ඉරාන ජානාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ කටයුතු අමාත්‍ය අමීර් හොසේන් අබ්දුල්ලාහියන් ඇතුළු හෙලිකොප්ටර් යානා අනතුරෙන් මියගිය සියලු දෙනාගේ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී පසුගියදා සිදු කෙරැණා.
ඉරාන ජානාධිපතිවරයාගේ අවසන් කටයුතු සඳහා එරට රජයේ උසස් නිලධාරීන්,ඉහළ පෙළේ හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා.මේ අතර මියගිය ඉරාන ජනාධිපති ඇතුළු පිරිසට අවසන් ගෞරව දැක්වීමට රටවල් 68ක නායකයින් එක්ව සිටියා.
විදෙස් වාර්තා සදහන් කලේ ඉරාන ජානාධිපතිවරයා ඇතුළු හෙලිකොප්ටර් යානා අනතුරින් මියගිය පිරිසට සමුදීම සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් අවමංගල්‍ය පෙරහැර ගමන් කළ මග දෙපසට රැස්ව සිටි බවයි.
ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි අවමංගල්‍ය උත්සවයේ යාඥා මෙහෙයවනු ලැබුවා.
.මියගිය ඉරාන ජනාධිපති ඇතුළු පිරිසට අවසන් ගෞරව දැක්වීමට එක්වූ රාජ්‍යය නායකයින් අතරේ හමාස් නායක ඉස්මයිල් හනියේද සිටීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ද ජනාධිපතිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වුණා.