ග්‍රිනිච් මධ්‍ය රේඛාව මත සිට අවට බැලුවෙමි.ලෝකයේ ලොකුම මිරිදිය විල බලන්නට උතුරු ඔන්ටාරියෝවට
Post Views: 34 යුරෝපා සංචාරයක මතකය ග්‍රිනිච් මධ්‍ය රේඛාව මත සිට අවට බැලුවෙමි. අපි සමාජ අධ්‍යනය පොතේ ඉගෙනගත්ත දේශාංශ රටින් රටට වෙලාව තීරණය කරන්න ඉතාමත්ම වැදගත් වන දෙයක්. ඒ අනුව ග්‍රිනිච් මධ්‍ය රේඛාවෙන් පටන් අරගෙන බටහිරටත්, නැගෙනහිරටත් අංශක 180 බැගින් ඇදි මනකල්පිත රේඛා භාවිතයෙන් රටින් රටට වෙලාව තීරණය වෙනවා. අපි දැන් ඉන්නෙ ඒ ග්‍රිනිච් මධ්‍ය රේඛාව උඩ හිටගෙන. ග්‍රිනිච් මධ්‍ය රේඛාව පිහිටා තිබෙන්නෙ එංගලන්තයේ තේම්ස් නදිය අසබඩ තියෙන මනරම් උද්‍යානයක කෙලවර තියෙන කදු ගැටයේ. හරියටම 1676 දෙවන චාල්ස් රජතුමා විසින් පිහිටුවන ලද රාජකීය ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ. Royal Observatory රාජකීය තාරකා විද්‍යාඥයාගේ පර්යේෂණාගාරය ලෙස 1876 දී මුලින්ම භාවිතා කල John Flamsteed ගේ නිවහන ලෙසින් පහත මාලයක්, කාර්යාලය ලෙස අටපට්ටම් හැඩයේ ඉහල මාලයත් භාවිතා වුණා. ඔහුගෙන් පසු ඒ තනතුර දැරුවේ හැලීගේ ධූමකේතුවට නම් ලද Edmond Hailey. මේ පරිශ්‍රයේ තිබෙන ග්‍රිනිච් මධ්‍ය රේඛාව තඹ පතුරකින් රේඛාවක් ලෙසින් මැනැවින් සකස් කොට දෙපසින් Stainless…


