ඇමෙරිකානු භාණ්ඩ 700කට එරෙහිව කැනඩාවෙන් ඩොලර් බිලියන 28ක ප්‍රති-බදු ප්‍රහාරයක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළඳ යුද්ධ උත්සන්න කිරීම්වලට ප්‍රතිචාර වශයෙන්, කැනේඩියානු රජය ඩොලර් බිලියන 27.6ක් වටිනා ඇමෙරිකානු භාණ්ඩ 700කට වඩා වැඩි ප්‍රමාණයකට ප්‍රති-බදු පැනවීමට සහ ඉන් පීඩාවට පත්වන සේවකයින් සඳහා සහන සැලසීමට පියවර ගෙන තිබේ.

කැනඩාවේ කර්මාන්ත ඇමතිනී මෙලනි ජොලි (Melanie Joly) ප්‍රකාශ කළේ, “අපි ඉතා බුද්ධිමත්ව සහ උපායමාර්ගිකව කටයුතු කරමින් අපගේ සෑම රැකියාවක්ම ආරක්ෂා කිරීමට සටන් කරනවා” යනුවෙනි. මෙම කැනේඩියානු ප්‍රති-බදු පැනවීම්වල සමස්ත වටිනාකම, කැනඩාවට එරෙහිව ට්‍රම්ප් පැනවූ 50%ක බදු පැනවීමේ වටිනාකමට දළ වශයෙන් සමාන වේ.

ඩොලරයට ඩොලරයක් බදු ප්‍රතිපත්තිය මුදල් ඇමති ෆ්‍රැන්සුවා-පිලිප් ෂැම්පේන් (Francois-Philippe Champagne) පැවසුවේ මෙය “ඩොලරයට ඩොලරයක්, අනුපාතයට අනුපාතයක්” පදනමින් ක්‍රියාත්මක වන ප්‍රති-බදු පැනවීමක් බවයි. අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි (Mark Carney) ද විපක්ෂ නායකයින් හමුවී කැනේඩියානු සේවකයින්, පවුල් සහ ව්‍යාපාර ආරක්ෂා කිරීම සඳහා රජය ගන්නා නව ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළේය. කෙසේ වෙතත්, කොන්සර්වේටිව් නායක පියරේ පොයිලිව්රේ (Pierre Poilievre) ඉල්ලා සිටියේ වහාම පාර්ලිමේන්තුව කැඳවා ප්‍රතික්ෂේප කරන ලද ගිවිසුමේ සම්පූර්ණ පිටපත ප්‍රසිද්ධ කරන ලෙසයි.

මෙම නව ප්‍රති-බදු ක්‍රියාමාර්ග සැප්තැම්බර් 8 වන අඟහරුවාදා (කම්කරු දින දීර්ඝ සති අන්තයෙන් පසුව) සිට ක්‍රියාත්මක වීමට නියමිතය. ඇමතිනී ජොලි කැනේඩියානු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඇමරිකාවට පීඩනයක් එල්ල කරමින් දේශීය රැකියා සුරැකීම සඳහා වැඩි වැඩියෙන් කැනේඩියානු නිෂ්පාදන මිලදී ගන්නා ලෙසයි. මීට අමතරව, මෝටර් රථ කර්මාන්තයට එල්ල වී ඇති තර්ජනය සැබෑ එකක් බව පවසමින් ඇය ෆෝඩ් (Ford), හොන්ඩා (Honda) සහ ටොයෝටා (Toyota) සමාගම්වල ප්‍රධානීන් සමඟ ද සාකච්ඡා පවත්වා ඇත.

මේ අතර, ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ කැනඩාව ඇමරිකාව සූරාකන බවයි. ඔවුන්ට අනුව ඇමරිකාව කැනඩාවට ඉතා වාසිදායක වෙළඳ අවස්ථා ලබා දී තිබුණද, කැනඩාව සහයෝගීතාව වෙනුවට අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් එය ප්‍රතික්ෂේප කර තිබේ.

බදු පැනවෙන ඇමරිකානු භාණ්ඩ මොනවාද? කැනේඩියානු පාරිභෝගිකයින්ට සිදුවන බලපෑම අවම කිරීම සඳහා, ප්‍රති-බදු පනවන බොහෝ ඇමරිකානු භාණ්ඩ සඳහා විකල්ප කැනේඩියානු නිෂ්පාදන පවතින බව රජය තහවුරු කරයි. මෙම බදු අනුපාත 15%, 25% සහ 50% ලෙස කාණ්ඩ තුනක් යටතේ පනවා ඇත.

  • 50% බදුබොහෝ වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන, ගෘහ භාණ්ඩ, ඇඳුම් පැළඳුම් සහ ඇඟලුම් සඳහා.
  • 25% බදුචීස් ඇතුළු කිරි නිෂ්පාදන, මාළු, මුහුදු ආහාර සහ ඇතැම් වානේ සහ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදන සඳහා.
  • මෝටර් රථ සඳහා දැනට පවතින කැනේඩියානු ප්‍රති-බදු එලෙසම පවතිනු ඇත.

ඩොලර් බිලියන 7.5ක දැවැන්ත සහන පැකේජය පීඩාවට පත් සේවකයින් සහ විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කැනේඩියානු රජය ඩොලර් බිලියන 7.5ක සහන පැකේජයක් ප්‍රකාශයට පත් කර ඇත. මේ යටතේ:

  • Work Sharing (වැඩ බෙදාගැනීමේ) වැඩසටහනමෙහි උපරිම කාලය සති 78 සිට සති 152 දක්වා දීර්ඝ කරමින් සේවකයින් සේවයෙන් ඉවත් කිරීම වැළැක්වීමට පියවර ගෙන ඇත.
  • Worker Retention (සේවක රඳවා ගැනීමේ) ප්‍රදානයන්පුහුණු කටයුතු සඳහා සහභාගී වන සේවකයින්ට සහාය වීම සඳහා මෙම ප්‍රදානයන් තවදුරටත් ශක්තිමත් කර ඇත.
  • රැකියා රක්ෂණ (EI) සහනප්‍රතිලාභ ලබා ගැනීමේදී පැවති සති එකක පොරොත්තු කාලය ඉවත් කර ඇති අතර, දිගුකාලීන සේවකයින් සඳහා අමතර සති 20ක රක්ෂණ ප්‍රතිලාභ ලබා දේ.

කර්මාන්ත අංශවල ප්‍රතිචාරය කැනේඩියානු වාණිජ මණ්ඩලය පවසන්නේ ව්‍යාපාර බිඳවැටීම වැළැක්වීම සඳහා රජය මෙම සහන කඩිනමින් ලබා දිය යුතු බවයි. කැනේඩියානු නිෂ්පාදකයින් සහ අපනයනකරුවන්ගේ සංගමය (CME) අනතුරු අඟවන්නේ, ඇමරිකානු අමුද්‍රව්‍ය මත යැපෙන කැනේඩියානු නිෂ්පාදකයන්ගේ (විශේෂයෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල) නිෂ්පාදන පිරිවැය මෙම බදු හේතුවෙන් ඉහළ යා හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today