පාකිස්ථාන පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ මීයන් බෝවීම නිසා බලධාරීන් මහත් අපහසුතාවකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.2008 වසරේ සිට රැස්වීම් වාර්තා බැලීමට නිල කමිටුවක් ඉල්ලා සිටීමෙන් අනතුරුව මෙම ගැටලුව හෙළිව ඇති අතර, අදාළ වාර්තා සෙවීමේදී ඉන් බොහෝමයක් මීයන් විසින් විනාශ කර ඇති බවට වාර්තා වනවා.මීයන්ගේ ආක්‍රමණය මේ වනවිට කෙතරම් ව්‍යාප්ත වී ඇත්දයත්, මීයන් මර්දනයට දඩයම් බළලුන් යෙදවීම සඳහා එරට වාර්ෂික අයවැයෙන් පාකිස්ථාන රුපියල් මිලියන 1.2ක් වෙන් කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ මීයන් ඇතුළු විය හැකි ස්ථාන වටා දැල් ගැසීමටද අදාළ මුදල් යෙදවීමට නියමිත බව පැවසේ.තවද, එම පරිශ්‍රවල පළිබෝධ පාලනය සිදු කිරීම සඳහා පුද්ගලික සමාගම් සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන බවටයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ
Related Posts
ඔන්ටාරියෝ හි කක්කල් කැස්ස වැඩිවේ.
ඔන්ටාරියෝ හි සමහර ප්‍රදේශවල කක්කල් කැස්ස වැඩිවෙමින් පවතින අතර විශේෂඥයන් දෙමාපියන්ට මතක් කර දෙන්නේ මෙම රෝගය කුඩා දරුවන්ට වඩාත් භයානක…
ටොරොන්ටෝ කොන්ඩෝ හි පදිංචිකරුවන් වායුසමීකරණයකින් තොරව සති කිහිපයක් තිස්සේ උෂ්ණත්වයෙන් පීඩාවට.
ටොරොන්ටෝ කොන්ඩෝ හි පදිංචිකරුවන් වායුසමීකරණයකින් තොරව සිව්වන සතිය ගෙවාදමන්නේ“ඉවසිය නොහැකි” ගෘහස්ථ උෂ්ණත්වය හිරවීම වී ඇති පසුබිමකයි.ඇතැම් මහල් නිවැසියන් පෙන්වා දෙන්නේ…
කැනේඩියානු රොක් ගායක Deryck Whibley ගෙන් ආන්දෝලනාත්මක හෙලිදරව්වක්.
කැනේඩියානු රොක් සංගීත කණ්ඩායමේ හිටපු කළමනාකරු විසින් තමා වසර ගණනාවක් අපයෝජනයට ලක් කළ බවට Sum 41 ප්‍රමුඛයා වන ඩෙරික් විබ්ලි…