි පෙරේරා වුනාම ඒ අවාසිය ඩබල් වෙනව.ඒ වුණාට දිනක්ෂි හොඳයි. ඕඩියන්ස් එකට ඇඩෙන්න රඟපෑවා. තිරයේ රඟපානකොට සමහර නළු නිළියන්ට වෙන අපහසුව දකිනකොට හිතෙනව මේ නළුනිලියන් ' Peoples Next Door ' තරම් සාමාන්‍යකරණය වීම මොනතරම් අපරාධයක්ද කියල.
මංගෝ ලෙස රඟපෑ ෆර්නි රෝෂනි මෙන්ම දුෂ්ටයාගේ භූමිකාව රඟපෑ මෞලී ද චිත්‍රපටියේ රිද්මය විසින් ඉල්ලා සිටින අධි රංගනයක නිරත වෙනව.මෙවන් සංගීතමය නිර්මාණවලදී එවන් චරිත හමුවීම ස්වාභාවිකයි. එමෙන්ම ශීලාගේ පියා ලෙස රඟපෑ ශ්‍රීමාල් සහ යෝජිත පෙම්වතා ලෙස රඟපෑ නළුවාද චිත්‍රපටියට ආලෝකයක් එක්කරනව.
ඒ අතරම කිවයුත්තේ මේ ශ්‍රී ලංකාවයි. මෙහිදී master piece බලාපොරොත්තු විය නොහැක අප ආදරයෙන් වැළඳගන්නා සිනමාවක වුව අපේක්ෂා නොකළ අතපසුවීම් තිබිය හැක.මෙහිදීද ප්‍රධාන චරිත තුන හැරුණුකොට අනෙකුත් නවක නළුවන් පෙනී සිටින දර්ශන තව සංවිධානය වුවානම් හොඳයයි සිතෙන්නේ ඒවා මේ කතාවේ තීරණාත්මක සන්ධිස්ථානයන් වන නිසාය.
දැන් මේ නන්දෙඩවිල්ලට තිත තැබිය යුතුය. අමතක වන්නට පෙර දෙයක් කිව යුතුය.
මම කටුබැද්දේ K Zone හි සිනමා හලේ ක්ලැරන්ස් නරඹා එන අතරතුර නිතර මතකයට ආපු චරිතයක් තිබුණා. රම්‍යා. මම ආශාවරී බලල තිබුනෙ නෑ. ඉතින් රම්‍යා කලු චරිතයක්ද සුදු චරිතයක්ද අදාල නෑ. ක්ලැරන්ස් හි දුටු හොඳම රඟපෑමක්.
දැන් දැන් box guitars වලට ඉල්ලුම වැඩිලු. සැන්දෑ සාදවලදී ක්ලැරන්ස් ගේ ගීත වැඩියෙන් කියවෙනවලු. හොඳයිනේ!
https://www.facebook.com/groups/655565127517097/user/100004676229765/
