ට්‍රම්ප් – සෙලෙන්ස්කිහමුව උණුසුම් වෙයි. යුරෝපය ඇතුලු කැනඩාවේ සහය යුක්‍රේනයට.

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky වොලොදිමීර් සෙලෙන්ස්කිගේ අමෙරිකානු සංචාරය මේ වන විට ලොව පුරා අවධානයට ලක්ව තිබේ.

ඒ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපතිDonald Trump's ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ධවල මන්දිරයේ දී පැවති හමුව උණුසුම් වචන හුවමාරුවකින් අවසන් වීමත් සමගිනි.

රුසියා - යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා වූ අවස්ථාවේ ජනාධිපතිවරුන් දෙපළ අතර මෙම උණුසුම් වචන හුවමාරුව සිදුව තිබූ අතර එය ලෝක මාධ්‍ය වෙත ද විවෘත වීම විශේෂත්වයකි.

යුද්ධය ආරම්භ කිරීමට මූලික වූ රුසියානු ජනාධිපති Vladimir putin ව්ලැද්මීර් පුටින්ට සහය නොදක්වන ලෙස අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කිරීම, යුක්‍රේන ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබුණ ද ඒ සම්බන්ධයෙන් ඇතිවූ සාකච්ඡාවේ දී ට්‍රම්ප් ජනාධිපතිවරයාට සහ එරට උප ජනාධිපති JD Vance ජේ ඩී වාන්ස් හට අගෞරව වන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට ඔවුන් විසින් යුක්‍රේන ජනාධිපතිවරයාට චෝදනා කර තිබුණි.

ඇතිවූ තත්ත්වයත් සමග යුක්‍රේන ජනාධිපතිවරයාට ධවල මන්දිරයෙන් පිටව යන ලෙස ද දැනුම් දීමක් සිදුකර ඇති බව ධවල මන්දිරය වාර්තා කළේය.

සාකච්ඡාවෙන් පසු අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ යුද ගැටුම් අවසන් කර සාමය ඇති කිරීම සඳහා යුක්‍රේන ජනාධිපතිවරයාගේ කැමැත්තක් නොමැති අතර මිලියන ගණනක ජනතාවගේ ජීවිත පිළිබඳව ද ඔහුට තැකීමක් නොමැති බවය.

මේ අතර රාජ්‍ය නායකයින් දෙපළක් අතර ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවක් මෙලෙස උණුසුම් හා මතභේදකාරී ලෙස පැවැත්වෙන ආකාරය දුටු පළමු අවස්ථාව මෙය බව එය ආවරණය කළ මාධ්‍යවේදීන් සඳහන් කර තිබුණි.

බ්‍රිතාන්‍ය ප්‍රංශය ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින්ගේ අවධානය ද මේ සම්බන්ධයෙන් යොමුව තිබූ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer කීර් ස්ටාමර් විසින් අමෙරිකා හා යුක්‍රේන ජනාධිපතිවරුන් දෙපළ සමගම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර තමා සහ ට්‍රම්ප් ජනාධිපතිවරයා අතර ඇතිවූ මතභේදකාරී තත්ත්වය දෙපාර්ශවයටම යහපත් තත්ත්වයක් නොවන බවට පිළිගන්නා නමුත් දෙරට අතර සබදතා තවදුරටත් පවත්වාගෙන යාමට එය බාධාවක් නොවනු ඇති බවට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර සිටියේය.

මේ අතර මෙම උණුසුම් වචන හුවමාරුවෙන් පසුව යුරෝපා නායකයින් රැසක් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි හට සහය පළ කරමින් අදහස් දක්වා ඇත.

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron එමානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශ කර ඇත්තේ යුක්‍රේනයට සහය පළ කරමින් රුසියාවට සම්බාධක පැනවීමට මීට වසර 03කට පෙර තම රට ගත් තීරණය තවදුරටත් එලෙසම අනුගමනය කරන බවය.

යුක්‍රේනයට ජර්මනිය හා යුරෝපා සංගමය මත විශ්වාසය තැබිය හැකි බව ජර්මානු  Chancellor Olaf Scholz චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් ප්‍රකාශ කර ඇති අතර ඉතාලි අග්‍රාමාත්‍ය Giorgia meloni ජෝර්ජියා මෙලෝනි සදහන් කර ඇත්තේ යුක්‍රේන යුද්ධය පිලිබද සාකච්ඡා කිරීම සදහා අමෙරිකාව, යුරෝපය හා ඊට සම්බන්ධ පාර්ශ්ව අතර හදිසි සමුළුවක් කැදවිය යුතු බවය.

යුක්‍රේනයට අඛණ්ඩව සහය ලබාදෙන බවට සහතික වී ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර්, කල්පවතින සාමයක් ලගා කර ගැනීම සදහා හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

මේ අතර යුක්රේනයට සහාය දක්වන පණිවිඩ රාශියක් යුරෝපීය නායකයින් විසින් - කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ අගමැතිවරුන්ගේ සටහන් සමඟ - පළ කරන විට, සෙලෙන්ස්කි ඒ සෑම එකකටම පිළිතුරු දුන්නේ: "ඔබගේ සහයෝගයට ස්තූතියි."යනුවෙනි.

මෙහිදී කැනේඩියානු අග්‍රාමාත්‍ය Justin trudeau ජස්ටින් ටෲඩෝ පවසා ඇත්තේ කැනඩාව "සාධාරණ සහ කල් පවතින සාමයක් සාක්ෂාත් කර ගැනීම සඳහා යුක්රේනයට සහ යුක්රේනයේ ඡනතාව සමඟ දිගටම සිටින" බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *