හාල් ගැටලුව විසදන්න ඡනපති, සති 02 ක් කල් ඉල්ලයි.

පාලන මිලට වැඩියෙන් විකුණන එක හාල් ඇටයක්වත් වෙළෙඳපොළේ තිබිය යුතු නැතැයි ද ඒ සඳහා තමාට සති දෙකක් කල් දෙන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය..තවදුරටත් කතා කළ ජනාධිපතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

හාල් මෝල් පවත්වාගෙන යන ව්‍යපාරිකයන් සියලු දෙනා ආණ්ඩුවේ ලියාපදිංචි විය යුතු බව ත් එසේ ආණ්ඩුවේ ලියාපදිංචි නොවන කිසිවෙකුට මින්පසු වී තොග එක්රැස් කරන්නට හෝ වී කොටන්නට ඉඩ නොදෙන බව ත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.එමෙන් ම, ඔවුන් ලියාපදිංචි වී  කොපමණ වී තොග රැස් කර ඇත්දැයි සතිපතා ආණ්ඩුවට වාර්තාවක් දිය යුතු බවට ජනාධිපතිවරයා නියෝග කළේය.

සහතික මිලට වඩා අඩුවෙන් හැර වැඩියෙන් එක හාල් ඇටයක් හෝ ලංකාවේ වෙළෙඳපොළේ නොතිබිය යුතු අතර මෙකී කාරණා කිහිපය විසඳීමට තමාට සති දෙකක් දෙන ලෙසත් දිසානායක මහතා පැවැසුවේ හෝමාගම ජන රැලියකට සහභාගී වෙමිනි.ඔහු පැවැසුවේ රජය දැනටමත් වී මිල දී ගැනීමට රුපියල් කෝටි 500ක් වෙන් කර ඇති බවය.

 වැඩිදුරටත් අදහස් දැක්වූ ඡනාධිපතිවරයා.

අපි දැනටමත් රුපියල් කෝටි 500ක් වෙන් කරලා තියෙන්නේ වී මිල දී ගන්න. මෑත කාලයේ ආණ්ඩුවක් වෙන් කරන ලද වැඩි ම මුදල ඒක. අපේ ගබඩා සියල්ල ප්‍රතිසංස්කරණය කරනවා. අපේ ගබඩාවල තියෙනවා ලක්ෂ 3ක ධාරිතාවක්, අපිට ලක්ෂ 3 ම මිල දී ගන්න බැරි වෙයි. හැබැයි අපි ඒ ගබඩා පෞද්ගලික අංශයේ වී එකතු කරන අයට දෙන්න සැලසුම් කරනවා. එතකොට ඒ අය වී ගන්නවා අපේ ගබඩාවේ තැන්පත් කරනවා. අපි දන්නවා හාල් තියෙන ප්‍රමාණය. අපි පත්තරේ දැන්වීමක් දැම්මා ලංකාවේ සියලු ම වී තොග රැස් කරන්නන්, හාල් මෝල් පවත්වාගෙන යන ව්‍යපාරිකයන් සියලුදෙනා ලියාපදිංචි වෙන්න ඕනේ ආණ්ඩුවේ.

මම දැක්කා මේ ළඟදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියෙක් කෝප් එකට ගිහිල්ල කිව්වා හාල් මෙට්‍රික් ටොන් මිලියනයක් අතුරුදන් කියලා. ඉතින් ඒවා කොහෙද තියෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. ආණ්ඩුව සතු සියලු ගබඩාවල එකතුව මෙට්‍රික් ටොන් ලක්ෂ 3යි. පොළොන්නරුවේ ප්‍රධාන මෝල් හිමියන්ගේ මෝල්වල එකතුවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 3යි. ඒ සියලුම ගබඩාවල වී ගොඩ ගැහුවත් තියෙන්න පුළුවන් මෙටි්‍රක්  ටොන් ලක්ෂ 6යි. ඉවට කියන්න සිදුවෙලා තියෙනවා. රටක් තවදුරට ත් ඉවට ගියපු කාලය ඉවරයි. ලෝකයක් තවදුරට ත් ගමන් කරන්නේ ඉවට නෙමෙයි දත්තවලට. හැබැයි අපි ළඟ ප්‍රධාන ආහාරය වන වී නිෂ්පාදනය කරන ප්‍රමාණය අපි දන්නේත් නෑ පරිභෝජනය කරන ප්‍රමාණය අපි දන්නේත් නැහැ. ඒ නිසා අපි ඉතා ඉක්මණින් ශක්තිමත් දත්ත පද්ධතියක් හදනවා. මට තව සති දෙකක් දෙන්න සහතික මිලට වඩා අඩුවෙන් හැර වැඩියෙන් එක හාල් ඇටයක් ලංකාවේ වෙළෙඳපොළේ නැහැ. සති දෙකක් දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *