2026 ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා කැනඩා පිරිමි හොකී කණ්ඩායම එළිදක්වයි

පෙබරවාරි මාසයේ මිලාන් කෝර්ටිනා ක්‍රීඩා උළෙල සඳහා හොකී කැනඩාව  සිය ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් ඔලිම්පික් පිරිමි හොකී ක්‍රීඩක ලැයිස්තුව පසුගිය බදාදා එළිදැක්වීය.

දෙසැම්බර් 31 වන දින සම්පූර්ණ ලැයිස්තුව හෙළි කිරීමට පෙර කොනර් මැක්ඩේවිඩ් , සිඩ්නි ක්‍රොස්බි සහ නේතන් මැකිනන් වැනි හුරුපුරුදු නම් දැනටමත් කණ්ඩායමට ඇතලත්වී තිබිණි.

2025 පෙබරවාරි මාසයේ පැවති ෆෝ නේෂන්ස් ෆේස් ඕෆ් තරගාවලියෙන් පසු , කැනඩා කණ්ඩායම ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව ජයග්‍රාහකයින් ලෙස ඉස්මතු වීමෙන් පසු, NHL තරු ජාතික මට්ටමින් තරඟ වදින පළමු අවස්ථාව ද මෙයයි.

ක්‍රීඩක සම්පූර්ණ පෙළගැස්ම මෙන්න:

ඉදිරිපෙළ: මැක්ලින් සෙලෙබ්‍රිනි (සැන් ජෝස් ෂාක්ස්); ඇන්තනි සිරෙලි (ටැම්පා බේ ලයිට්නින්); සිඩ්නි ක්‍රොස්බි (පිට්ස්බර්ග් පෙන්ගුයින්); බ්‍රැන්ඩන් හේගල් (ටැම්පා බේ); බෝ හෝර්වාට් (නිව් යෝර්ක් අයිලන්ඩර්ස්); නේතන් මැකිනන් (කොලරාඩෝ ඇවලාන්ච්); බ්‍රැඩ් මාර්චන්ඩ් (ෆ්ලොරිඩා පැන්තර්ස්); මිච් මාර්නර් (වේගාස් ගෝල්ඩන් නයිට්ස්); කොනර් මැක්ඩේවිඩ් (එඩ්මන්ටන් ඔයිලර්ස්); බ්‍රේඩන් පොයින්ට් (ටැම්පා බේ); සෑම් රයින්හාර්ට් (ෆ්ලොරිඩා); මාර්ක් ස්ටෝන් (වේගාස්); නික් සුසුකි (මොන්ට්‍රියල් කැනේඩියන්ස්); ටොම් විල්සන් (වොෂින්ටන් කැපිටල්ස්)ආරක්ෂකයින්: ඩෲ ඩෝටි (ලොස් ඇන්ජලීස් කිංග්ස්); තෝමස් හාර්ලි (ඩලස් ස්ටාර්ස්); කේල් මාකාර් (කොලරාඩෝ); ජොෂ් මොරිස්සි (විනිපෙග් ජෙට්ස්); කොල්ටන් පැරයිකෝ (ශාන්ත ලුවී බ්ලූස්); ට්‍රැවිස් සැන්හයිම් (ෆිලඩෙල්ෆියා ෆ්ලයර්ස්); ෂියා තියඩෝර් (වේගාස්); ඩෙවොන් ටෝව්ස් (කොලරාඩෝ)

ගෝල රකින්නන්: ජෝර්ඩන් බිනින්ටන් (ශාන්ත ලුවී); ඩාර්සි කුම්පර් (ලොස් ඇන්ජලීස්); ලෝගන් තොම්සන් (වොෂින්ටන්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *