කවිකතාව – සඳලතා – 1

ආදර යහළු යෙහෙළියනේ..

ඔබගේ රසවින්දනය සඳහා මගේ පන්හිඳෙන් හැඩවූ ‘සඳලතා’ කවිකතාව මෙතැන් පටන් ඔබ වෙත ගෙන එන්නට අවසර ..

සඳලතා 

කවි කතාව – 1 කොටස 

හද පිරි තුටින් ඔබ සැම දෙන          පිළිගන්නේ

සැම දෙවි නැමද මුලසුන අද       හොබවන්නේ

ඇගෙ දිවි ගමනෙ රස තොරතුරු    ගෙනඑන්නේ

හොඳ හැටි යොමා දෙසවන් එය      විඳගන්නේ

සුපතල තැනකි බැද්දේගම හෙල           දෙරණ

වැජබෙන කුඩා පවුලකි සැම දෙන         හැඳින

නිලමෙද ටිකිරි මැණිකා ගෙද ලොව       දිලෙන

දුව සඳලතා වෙයි නිවසට සිරි            ගෙනෙන

හොඳ හැදියාව සංවරකම ඇත             පිරිලා

තෙපලන වදන් ගෙයි මිදුලට නැත         ඇහිලා

පහලට හැලෙන ගවුමද දණහිස          වැහිලා

කදිමට පීරලා දිගු වරලස                  ගොතලා

අහවර කර සිටියි පාසල් විය              සොඳුරු

ඔසවයි දෙපා ලොව වෙත මල් කෙමි      ඇතිරු

කළඹන කලට සිතිවිලි හද තුළ             නුහුරු

මදහස නැගෙයි දෙතොලට නොසිතන     අයුරු

ගෙවනා කලට දිවි සිරවී තුළ                 නිවස

ලැබුනේ කුඩා රැකියාවකි නිවි                පවස

යනෙනා අතර සේවෙට උදයෙද             සවස

දුටුවේ කදිම කොලුගැටයෙකි හැම         දවස

මතු සම්බන්ධයි…..

ලියෝනි අමරතුංග – හැමිල්ටන් 

https://sithiwilimanpetha.blogspot.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today