
මාරාන්තික රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට දිවි අහිමි කරගැනීම සඳහා පනත් කෙටුම්පත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පසුගියදා වැඩි ඡන්දයෙන් සම්මත විය. මාරාන්තික රෝගවලට ගොදුරුවීම හේතුවෙන් අවම ආයු කාලයක් ඉතිරිව ඇති බවට වෛද්‍ය නිර්දේශ ලැබූ පුද්ගලයන් සඳහා වන එම පනතට පක්ෂව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 330 දෙනකු සිය ඡන්දය භාවිත කල අතර, තවත් මන්ත්‍රීවරු 275 දෙනකු ඊට විරුද්ධව ඡන්දය භාවිත කර තිබේ.
එම පනත් කෙටුම්පත සම්මත වීමත් නැවත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සඳහා අවසර ලැබී ඇති බවත්, එම සංවේදී පනත තවදුරටත් මන්ත්‍රීවරු අතර විවාදයට ගැනීමෙන් පසු සංශෝධන ඇතුළත්ව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් වාර්ථා වේ. කෙසේ වෙතත් එම පනත පොදු නිතියක් බවට පත්වීමට පෙර ඊට ඇතුළත් වගන්ති සහ කරුණු සම්බන්ධව පුළුල් විවාදයක් පැවැත්වෙනු ඇති අතර, රෝගීන්ගේ ස්වාධීනත්වයට ගරු කිරීම, පෞද්ගලික නිදහස, විනිවිදභාවය හා වගවීමේ ආචාර්ධර්ම ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇති බැවින් ජනමත විමසුමක් සිදු කිරීමේ අවධානයක් ද යොමු වනු ඇතැයි වාර්තා වේ. එම පනත සම්මත වූ දිනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට රෝගීන් සහ ආබාධිත පුද්ගලයන් රැසක් ‘මරණයට අවසර දීම නොව ජීවත්වීමට සහාය ලබාදෙන‘ ලෙස නිහඬ විරෝධතාවක නිරතවිය.