ප්‍රසිද්ධ මල්ලවපොර (Pro Wrestling) ක්‍රීඩක’පැක්’ (Pac) හෙවත් බෙන්ජමින් සැටර්ලි මියයයි.

‘පැක්’ (Pac) යන රිං නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධ වූ ඉංග්‍රීසි ජාතික ප්‍රසිද්ධ මල්ලවපොර (Wrestling) තරගකරුවෙකු වන බෙන්ජමින් සැටර්ලි (Benjamin Satterley) වයස අවුරුදු 40 දී මියගොස් ඇති බව ‘ඕල් එලීට් මල්ලවපොර’ (All Elite Wrestling – AEW) ආයතනය නිවේදනය කර තිබේ.

එංගලන්තයේ නිව්කාසල් (Newcastle upon Tyne) නගරයේ උපන් සැටර්ලි, 2004 වසරේදී මල්ලවපොර ක්ෂේත්‍රයට පිවිසි අතර, සිය සුවිශේෂී උසස් පියාසර ප්‍රහාර (high-flying moves) සහ දක්ෂතා මඟින් ලොව පුරා රසිකයන් පී්‍රතියට පත් කළ ක්‍රීඩකයෙකි. ඔහු 2019 වසරේදී AEW ආයතනය සමඟ ගිවිසුම්ගත වූ අතර, එහිදී ප්‍රධාන ශූරතා කිහිපයක්ම දිනා ගැනීමට සමත් විය. මීට පෙර ඔහු ‘ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ.’ (WWE) සමාගම තුළ ‘නෙවිල්’ (Neville) යන නමින් තරග වැදුණු අතර, “කෲස්වෙයිට් ශූරයන්ගේ රජු” (King of the Cruiserweights) ලෙසද ප්‍රසිද්ධියට පත්විය.

කෙසේ වෙතත්, ඔහුගේ අභාවයට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත. මෙම කණගාටුදායක පුවත වාර්තා වූයේ චිකාගෝ අසල පැවති AEW හි “ඕල් අවුට්” (All Out) ප්‍රදර්ශනයට පසුදිනකදීය. එහිදී ඔහු ඇන්ඩ්‍රේ එල් ඉඩෝලෝට (Andrade El Ídolo) එරෙහිව තරග වැදී තිබුණි.

ඔහුගේ වියෝව සම්බන්ධයෙන් වික් ඕස්ප්‍රේ (Will Ospreay) සහ නික් වේන් (Nick Wayne) ඇතුළු සෙසු මල්ලවපොර ක්‍රීඩකයන් මෙන්ම ලොව පුරා සිටින රසිකයන් සිය දැඩි කණගාටුව සහ ශෝකය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …