කැනඩාවේදී වෙඩිතැබීමකින් යාපනයේ තරුණයකු මරුට.

කැනඩාවේ ටොරෙන්ටෝ ප්‍රදේශයේ කැනඩාවේ දෙපිරිසක් අතර ඇති වූ විරසකයක් මත සිදුකළ වෙඩිතැබීමකදී යාපනයේ සිට කැනඩාවට ගොස් එහි ව්‍යාපාරික කටයුතු කරගෙන යන තරුණයකු පසුගිය 14 වැනිදා මියගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ යාපනයේ මීසාලේ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයකු වන සෙල්වසිංහම් සුලක්ෂන් නමැති අයයි.

ඔහුගේ පියා මීට වසර කිහිපයකට ඉහතදී කැනඩාවට ගොස් ව්‍යාපාරික කටයුතු ආරම්භ කොට ඇති අතර පුතාද අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරවාරයේ ව්‍යාපාරික කටයුතු වල නිරත වී ඇත.

ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයකදී ඇති වූ ගැටලුවක් මත ව්‍යාපාරිකයන් දෙපිලකට බෙදී අති අතර ඔවුන්ගෙන් එක් පාර්ශ්වයක් විසින් සිදුකළ වෙඩිතැබීමකදී යාපනයේ තරුණයා හා තවත් කැනඩා ජාතිකයකු මියගොස් ඇති අතර තවත් එක් අයකුද තුවාල ලබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *