ලංකාවේ පවුල් ලක්ෂයක් තවමත් එළිය බලන්නෙ කුප්පි ලාම්පුවේන්.

ශ්‍රී ලංකාවේ පවුල් ඒකක ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් තවමත් ආලෝකය සපයා ගන්නේ භූමි තෙල් ලාම්පුවලින් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වසරේ (2024) කරන ලද ජන හා නිවාස සංගණනයේදී අනාවරණය වී තිබේ.

ඒ අනුව, දිවයිනේ ගෘහ කාණ්ඩ 6,111,315 ක් අතුරින් 95,150 ක තවමත් ආලෝකය සපයා ගනු ලබන්නේ භූමි තෙල් ලාම්පුවලිනි.

ආලෝකය ලබාගැනීම සඳහා ප්‍රධාන ප්‍රභවය ලෙස භූමිතෙල් වැඩි වශයෙන් යොදාගන්නා දිස්ත්‍රික්කය වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගෘහ කාණ්ඩ 8,332 කද, රත්නපුර දිස්ත්‍රික්කයේ ගෘහ කාණ්ඩ 6,656 කද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෘහ කාණ්ඩ 5,908 කද ආදී වශයෙන් ආලෝකය සඳහා යොදා ගන්නේ භූමිතෙල් ලාම්පුය.

අනුරාධපුර, තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෘහ කාණ්ඩ 207 කද තවමත් අලෝකය සපයා ගනු ලබන්නේ භූමිතෙල් ලාම්පුවලිනි.

මේ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ ගෘහ කාණ්ඩ 3,366 කද, ගම්පහ දිස්ත්‍රික්කයේ ගෘහ කාණ්ඩ 4,340 කද, කළුතර දිස්ත්‍රික්කයේ ගෘහ කාණ්ඩ 1,136 ක ආලෝකය සපයා ගන්නා ප්‍රධාන ප්‍රභවය වන්නේ භූමිතෙල් ලාම්පුය. මහනුවර දිස්ත්‍රික්කයේ ගෘහ කාණ්ඩ 4,108 නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගෘහ කාණ්ඩ 3,524, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගෘහ කාණ්ඩ 3,057, යාපනය දිස්ත්‍රික්කයේ ගෘහ කාණ්ඩ 3,466 කද තවමත් ආලෝකය සපයා ගන්නේ භූමිතෙල් ලාම්පුවලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *