ආසියානු රන් පදක්කමත් රුමේෂ්ට.

ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට රුමේෂ් තරංග සමත් වේ.මෙවර ක්‍රීඩා උලෙ‍ළේදි ශ්‍රී ලංකාව හිමිකරගත් පළමු රන් පදක්කම මෙයයි.

ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසිකිරීමේ අවසන් තරගය පසුගිය 28 වැනිදා ආරම්භ වුණේ ජපාන වේලාවෙන් රාත්‍රී 8.15 ට පමණය. ඒ ආසියාවේ ප්‍රබලතම හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයින් 14 දෙනෙකුගේ සහභාගිත්වයෙනි.

ලොව අංක එකේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා වන රුමේෂ් තරංග තම පළමු විසිකිරීමේදි වාර්තා කළ දුර මීටර 73.53 කි.

ඔහුගේ දෙවැනි විසිකිරීම මීටර 83.34 ක් ලෙස සටහන් විය. රුමේෂ්ගේ තුන්වැනි විසිකිරීම සාර්ථක වූයේ නැත.

පළමු උත්සහයන් තුනේදි ඉහළම දක්ෂතාව දැක්වු ක්‍රීඩකයින්ට තවත් අවස්ථා තුනක් ලබාදුන්නේය. ඒ අනුව රුමේෂ් 4 වැනි උත්සහයේදි දැක්වු දක්ෂතාවය මීටර 88.33 කි. අවසන් උත්සහයේදි මීටර 88.55 දුරක් වාර්තා කරන ලදි. ඔහුට රන් පදක්කම හිමිවූයේ ඒ අනුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …