කෝටිපති ගෙටී ගේ කලාකෘති එකතුව බලන්නට ලොස් ඇන්ජලීස් නුවරට ගියදා,කැනඩාවේ අත්ලාන්තික් නාවික ඉතිහාසය පෙන්වන කෞතුකාගාරයක්

ඇමෙරිකානු සංචාරයක මතක

කෝටිපති ගෙටී ගේ කලාකෘති එකතුව බලන්නට ලොස් ඇන්ජලීස් නුවරට ගියදා

ජේ පෝල් ගෙටී කියන්නෙ කලක ලෝකෙ අංක එකේ ධනවතා ලෙස හිටි කෙනෙක්. ඛනිජ තෙල් කර්මාන්තය නිසා අති විශාල මුදල් සම්භාරයකට හිමිකම් කී ගෙටී බිරියන් පස් දෙනෙකු සහ දුසිමක තරමේ අනියම් කාන්තා ඇසුරක වාර්තා තිබූ අපූරු චරිතයක් .එංගලන්තය, ඇමරිකාව ඇතුළුව ලෝකය පුරා විවිධ රටවල දේපළ සහ මුදල් ආයෝජනවලට හිමිකම් කී ඔහු සතුව තිබූ කලාකෘති වල වටිනාකම එදා 1976 දී මිලියන හතරකට වඩා වැඩි වූ බව සඳහන්.

1930 දී නිව්යෝර්ක් නගරයේ දිවි ගෙවද්දී තමන්ගේ මහල් නිවාස හිමිකාරිනිය වූ එමී ගෙස්ගේ කලාකෘති දැකීමෙන් පටන් ගත් කලාකෘති එකතු කිරීමේ ආශාව වැඩිදියුණු වන්නට ජීවිතයේදී ඔහුට හමුවූ විවිධ කාන්තාවන්ගේ සහ මිතුරන්ගේ බලපෑම ද හේතුවන බව ඔහු ගැන කෙරුණු වාර්තා වැඩසටහන්වල කියවෙනවා.

කලක් තිස්සේ වෙහෙස මහන්සි වී කල ව්‍යාපාරික කටයුතු තම පුත්‍රයාට පවරා තමන්ගේ සිත් ගත් ග්‍රීක සහ රෝම ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් කියන ගෙටී විලා නම් ගොඩනැගිල්ල තුළ ඒ කලාකෘති තැන්පත් කිරීමේ කටයුතුවල යෙදෙන අතරතුර ඔහු මරණයට පත් වූ බවයි කියවෙන්නේ.

අතිවිශාල ධනයකට හිමිකම් කී ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව පුතුන් දෙදෙනකුට සහ කාන්තාවන් දොළොස් දෙනකුට මුදල් වෙන් කර තිබුණත් ඔහුගේ වත්කම් වලින් වැඩි ප්‍රමාණය වෙන් කර තිබුණේ කලාකෘති සංරක්ෂණය සඳහා පිහිටුවා තිබූ ගෙටී භාරයටයි.

ඒ සුවිසල් ධනය ආයෝජනය කරමින් එම භාරය මේ වන විට ලෝකයේ කලාවට කරන මෙහෙය අතිමහත්. පසුගියදා ලොස් ඇන්ජලිස් නගරයට ගිය මොහොතක ගෙටී කෞතුකාගාරයට සහ ගෙටි විලාවලට යන්නට මම තීරණය කළේ ඒ ගැන අසා දැන සිටි තොරතුරුවලින් ඇතිව තිබූ උනන්දුව හින්දයි.

අන්තර්ජාලයෙන් කලින් නියමිත දිනය සහ වේලාව වෙන් කරවා ගැනීම් කරන්නට හැකි ගෙටී සෙන්ටර් එකට යන විට කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ. කැලිෆෝනියාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක් අසබඩ තිබෙන මේ පරිශ්‍රය තුළ තිබෙන බිම් ගත රථවාහන නැවතුමට නම් ඩොලර් 20ක ගාස්තුවක් ගෙවන්නට සිදුවෙනවා.

Getty centre & Museum

මම නවාතැන් අරන් හිටපු හෝටලයෙන් කුලියට ගත් වාහනයට නැග්ගා. ගූගල් සිතියමෙන් පාර අහගෙන ගියේ කැලිෆෝනියාවේ සුපුරුදු වාහන තදබදය මැද්දෙන්. වාහනය රථ ගාලේ නවත්වලා ආරක්ෂක සෝදිසි කිරීම් වලින් පස්සේ කෞතුකාගාරයට යන ට්‍රෑම් රථයට නැගුනා . වාහන පාලනය කරන අරමුණින් කෞතුකාගාරය අද්දරට පුද්ගලික වාහන ගෙන යන්න ඉඩක් දෙන්නේ නැහැ. මා රැගෙන ගිය කුඩා ගමන් මල්ල සහ කැමරාව ඉදිරිපසට තියාගන්න කියන උපදෙස ලැබුණා. ඒ කලාකෘති වලට හානි වීම් වළක්වන්න වගේම අනෙකුත් නරඹන්නට වන හිරිහැර අවම කරන්නයි.

Santa Monica කඳු අතර අක්කර 120 ක් පුරා පැතිරුණු ඉඩක පිහිටුවා තිබෙන මේ පරිශ්‍රය ඩොලර් බිලියන එකයි දශම හයක වියදමකින් නිම කරන ලද්දේ 1997 දෙසැම්බර් 16 වැනිදා. කිලෝ මීටර් එකයි දශම දෙකයි එකක දුරින් තිබෙන කඳු පාමුල වාහන අංගනයේ සිට කෞතුකාගාරයට පිරිස් ගෙනයන්නේ කේබල මගින් උඩ පහළ යන ට්‍රෑම් රටකට දෙකකින්. Richard Meier නම් ගෘහ නිර්මාණ ශිල්පියා සැකසූ මේ පරිශ්‍රය ජීවිතයේ වරක් හෝ බලන්නට වටිනා තැනක් . GRI – Getty Research Institute , GCI – Getty Conservation Institute යන ආයතන දෙකත් තිබෙන්නේ මේ පරිශ්‍රයමයි. මේ උද්‍යානය සැලසුම් කර තිබෙන්නේ රොබට් අර්වින් විසින්.(Gardener Jim Duggan and landscape architects Spurlock Poirier.)

උතුර, දකුණ , නැගෙනහිර, බටහිර ලෙසින් ගොඩනැගිලි සංකීර්ණ 5 ක් , පවුල් කාමරයක් (Family Room ) , විශාල ප්‍රදර්ශන ශාලාවක් , ශ්‍රවණාගාරයක් සහිත මේ පරිශ්‍රයේ විශාල මධ්‍යම උද්‍යානයක් (Central Garden ) සහ පතොක් උද්‍යානයක් (Cactus Garden) තිබෙනවා. වාර්ෂිකව මිලියන දෙකකට ආසන්න සංචාරක පිරිසක් පැමිණෙන බවට තොරතුරු වාර්තා වන මෙහි වින්සන්ට් වැන්ගෝ ගේ චිත්‍ර මධ්‍යකාලීන යුරෝපීය චිත්‍ර, විවිධ යුගවල ගෘහ භාණ්ඩ , පැරණි පොත් අත්පිටපත් , අලංකාර වීදුරු කැටයම්, පැරණි පෝසිලේන් භාණ්ඩ , ප්‍රතිනිර්මාණය කළ යුරෝපීය රජ මාලිගා විසිතුරු ගෘහ අලංකරණ උපකරණ සේම නූතන කලාකෘති ඇතුළත් සංකීර්ණ කිහිපයක්ම තිබෙනවා.දළ වශයෙන් විවිධ අයිතම 125,000 කට වඩා මෙහිදී දකින්නට පුළුවන් බවයි කියන්නේමට සිහියට ආවෙ පැරීසියේ ලුවර් කෞතුකාගාරයට ගිය ගමන.

ඒ ලිපියේ බ්ලොග් සටහන් දිගුව

https://ahasgawwenehalokaya.blogspot.com/2018/07/1.html

ගොඩනැගිලි වටා ඒ මත සහ ඒ වටා තිබෙන උද්‍යාන ඉතාමත්ම දැකුම්කළුයි. මුළු පරිශ්‍රයම විවිධ හැඩතලවල ප්‍රතිමා සහ කැටයම්වලින් අලංකාරව තිබෙනවා. කලින් සඳහන් කළ පර්යේෂණ ආයතන දෙක හරහා විශාල තරුණ කණ්ඩායමකටත් කලාකරුවන් පිරිසකටත් මහත් මෙහෙයක් වන බව පෙනෙන්නට තිබෙනවා.

පෝල් ජේ ගෙටී විසින් ජීවත්ව සිටියදී ඉදි කළ මුල් කෞතුකාගාරය මේ වන විට නම් කර තිබෙන්නේ ගෙටිවිලා යන නමින්. ඒ පරිශ්‍රය තිබෙන්නේ ගෙටී සෙන්ටර් එකේ සිට පැය භාගයක තරමේ දුරින්. ඔබ ගෙටි සෙන්ටර් එකේ කාර්යාලයෙන් ලබාගන්නා අවසර පතක් මගින් එදිනම එතැනට යන්නේ නම් යළිත් රථ ගාලට ඩොලර් 20ක් ගෙවන්නට අවශ්‍ය වන්නේ නැහැ . මම ආපහු රථයට නැග්ගේ ගෙටී විලා එකට යන්නයි.ඒ තොරතුරුත් එක්ක ලබන මාසයේදී හමුවෙමු.

අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ ගොන්නක් සහ සිතියම් එක්ක මේ විස්තරය බලන්න මේ දිගුවෙන් මගේ බ්ලොග් අඩවියට යන්න

https://ahasgawwenehalokaya.blogspot.com/2024/10/blog-post.html

කැනේඩියානු සංචාරයක මතක

කැනඩාවේ අත්ලාන්තික් නාවික ඉතිහාසය පෙන්වන කෞතුකාගාරයක්

නැගෙනහිරින් කැනඩාව මායිම් වෙන්නේ අත්ලාන්තික් සාගරයට. අත්ලාන්තික් සාගරයට මායිම් වන කැනඩාවේ පළාත් හතරක් තිබෙනවා. ඒ නිව් බ්‍රන්ස්වික් නෝවා ස්කොෂියා, එඩ්වඩ් කුමාර දිවයින සහ නිව් ෆවුන්ඩ්න්ලන්තය සහ ලබ්රෝඩර්.

කැනඩාවේ වරායන් අතුරින් යුරෝපයට ආසන්නතම වරාය වීම නිසා හැලිෆැක්ස් වලට ඓතිහාසික වටිනාකමක් වගේම නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස විශාල වැදගත්කමක් තිබෙනවා. අදත් කැනඩාවේ විශාලතම නාවුක හමුදා සංකීර්ණය පිහිටා තිබෙන්නේ හැලිෆැක්ස් වලයි. අපි ඉදිරි දිනක කැනඩා උරුම යටතේ කතා කරන්නට බලාපොරොත්තු වන පියර් 21 නම් කැනඩාවට වැඩිම පිරිසක් යුරෝපයෙන් සංක්‍රමණය වුනු 1928- 1971 කාලයේ ක්‍රියාත්මක වුනු පරිශ්‍රය තිබුනේත් හැලිෆැක්ස් වලයි.

ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට වරින් වර නතු වුණු මේ කලාපයේ ධීවර සහ නාවික කටයුතුවල ඉතිහාසය ඉතා දිගු එකක්. ඒ නිසා කැනඩාවේදී නාවික ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් ලබන්නට නම් යා යුතුම ප්‍රධාන තැනක් විදිහට Maritime Museum of the Atlantic හඳුන්වන්නට පුළුවන්. 1948 දී ආරම්භ වුණු මේ කෞතුකාගාරය 1985 වෙනතුරු ක්‍රියාත්මක වුණේ කැනේඩියානු නාවික හමුදාව යටතේ. එය පිහිටා තිබෙන්නේ හැලිෆැක්ස් වරායේ කෙළවරකට වන්නටයි.

මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ තිස් දහසකට (38,000) අධික ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතර තිබෙන විවිධ වර්ග යාත්‍රා ආකෘති ප්‍රමාණය අති විශාලයි. 1913 – 1969 කාලයේදී කැනඩාවේ සාගර මැනීම් කටයුතු සහ ගවේෂණ කටයුතුවල යෙදුණු css Arcadia නම් අඩි 180ක් දිග වාෂ්ප සිතියම් නැව මෙහි නැංගුරම් ලා තිබෙනවා. එය ඔබට බලන්නට ලැබෙන අපූරු අත්දැකීමක්. සතියේ දිනවලදී එය තුලට ගොස් එහි කුටි, උපකරණ ඔබට බලන්නට පුළුවන්. තවමත් ධාවන තත්වයේ තිබෙන එය විශේෂ අවස්ථා වලදී කෙටි චාරිකා ගමන් කරනවා.

1993 සිට 2001 දක්වා කාලයේදී කැනඩාවේ සීබීසී නාලිකාවේ විකාශය වූ තියඩෝර් ටග්බෝට් (Theodore Tugboat) වරායක තිබෙන ටග්යාත්‍රාවක් සහ ඔහුගේ මිතුරන් පිරිසක් වටා ගෙතුණු රූපවාහිනී ළමා කතා මාලාවක්. ඒ සදහා යොදාගත් ටග් යාත්‍රාවත් මේ පරිශ්‍රය දී ඔබට බලන්නට පුළුවන්. 2014 දී සංරක්ෂණය වුණු Hebridee II යාත්‍රාවක් ඉතාම වැදගත් නාවික ඉතිහාසයක කොටස්කරුවෙක්.

1917දෙසැම්බර් මස 06 වැනි දා ප්‍රංශ බඩු නැවක් වූ SS Mont Blanc සහ නොවීජියානු යාත්‍රාවක් වූ SS Imo ගැටීමෙන් සිදුවූ පිපිරීම මිනිසුන් 1782 කගේ ජීවිත පිළිගත් විශාල පිපිරීමක්. ඒ ගැන තොරතුරුත් මේ පරිශ්‍රය තුල තිබෙන එක කුටියකදී ඔබට දැනගන්නට පුළුවන්. මේ ආසන්න කැනේඩියානු මුහුදේ දී විනාශ වුනු ජනප්‍රියතම නෞකාව RMS Titanic ගැන තොරතුරු ඇතුළත් ප්‍රදර්ශන කුටියක් වගේම මේ ප්‍රදේශයේදී මුහුදු බත්වුණු යාත්‍රා රැසක සුන්බුන් සහ ගොඩගත් බඩු බාහිරදිය රැසක් මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා.

අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ ගොන්නක් සහ සිතියම් එක්ක මේ විස්තරය බලන්න මේ දිගුවෙන් මගේ බ්ලොග් අඩවියට යන්න

https://ahasgawwenehalokaya.blogspot.com/2026/03/blog-post.html

ගමනක මතකය වැඩසටහන් පෙල ඔස්සේ අපි රූපණ කණ්ඩායම ඔබව කැනඩාවේ විවිධ ඉසව් කරා ගෙන යනවා. 2023,2024 වසර වලදී අපි පංච මහා විල් ආශ්‍රිත ප්‍රදේශ වගේම කැනඩාවේ රොකී කදු කලාපයේ ජාතික උද්‍යාන වල ගමන් මතක ඔබ වෙත ගෙන ආවා. 2025 පටන් අපි ඔබව පළාත් මට්ටමින් විවිධ ඉසව් වලට එක්කගෙන යනවා. මීට පෙර අපි නිව් බ්රුන්ස්වික් සහ එඩ්වඩ් කුමාර දිවයින පළාත් වලට ගියා ඔබට මතක ඇති. රූපණ වෙබ් අඩවියට ගිහින් ඔබට ඒ වැඩසටහන් බලන්න පුළුවන්.

අඩු මුදලකින් , අඩු මහන්සියකින් ඔබට මේ අවුරුද්දෙ විවේකී දවස්වලට ඒ තැන් වලට යන්න මේ වැඩසටහනත් උදව්වක් වේවි

මේ දිගුවෙන් ඔබට වැඩසටහන බලන්න පුළුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today