
ක්රිකට් එක්දින ලෝක කුසලානයට තවත් වසරකට ආසන්න කාලයක් තිබියදී ලෝක කුසලාන ටිකට්පත් සඳහා ලියාපදිංචි කිරීමේ ක්රියාවලිය ආරම්භ වූ අතර, දින 12ක් ඇතුළත ටිකට්පත් අයදුම්පත් මිලියන 15කට වඩා ලැබී තිබේ. ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලොව පුරා රටවල් 142කින් ටිකට්පත් අයදුම්පත් මිලියන 15යි 83,752ක් ලැබී ඇති බවයි. මේ ටිකට්පත් සඳහා පුද්ගලයන් 44,23,417ක් ලියාපදිංචි වී ඇත.
ක්රිකට් ක්රීඩාවේ විශාලතම ඉසව්ව වන එක්දින ලෝක කුසලාන තරග නැරඹීමට රසිකයන් උනන්දුවෙන් සිටින බව ටිකට්පත් සඳහා ලැබෙන අයදුම්පත් ගණන දෙස බැලීමෙන් තේරුම් ගත හැකි වේ.
14 වැනි එක්දින ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ ඔක්තෝබර් 2 වැනි දින ආරම්භ වන අතර, එය නොවැම්බර් 21 දක්වා පැවැත්වේ. තරගාවලියට දකුණු අප්රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව සත්කාරකත්වය දරනු ඇත. පසුගිය 1දා අයිසීසී ලෝක කුසලාන ක්රිකට් කාලසටහන ප්රකාශයට පත් කිරීමෙන් පසු ටිකට්පත් අලෙවිය ද ආරම්භ කෙරිණි.
අයිසීසීයට අනුව, එංගලන්ත ක්රිකට් ලෝලීන් ටිකට්පත් ඉල්ලීම් අතින් ඉදිරියෙන් සිටින අතර, දකුණු අප්රිකාව, ඉන්දියාව, අමෙරිකාව සහ ඔස්ට්රේලියාව ද වැඩි ඉල්ලුමක් කර ඇත. ටිකට් පත් අලෙවියෙන් ක්රිකට් ලෝක කුසලානයේ ආකර්ෂණය කොතරම් පුළුල්ද යන්න පෙන්නුම් කරන බවත්, සංචාරක ගමනාන්තයක් ලෙස අප්රිකාවේ ආකර්ෂණීය බව විද්යමාන වන බවත් අයිසීසී සන්නිවේදන අධ්යක්ෂ සංජේ ගුප්තා පැවසීය.
ලෝක කුසලාන ටිකට්පත් සඳහා අයිසීසී වෙබ් අඩවියේ ලියාපදිංචි කිරීම එළැඹෙන නොවැම්බර් 21 වැනි දින දකුණු අප්රිකා වේලාවෙන් රාත්රී 11:59 දක්වා විවෘතව පවතී. ටිකට්පත් සඳහා ලියාපදිංචි වීමට කිසිදු ගාස්තුවක් අය නොකරන අතර, නරඹන්නකුට තරගයක් සඳහා එක් වරක් පමණක් අයදුම් කළ හැකිය.


