2026 කැනඩාවට ආර්ථික සංක්‍රමණිකයන් 240,000ක්

2025 මාර්තු මාසයේ පැවති කැනේඩියානු මැතිවරණයත් සමඟම, කැනඩාවේ වඩාත්ම විපර්යාසයකට භාජනය වුයේ එරට සංක්‍රමණ ප්‍රතිපත්ති. ලංකාවෙන් කැනඩාවට සංක්‍රමණය වීමට සිහින මවන ඔබට මෙම තොරතුරු ඉතා වැදගත් වේවි.

කැනඩා අගමැති මාර්ක් කාර්නි 2026 දී ඔහුගේ රජයේ සංක්‍රමණ කටයුතු පිළිබඳව ප්‍රමුඛතා නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඔහු එහිදී අවධාරණය කර සිටියේ දිගුකාලීන සංක්‍රමණ ස්ථාවරත්වය සහතික කිරීම සහ රටේ සංක්‍රමණ පද්ධතියේ “අඛණ්ඩතාවය” ඉහළ නැංවීම පිළිබඳව. ඒ වගේම කැනඩාවේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සහ තිරසාර සංක්‍රමණ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම කෙරෙහිත් ඔහුගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

මෑතකදී, Environics Institute නම්වූ පර්යේෂණ ආයතනය විසින් කරන ලද මත විමසුමකින් හෙළි වූයේ 58% ක කැනේඩියානුවන්ට හැඟෙන්නේ දැනට පවතින  ආගමන මට්ටම් කැනඩාවට ඔරොත්තු නොදෙන තරම් ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. සේවාවන්, නිවාස ඉදිකිරීම් වැනිදේ ශක්තිමත් නොකර සංක්‍රමණික සංඛ්‍යාවන් වැඩි කිරීම සම්බන්ධයෙන් හිටපු අගමැති ටෲඩෝ සහ ඔහුගේ රජය පසුගිය කාලයේ බොහෝ විවේචනයට ලක් වුනා.  කැනඩාවේ වේගයෙන් වර්ධනය වන ජනගහනය, නිවාස හා සෞඛ්‍ය සේවා වැනි පොදු සේවාවන් කෙරෙහි අධික පීඩනයක් එල්ල කර ඇති බව ආර්ථික විද්‍යාඥයින් පවා අනතුරු අඟවා තිබෙනවා.

2026 සඳහා නව ලිබරල් රජයේ සැලසුම් එකින් එක අරගෙන බලමු. 

  • ලිබරල් රජය 2026 සඳහා ස්ථිර පදිංචි ඉලක්කය, ඒ කියන්නේ Permanent Residency සංඛ්‍යාව මීට පෙර ඉලක්ක කරගෙන තිබු සංඛ්‍යාවට වඩා 21% ක පමණ පහත වැටීමක් ලෙස 500,000 සිට 380,000 දක්වා අඩු කරලා තිබෙනවා. 
  • තාවකාලික පදිංචිකරුවන් ලෙස දැනටමත් කැනඩාවේ සිටින සංක්‍රමණිකයන්ගෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් ස්ථිර පදිංචිකරුවන් කිරීමටයි කැනේඩියානු රජය අපේක්ෂා කරන්නේ.
  • 2027 වන විට තාවකාලික පදිංචිකරුවන් සංඛ්‍යාව කැනඩාවේ මුළු ජනගහනයෙන් 5% දක්වා අඩු කිරීමට රජය ඉලක්ක කරගෙන සිටිනවා.  වර්තමානයේ තාවකාලික පදිංචිකරුවන් සංඛ්‍යාව කැනඩාවේ ජනගහනයෙන් 6.2% ක් පමණ වෙනවා. 2025 දී, තාවකාලික පදිංචිකරුවන් 673,650 ක් සිටි අතර, එය 2026 දී 385,000 ක් හෝ 43% දක්වා සීමා කිරීමටයි රජයේ අදහස. කල් ඉකුත් වූ Visitor වීසා/තාවකාලික රැකියා වීසා ඇති අය ස්වේච්ඡාවෙන් පිටව යාමෙන් හෝ බලහත්කාරයෙන් පිටත් කර හැරීමෙන් මෙය සිදුවිය හැකියි. 
  • නමුත්, කැනඩාවේ සැලැස්මට අනුව, 2025 දී මිලියන 1.26 කට අධික තාවකාලික පදිංචිකරුවන් ඉවත්ව යනු ඇතැයි කර ඇති මේ පුරෝකථනය ගැන මහජනතාවට නම් ඇත්තේ සැකයක්.
  • ආර්ථික පන්තිය, ඒ කියන්නෙ Economic Immigrants කෙරෙහි අවධාරණය කිරීම කැනේඩියානු රජයේ ප්‍රධානම උපාය මාර්ගයක්. 380,000 න් 63-64% ක් ආර්ථික සංක්‍රමණිකයින් සඳහා වෙන් කරනු ලබන අතර අනාගතයේදී, එය කැනඩාවට ඇතුළත් වීමේ විශාලතම ප්‍රතිශතය වනවාට කිසිම සැකයක් නැහැ. සෞඛ්‍ය සේවා, කුසලතා සහ වෙළඳාම් වැනි තීරණාත්මක අංශවලට දක්ෂ සේවකයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමයි මෙහි අදහස. ප්‍රධාන අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර
  • සෞඛ්‍ය සේවා: විශේෂයෙන්ම නම් කරන ලද වෛද්‍යවරුන් සඳහා කඩිනම් වැඩ බලපත්‍ර දීමට සහ වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් ආකර්ෂණය කර ගැනීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට
  • කුසලතා සහිත වෙළඳාම්: කුසලතා සහිත වෙළඳුන් සඳහා අඛණ්ඩ අවශ්‍යතාවය.
  • පළාත් නාමයෝජනා වැඩසටහන් (PNP-Provincial Nominee Programs): පළාත් මගින් වැඩි අපේක්ෂකයින් නම් කිරීමට ඉඩ ඇති බැවින්, කලාපීය ශ්‍රම ඉල්ලීම් සපුරාලීම සඳහා PNPs සඳහා වැඩි ඉලක්ක.
  • ආර්ථික නියමු: දැනට පවතින කෘෂි ආහාර සඳහා නව ප්‍රවාහ සහ අත්ලාන්තික් සංක්‍රමණ වැනි ඒවාට අමතරව, රැකබලා ගන්නන්(caregivers) සඳහා විභවය.
  • ෆෙඩරල් ඉහළ කුසලතා: නිශ්චිත වෘත්තීන් ඉලක්ක කරගත් අධිවේගී ප්‍රවේශය
  • 2025 දී, කැනඩාව නව අධ්‍යයන බලපත්‍ර නිකුත් කිරීම, ඒ කියන්නෙ Student Visa නිකුත් කිරීම් සෑහෙන ප්‍රමාණයක අඩුවීමක් පෙන්නුම් කරලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුන් වන්නේ කැනේඩියානු රජයේ කප්පාදු කිරීම් සහ නව පළාත් සහතික කිරීමේ ලිපි (PAL-Provincial Attestation Letter) ඉදිරිපත් කිරීමේ අවශ්‍යතා හේතුවෙන්.  
  • 2026–2028 ආගමන මට්ටම් සැලැස්ම යටතේ, අධ්‍යයන බලපත්‍ර 408,000ක් දක්වා නිකුත් කිරීමට අපේක්ෂා කරයි, ඒවාට ඇතුළත් වන්නේ:                                              
  • නව ජාත්‍යන්තර සිසුන් සඳහා බලපත්‍ර 155,000 ක් 
  • සහ වත්මන් සහ නැවත පැමිණෙන සිසුන් සඳහා දිගු කිරීම් 253,000 ක් 
  • මෙය 2025 ඉලක්ක වලින් 7% ක අඩුවීමක් සහ 2024 මට්ටම් වලට වඩා 16% ක අඩුවීමක් නියෝජනය කරනවා, එය කැනඩාවේ ආගමන පද්ධතිය ස්ථාවර කිරීමට ගන්නා අඛණ්ඩ උත්සාහයක් පෙන්නුම් කරනවා.
  • කෙසේ වෙතත්, මේ PAL(Provincial Attestation Letter) පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි සිසුන්ට අවශ්‍ය වන්නේ නැහැ. 
  • College ඩිප්ලෝමා සිසුන්ට PGWP(Post-Graduation Work Permit) ලබා ගත හැක්කේ කැනේඩියානු ශ්‍රම වෙළඳපොලේ හිඟයක් ඇති ක්ෂේත්‍රයක උපාධිය සම්පූර්ණ කළහොත් පමණි. උදාහරණයක් ලෙස, සෞඛ්‍ය, තාක්ෂණය, ඉදිකිරීම් උපාධි සලකන්න පුළුවන්.
  • අනෙක් අතට, ශිෂ්‍ය බලපත්‍ර සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්නුම් කලද, සරණාගතයින්, ආරක්ෂිත පුද්ගලයින් සහ අදාළ කණ්ඩායම්වල වැඩිවීමක් පැහැදිලිවම පෙන්නුම් කරනවා. 
  • දිගු කලක් තිස්සේ රජයේ ඉලක්කයක් වී ඇති Quebec ප්‍රාන්තයෙන් පිටත  ප්‍රංශ භාෂාව කතා කරන සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව වැඩි කිරීම සඳහා 2026 වන විට මෙරටට පැමිණෙන සංක්‍රමණිකයින්ගෙන් 9% ක් සහ 2028 වන විට 10.5% ක් ප්‍රංශ භාෂාව කතා කරන සංක්‍රමණිකයින් සඳහා වෙන් කිරීමට රජය සැලසුම් කරලා තිබෙනවා.
  • කැනේඩියානු ආගමන පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සහ නීතිමය සහාය වැඩි කිරීම රජය යෝජනා කරන තවත් ක්‍රියාමාර්ගයන් දෙකක්. මේ මගින් කාලයක් තිස්සේ  ගොඩගැසී ඇති ඉල්ලුම්කරුවන්ගේ ලිපි ගොනු ප්‍රමාණය වේගයෙන් නිමකර තීරණ වේගවත් කිරීමටයි රජය අපේක්ෂා කරන්නේ. 
  • විශේෂයෙන්ම, 2025 දී හඳුන්වා දුන් Bill C-2-Strong Borders Act නම්වූ කැනේඩියානු රජයේ වැදගත් පනත මගින් සංක්‍රමණ සමතුලිතතාවය පවත්වා ගැනීමට රජය බලාපොරොත්තු වෙනවා. එමගින් අනිවාර්යයෙන්ම, දේශසීමා ආරක්ෂාව වැඩි දියුණු කිරීම මෙන්ම දැඩි වීසා පරීක්ෂා කිරීමද සිදුවේවි. 
  • 2026 සඳහා කැනඩාවේ අධිවේගී ප්‍රවේශය(Express Entry) ඉලක්ක ගත කාණ්ඩ පදනම් කරගත් දිනුම් ඇදීම් කෙරෙහිද රජය අවධානය යොමු කර තිබේ; සෞඛ්‍ය සේවා (විශේෂයෙන් කැනේඩියානු අත්දැකීම් ඇති වෛද්‍යවරුන්), STEM (Science, Technology, Engineering, and Mathematics), වෙළඳාම් සහ අධ්‍යාපනය වැනි ඉහළ ඉල්ලුමක් ඇති අංශ මේවාට අයිති වෙනවා. 
  • එමෙන්ම ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්, විද්‍යාඥයින් සහ හමුදා භූමිකාවන් සඳහා නව කාණ්ඩ සලකා බැලීමට රජය තීරණය කර තිබෙනවා.
  • අනෙක් සියළු කාණ්ඩ අඩු, වෙනස්වන සංක්‍රමණ භූ දර්ශනයක් තුළ සමස්ත ප්‍රංශ භාෂා කුසලතා ඇති තාවකාලික සේවකයින් රඳවා තබා ගැනීම සහ ගෙන්වා ගැනීම තමයි කැනේඩියානු රජයේ වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ.

ලිබරල් රජයේ දැඩි ආගමන පාලනයන් සහ ප්‍රතිසංස්කරණ පිටුපස ඇති සමස්ත අරමුණ වන්නේ නැවත කැනඩාවේ ආගමන පද්ධතියේ සමතුලිතත්වය සහ ස්ථාවරත්වයයි.

තවත් ලිපියක් සමඟ නැවත හමුවන තුරු, ඔබට ආයුබෝවන්!

මේ යූ ටියුබ් දිගුවෙන් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන් 

https://www.youtube.com/watch?v=2QpFzCtv6ik

Leave a Reply

Your email address will not be published. Required fields are marked *