ඉතාලි සංචාරයක මතකය


දක්ෂ මුර්ති ශිල්පී Michael Angelo ට දෙවන ජුලියස් පාප් වහන්සේ පැවරුවේ අති භාරදූර වැඩක් . ඒ Sistine Chapel එකේ සිවිලිමේ චිත්‍ර අදින්න . 1535-1541 අවුරුදු 6 ක් තිස්සේ ඔහු සහ පිරිස කල අගනා නිර්මාණ අදත් වතිකානුවට ගියොත් ඔබට බලන්නට පුළුවන් . අපි මේ යන්නෙ ක්‍රිස්තු භක්තිකයන්ගේ මහත් ගෞරවාදරයට පත්වුණු ලෝකයේ කුඩාම රාජ්‍යය වන වතිකානුව බලන්නයි . ඉතාලියේ රෝම නගරයට යාබදව තිබෙන වතිකානුව බලන්නට අප ගියේ පාප් වහන්සේගේ ගිම්හාන මාළිගාව නැරබීමෙන් අනතුරුවයි .


Castel Gandolfo

රෝම නගරයේ ඉදන් කිලෝමීටර් 25 ක තරම් දුරකින් නිස්කලංක ඉඩක පිහිටා තිබෙන පාප් වහන්සේගේ නිල ගිම්හාන මාළිගාව මෑතක් වනතුරු පැවතුණේ පොදු ජනතාවගෙන් වසන් කල පෞද්ගලික දේපලක් විදිහටයි . වෙනස්වන ලෝකයත් එක්ක බොහෝ දේ වෙනස් කල වර්තමාන පාප් වහන්සේගේ සුබවාදී දර්ශනය යටතේ උන් වහන්සේ භාවිතා නොකරන දිනවලදී ඔබට රෝමයට ගියොත් යන්නට පුළුවන් සංචාරක ආකර්ෂණ අතරට අළුතින්ම එක්වූ එකක් ලෙස එය හදුන්වා දෙන්නට පුළුවන් .


ඇල්බන් කදුකරයේ Lake Albano වලට මුහුණලා පිහිටා තිබෙන ඒ නිවස පිහිටි පරිසරය නම් හැබෑම ලස්සනයි . 17 වන සියවසේ ඉදිවුණු ධනවතුන්ගේ ගිම්හාන නිවාස රැසක් ඇති මේ ප්‍රදේශය රෝමයේ පැවති ඔලිම්පික් උළෙලේ ඔරු පැදීමේ ඉසව් සදහා භාවිතා වුණා .ක්‍රිස්තු පුර්ව 16 වන සියවසේ විසු Domitian නම් අධිරාජ්‍යයා මාළිගා සංකීර්ණයක් වූ මේ පරිශ්‍රය ගිනිකදු විදාරණයෙන් එක්වුණු සරු පසක් සහිත නිසා මේ මාළිගාවේ උද්‍යානය පාට පාට මලින් සහ සරු ගස් වලින් පිරී තිබෙනවා . Gondolfi පවුලෙන් මිලට ගෙන මෙහි ගිම්හාන නිවහනක් සකස් කලේ 1462 දී පියුස් පාප් වහන්සේ විසින් .

දෙවන ලෝක යුධ සමයේදී 7 වන පියුස් පාප් වහන්සේ විසින් මේ පරිශ්‍රය 12000 පිරිසකට සරණාගත කදවුරක් සහ එහි උපන් ළමුන් 36 දෙනෙකුට ළදරු පාසැලක් ලෙසින් ද ජනතා සේවයට යොදවා තිබෙනවා .

ලස්සන විශාල මන්දිරයක් වුණත් පාප් වහන්සේ එහි භාවිතා කරන කුටිය සරල එකක් . කාලයක් තිස්සේ විවිධ පාප් වහන්සේලා පරිහරණය කල ඇදුම් පැළදුම් ,ගෘහ භාණ්ඩ සේම නිල රථ මේ මන්දිරයේදී දකින්නට පුළුවන් . පාප් වහන්සේ වැඩ සිටින විට මැද මිදුලට රැස්වන ජනතාවට දේවාශිර්වාද කරන විශේෂ සදළු තලයක් මෙහි තිබෙනවා .මන්දිරය බලල ඉවරවෙලා අපි උද්‍යානය බලන්න විශේෂයෙන්ම සකස් කල රථයට නැගුනා . පෞද්ගලික රථ වාහන වලට අවසර නැති හින්ද ඔබට ඒ උද්‍යානය බලන්න පුළුවන් ඒ රථය තුල ඉදගෙන තමයි . ඒ සුවිසල් උද්‍යානය තුල කලාප රැසක් සේම කුඩා ගොවිපොලක් සහ අයිතිහාසික මාළිගාවක් තිබෙනවා . ඉඩක් තිබුණොත් බලන්න වටින කලාතුරකින් අවස්ථාව ලැබෙන එකක් .
අපේ චාරිකාවට අසල ගම්මානයේ අවන්හලකින් ඉතාලි සම්ප්‍රදායික දවල් කෑමක් වගේම වතිකානුවට සුවපහසු රථයකින් ගමන් පහසුව සලසලා තිබුණු හින්දා Lake Albano දිහා බලාගෙන පැය කිහිපයක් ගත කරන්නට අපට ඉඩ ලැබුණා .

අපි පාප් වහන්සේගේ ගිම්හාන මාළිගයෙන් වතිකානුවට ආවා . වතිකානු කෞතුකාගාරය අද්දර අපව කැදවාගෙන යන්න රෝමයේදී අප හමුවූ නියාමක වරිය සුදානමින් හිටියා. ඔබට සංචාරක නියාමක සේවය රහිතවත් මේ පරිශ්‍ර බලන්නට පුළුවන් . ඒත් අනවශ්‍ය තැන්වල කාලය නාස්ති කරමින් අවශ්‍ය තැන් අතහරින එකටත් කාල කළමනාකරණයටත් ඒ වගේ සේවයක් කණ්ඩායමක් විදිහට ගන්න එක හොදයි . අපි ශ්‍රව්‍ය සන්නිවේදකය කනේ ගහගෙන සිතියම අතට ගත්තා . ඇය පසුපස ගිහින් රෝමයෙන් වටවෙලා තියෙන හෙක්ටෙයාර් 44 ක ලෝකයේ කුඩාම රාජ්‍යය බලන්න පටන් ගත්තා .

Sistene Chapel

අළුතින් පාප් වහන්සේ කෙනෙකු පත්වුණු බව ලෝකයාට දන්වන චිමිනිය තිබෙන්නේ පාප් වහන්සේගේ නිල නිවස වන යුනෙස්කෝ ලෝක උරුමයක් වන මේ මන්දිරය තුලයි Baccio Pontelli සහ Giovanni De Dolci ගෘහ නිර්මාණ ශිල්පීන් නිර්මාණය කල මෙහි ඉදිකිරීම් නිමා වුනේ 1508 දී . ඒත් අද වනවිට මෙය මයිකල් ඇන්ජිලෝ විසින් ඇද තිබෙන The creation of Adam සහ The last judgement නිසා තවත් ජනප්‍රිය වී තිබෙනවා . 1984-1994 කාලයේදී කෙරුණු චිත්‍ර සංරක්ෂණය නිසා මෙහි ඇතුලත පැරණි බිතු සිතුවම් සේයාරූ ගන්නට අවසර නැහැ . සමහරු නම් කියන්නේ එය වෙළද උපක්‍රමයක් කියලයි . ඒ කොහොම වුණත් සෙනග රැස්කන , විශාල නිලධාරීන් පිරිසක් ඉන්න එතැන ඔවුනට හොරෙන් ෆොටෝ ගහන එක ලේසි වැඩක් නෙවෙයි .

ඔබ බදාදාවක හරි ඉරිදාවක ගියොත් ඔබට පාප් වහන්සේ බැහැ දකින්නත් ඉඩක් හොයාගන්න පුළුවන් වේවි . ඒ වගේම වතිකානුව ශුද්ධ ආගමික කලාපයක් හින්ද ගොඩනැගිලි ඇතුලත දී හිස් වැසුම් ඉවත් කරන්නත් , හොදින් ඇග වැහෙන ඇදුම් ඇදගෙන යන්නත් වග බලා ගන්න එක හොදයි . එහෙම නැත්නම් ඔබට සමහර තැන්වලට යන්නට බැරිවේවි .

Swiss Guards

වතිකානුවේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් සාම්ප්‍රදායිකව කැපවී ඉන්නා ස්විස් සොල්දාදුවන් බලන්න ලස්සනයි . ස්විස්ටර්ලන්ත හමුදාවේ සේවය කල අයවලුන් අතරින් අවිවාහක කතෝලික අවුරුදු 19-30 අතර තරුණයින් පිරිසක් මෙසේ පාප් වහන්සේගේ ආරක්ෂාව භාරව ඉන්නවා .

St. Peter’s Basilica

කලාකරුවන් රැසකගේ දායකත්වයෙන් 1626 දී ඉදිවූ මෙය ලෝකයේ තිබෙන විශාලතම කතෝලික පල්ලියයි . 80000 ක පිරිසකට රැස්විය හැකි ලෙසින් තනා ඇති මෙහි ඇති අල්තාරය අති විශාලයි . ලෝකයේ උසම Dome එක ලෙසින් නම් දරා තිබෙන මෙය අඩි 448.1 ක් උසයි . මියගිය පාප් වහන්සේලා කිහිප නමකගේ දේහයන් විශ්මිත අයුරින් දැකගැනීම සදහා මෙහි තබා තිබෙනවා .

St. Peter’s square

ලක්ෂ 4 ක තරම් සුවිසල් ජනතාවකට රැස්විය හැකි මේ චතුරශ්‍රය පිහිටා තිබෙන්නේ සුවිසල් ශාන්ත පීතර බැසිලිකාව ඉදිරිපිටයි .Gian Lorenzo Bernini ගේ හැඩ වැඩ සහ කැටයමින් වටවූ මේ පරිශ්‍රය සේයාරූ සදහා මනරම් පසුතල රැසක් මවනවා
කැනේඩියානු සංචාරයක මතකය


නයගරා ඇල්ල මගහැර නැව් යන හැටි බලා වරෙන්

කැනඩාවත් , ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර මායිමේ පිහිටි නයගරා දියඇල්ල ලොව වැඩි සංචාරක පිරිසක් නරබන අතිශය ජනප්‍රිය සංචාරක ඉසව්වක්. ටොරොන්ටෝවට නුදුරින් ජීවත් වන බොහෝ දෙනා සෑම ගිම්හානයකටම දවසක් හෝ මේ ඉසව්වට යන බව රහසක් නොවෙයි . සොබාදහමේ මහගු දායාදයක් වන නයගරා ඇල්ල ආශ්රිත සංචාරක බල ප්‍රදේශයට යනෙන සංචාරකයින්ට කරන්නට ඇති පදම් දේ තිබෙනවා . එහෙත් ඒ ඉසව්වට යන අයගෙන් කීයෙන් කී දෙනෙක් ඇල්ල බලනවා ඇරෙන්නට අසල ඇති තවත් වැදගත් තැන් මග හරිමින් කාලය නාස්ති කරනවාද ? . මේ මතකයන්ගේ අරමුණ ඊලග වතාවේ ඔබ නයගරා බලන්නට යනවිට ඒ තැන් වලටත් යන්නට අවස්ථාව උදා කර දීමයි .

පංච මහා විල් හරහා එකතුවන ජලය කැනඩාවේ ශාන්ත ලෝරන්ස් ගංගාව හරහා කිලෝමීටර 3769 ක් දුර ගෙවා අත්ලාන්තික් සයුරට එක්වෙනවා . අනුපිළිවෙලින් සුපිරියර් , මිචිගන් , හියුරන් , ඊරි විල් කරා එන ඒ මහා දියකඳ නයගරා ඇල්ල හරහා ගොස් ඔන්ටාරියෝ විලට එක්වෙනවා . ශාන්ත ලෝරන්ස් ගඟ ඇරබෙන්නේ ඔන්ටරියෝ විලෙන් . මේ මාර්ගය ප්රමුඛ නැව් මාර්ගයක් . වාණිජ නැව් මෙන්ම පෞද්ගලික යාත්‍රා ගමනා ගමනයේදී තිබු ප්‍රධානතම බාදකය වුයේ නයගරා ඇල්ල තරණය කිරීමයි .

කලක් තිස්සේ මිනිසුන්ට වදදුන් ඒ ගැටළුව විසදුණේ ඊරි විලත් ඔන්ටාරියෝ විලත් යාකරමින් තැනුණු කිලෝමීටර 43 ක් දිග වෙලන්ඩ් ඇල (Welland Canal) මගින් . 1824, 1839,1887 දී තැනුණු ඇලමාර්ග වැඩි දියුණු කරමින් අද භාවිතා වන වෙලන්ඩ් ඇල ඉදිකෙරුණේ 1913 දී . මිනිසුන් පඩිපෙලක් බසිනවා මෙන් තටාකයෙන් තටාකයට නැව් ඇතුල් කරමින් තැන් (Locks) 8 කදී එකී යාත්‍රා උස් පහත් කිරීම විදුලි සෝපානයක ක්‍රියාවලියට සමානයි .

වෙලන්ඩ් ඇල මධ්‍යස්ථානය සහ ගේට්ටු අංක 3 (Welland Canal Centre & Lock 3)

එලිසබත් රැජින අධිවේගී මාවත දිගේ ශාන්ත කැතරින් (St. Catherines) නගරය පසුකරද්දී හමුවන අහස් මංපෙත (Garden City Skyway ) මතදී ඔබ සමහරවිට මේ පරිශ්‍රය ඈතින් දැක ඇති . අංක 3 දරණ ගේට්ටුව හරහා නැව් ගමන් කරන වෙලාව අන්තර්ජාලයේ ඇති නිසා ඔබට පහසුවෙන් ගමන සැලසුම් කරගන්නට පුළුවන් . ජල තටාකයට නැව් ඇතුළුකරන පිටකරන අයුරු , අනතුරු වලකන ආරක්ෂක උපක්‍රම , ළග ඇති පාලම් උස් පහත් කරන අයුරු මෙන්ම මෙහිදී සුවිසල් නැව් ඇලේ උස වෙනස්කම් අනුව විදුලි සෝපානයක මෙන් උස් පහත් කරන අයුරු පියවරෙන් පියවර කැමරාවට නගා ගන්නට හෝ වීඩියෝ ගත කරන්නට මෙහි ඇති නැරබුම් අටල්ල කදිම තැනක් .

ශාන්ත කැතරින් කෞතුකාගාරය ( St. Catherines Museum)

සංචාරය සදහා බොහෝ මුදල් වැයවන බව බහුතරයක් පිරිස සිතන මිත්‍යා මතයක් . සංචාරයේදී වැදගත් වන්නේ කලබලයෙන් යාම නොව තොරතුරු සොයාගෙන යාමයි . වෙබ් අඩවි කිහිපයකින් තොරතුරු සහ සංචාරක අත්දැකීම් වර්ගීකරණය කර ඇති ආකාරය බැලීමෙන් ඔබට මෙය පහසුවෙන් ම කල හැකියි . ඉතා වටිනා දැනුම් ගබඩාවක් වන මෙයට ඇතුළුවන්නට කිසිදු මුදලක් අය කරන්නේ නැහැ . නමුත් ඔබට කැමති නම් ඔවුන්ගේ සේවය වෙනුවෙන් ඔබට යම් මුදල් පරිත්‍යාගයක් කල හැකියි . වෙලන්ඩ් ඇලේ සහ ඒ ප්‍රදේශයේ ඉතිහාසය , ලාක්රෝස් (lacrosse). නමැති පාරම්පරික ක්‍රීඩාව පිළිබද බොහෝ තොරතුරු මෙහිදී දැනගත හැකියි . මෙහි තිරගත වන වෙලන්ඩ් ඇල පිළිබද වාර්තා චිත්‍රපටය මිල කල නොහැකි අත්දැකීමක් . නොමිලයේ වාහන නවතා තැබිය හැකි සියළු පහසුකම් පිරි මේ පරිශ්‍රයේ කුඩා දරුවන්ට විනෝද වන්නට බොහෝ දෑ තිබෙනවා .
වෙලන්ඩ් බිත්ති චිත්‍ර ( Weland Murals)

වෙලන්ඩ් ඇල සහ ආශ්රිත සංවර්ධනය විසින් බිහිවූ වෙලන්ඩ් නගරය කැනඩාව පුරා විසිරුණු චිත්‍ර ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් 1986 දී අරඹා ඇති ව්‍යාපෘතියක් මගින් නගරයේ තැනින් තැන සුවිශාල බිත්ති චිත්‍ර ඇද තිබෙනවා . දැනට එහි ඇති චිත්‍ර ගණන 29 ක්. අන්තරජාලයෙන් ඔබට එම චිත්‍ර 29 පිහිටා ඇති තැන් පැහැදිලිව දැන ගන්නට පුළුවන් . ඔබ චිත්රවලට ආසා කරන්නෙක් නම් ඔබ මෙයට ලොබ බදිවී . හැබැයි මෙය තරමක් කල්ගත වන තැනින් තැනට යා යුතු වැඩක් . කුඩා දරුවන් සමග පහසු වන දෙයක් නොවෙයි . කලින් කලට අළුතින් චිත්‍ර එකතුවන තිබෙන චිත්‍ර සංරක්ෂණය වන මේ ව්‍යාපෘතිය දිනෙන් දින අළුත් වන දෙයක් .

අප වෙලන්ඩ් නගරයේ සිට නයගරා ඇල්ල වෙත යන මග වැටී තිබුණේ වෙලන්ඩ් ඇල යටින් යන උමගක් ඔස්සේ . වෙලන්ඩ් ඇලේ විශාල නැවක් ගමන් ගන්නා මොහොතක දුම්රිය මාර්ග බාධකයට නැවතී හුන් අප දුටු දසුන ජීවිතයේ තවත් අමතක නොවන අත්දැකීමක් . වාහන ගමන් කරන මාර්ගයට අමතරව අප ඉඩ සලසා දුන් දුම්රිය මාර්ගයද මේ උමග තුලින් දිවෙනවා .

නයගරා විල මත ( Niagara On the Lake)

නිසි ජලය , නිසි දේශගුණය නිසා ඉතා සශ්‍රික ප්‍රදේශයක් හැදින්වෙන්නේ මේ නමින් . එහි සරු පසේ වැවෙන මිදී , චෙරි , බෙරි වර්ග , මල් වර්ග බලන්නටත් ගිම්හානයේදී ඔබට පුළුවන්. නිස්කලංක විවේකයක් සදහා නවාතැන් පොල රැසක් මේ ප්‍රදේශයේ තිබෙනවා .

මිදි සහ වයින් ( Grapes & Wine )

රසයෙන් වැඩි වයින් නිෂ්පාදනය සදහා සුදුසු මිදි මේ ප්‍රදේශයේ තිබෙනවා . ලෝ පතල කැනේඩියන් අයිස් වයින් ( Canadian Ice Wine) විශේෂ බොහොමයක් මේ ප්‍රදේශයේදී නිපදවෙනවා . මිදි වත්තක් , මිදි වලින් වයින් නිපදවෙන හැටි , වයින් ගබඩා කර ඇති සැටි මෙන්ම අගනා වයින් බිදක රස බලන්නටත් මේ ඉසව්වේ සරන ඔබට කිසිදු මුදලක් වැය වන්නේ නැහැ .

චෙරි සහ බෙරි නෙලන්නට ( Cherry & Berry Picking)
නයගරාවට නුදුරු ලින්කන් (Lincoln) නගරය චෙරි වගාවට ප්රකටයි . කහට පිරෙන්නට විවිධ ගස්වලින් විවිධ රස චෙරි ගස්වලට නැග ගෙඩි කඩා කන්නට පුළුවන්. අන්තර්ජාලයෙන් එම ගොවිපොල මහජනතාව සදහා අරඹන දින වකවානු දැනගන්නට පුළුවන් . අපේ අත්දැකීම් වලට අනුව වඩාත් වැදගත් වන්නේ පුළුවන් තරම් උදයෙන් එම ස්ථානවලට යාමයි . එවිට තදබදයෙන් තොරව රිසි සේ හොද අස්වැන්නක් නෙලා ගන්නත් , පවුල් කිහිපයක් එකට එක්වන අවස්ථාවක් කර ගන්නටත් පුළුවන් .
බ්ලු බෙරි , ස්ට්‍රෝ බෙරි ඇතුළු බෙරි වර්ග රැසක් රස බලන්නට් හැකි ගොවිපොල රැසක් Lincoln, Grimsby, Pelham, St. Catherines, Welland වැනි නගරවල තිබෙනවා . ලංකාවෙන් , වෙනත් රටවලින් එන නෑදෑ හිතවතුන් මෙන්ම හිත මිතුරන් සමග දිනක ගමනකට මෙය කදිමයි .

ලැව න් ඩ රා මල් ගොවිපොල ( Lavendar Farms )
බොහෝ සුවද විලවුන් සදහා ගන්නා ලැව න් ඩ රා මල් වතු මවන්නේ මහත් අසිරියක් . ගිම්හාන කාලයේදී ඒ ගොවිපොල පරිශ්‍රයන්හිදී විවිධ ප්‍රදර්ශණ පැවැත් වෙනවා . මේ ගොවිපොල චාරිකා සදහා යම් මුදලක් ගෙවිය යුතු වෙනවා . ඒ ඇතුළුවීමේ ගාස්තු හෝ යම් අවම ගාස්තුවක් ලෙසින් .
සටහන – අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ – අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි



