ක්‍රීඩා සංගම් 3ක් තහ­නම් කෙරේ.

ශ්‍රී ලංකා බැඩ්මි­න්ටන් සංග­මයේ සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේ­ල­නයේ ලියා­ප­දිං­චිය තාව­කා­ලි­කව අත්හි­ටුවා, එම සංගම් දෙකේ සිදුව ඇතැයි කියන දූෂණ, වංචා හා අක්‍ර­මි­කතා විම­ර්ශ­නය කිරී­මට පරි­ව­ර්තන කමිටු දෙකක් පත් කිරී­මට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා කට­යුතු යොදා ඇත. ඒ සමඟ අති විශේෂ ගැසට් පත්‍ර­යක් මඟින් මෝටර් රථ ක්‍රීඩා සංග­මයේ ලියා­ප­දිං­චිය ද තාව­කා­ලි­කව අත්හි­ටුවා, එහි පරි­පා­ල­නය හා ඉදිරි ව්‍යවස්ථා සංශෝ­ධන ක්‍රියා­ව­ලිය සම්පූර්ණ කිරී­මට ක්‍රීඩා අමා­ත්‍යාංශ ලේක­ම්ව­ර­යාට බලය පවරා ඇත.

1973 අංක 25 දරන ක්‍රීඩා නීතිය යටතේ මෙම අති­වි­ශේෂ ගැසට් නිවේ­දන ප්‍රකා­ශ­යට පත්ව ඇති අතර, නව නිල­ධාරී මණ්ඩ­ල­යක් තෝරා පත් කර ගන්නා තෙක් ශ්‍රී ලංකා බැඩ්මි­න්ටන් සංග­මයේ සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේ­ල­නයේ කළ­ම­නා­ක­ර­ණය මෙම පරි­ව­ර්තන කමිටු දෙකට පවරා ඇත.

එම කමිටු දෙක මඟින් බැඩ්මි­න්ටන් සහ පාපැදි ක්‍රීඩාවේ වංචා, දූෂණ සහ අනෙ­කුත් අක්‍ර­මි­කතා විම­ර්ශ­නය කිරීම, ක්‍රීඩා නීති­යට සහ අදාළ රෙගු­ලා­සි­ව­ලට අනු­කූ­ලව නව ව්‍යව­ස්ථා­වක් සම්පා­ද­නය කිරීම, නව ව්‍යවස්ථා යටතේ සුදු­සු­කම් ලත් සාමා­ජි­ක­යන් ලියා­ප­දිංචි කිරීම සහ ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලිය සම්පූර්ණ කිරීම කළ යුතු අතර, ඒ සඳහා විශේෂ මහා සභා රැස්වීම් සහ වාර්ෂික මහා සභා පැවැ­ත්වීම කළ යුතු බව ගැසට් නියෝ­ග­වල සඳ­හන් වේ.

බැඩ්මි­න්ටන් සංග­මයේ සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේ­ල­නයේ නව ව්‍යවස්ථා ලියා­ප­දිංචි කිරී­මෙන් දින 90ක් ඇතු­ළත එම සංගම් දෙකේ නිල­ව­රණ පවත්වා නිල­ධා­රීන් පත්කර ගැනීම අනි­වාර්ය බව ගැසට් නියෝ­ග­වල දක්වා ඇත.

පස් දෙනෙ­කු­ගෙන් සම­න්විත ශ්‍රී ලංකා බැඩ්මි­න්ටන් පරි­ව­ර්තන කමි­ටුවේ සභා­ප­ති­ත්වය එම්.එච්.එස්.එස්. කුසුම් කුමාර මහ­තාට පවරා ඇති අතර, හිටපු බැඩ්මි­න්ටන් ක්‍රීඩක නිලූක කරු­ණා­රත්න, මිලින්ද සූරි­ය­ආ­රච්චි, ස්වදේශ් රන්දික ද සිල්වා සහ සමන් ශ්‍රී ලාල් යන මහ­ත්වරු සෙසු සාමා­ජි­කයෝ වෙති.

ශ්‍රී ලංකා බැඩ්මි­න්ටන් සංග­මයේ හිටපු සභා­ප­ති­ව­ර­යාගේ ධුර කාලය තුළ සිදු වූවා යැයි පව­සන අක්‍ර­මි­කතා සහ විෂ­මා­චාර සම්බන්ධ චෝදනා මාලා­වක් ඉදි­රි­පත් කර­මින් ශ්‍රී ලංකා බැඩ්මි­න්ටන් විධා­යක කමි­ටුව විසින් ඔහුගේ තන­තුර අත්හි­ටු­වී­මට පිය­වර ගැනී­මත් සමඟ මෙම පරි­ව­ර්තන කමි­ටුව පත් කිරීම විශේ­ෂ­ත්ව­යකි.

පසු­ගිය වසරේ මැයි මාසයේ සිට වසර දෙකක කාල­යක් සඳහා තේරී පත් වූ හිටපු සභා­ප­ති­ව­ර­යාට ශ්‍රී ලංකා බැඩ්මි­න්ටන් විධා­යක කමි­ටුව චෝදනා පත්‍ර­යක් භාරදී එම චෝදනා පත්‍රය නිකුත් කළ දින සිට සති­යක් ඇතු­ළත සවි­ස්ත­රා­ත්මක ලිඛිත පැහැ­දිලි කිරී­මක් ඉදි­රි­පත් කළ යුතු බවට දැනුම්දී තිබිණි.

ශ්‍රී ලංකා පාපැදි සම්මේ­ලන පරි­ව­ර්තන කමි­ටු­වට සභා­පති අනුර මහ­ආ­ර­ච්චිගේ මහතා ප්‍රමුඛ සාමා­ජි­ක­යන් පස් දෙනෙකු නම්කොට ඇත. විශ්‍රා­මික රියර් අද්මි­රාල් චන්දන රත්නා­යක, ආර්. චන්ද්‍ර­සේ­කර, උපාලි රත්නා­යක සහ කුස­ලානි වික්‍ර­ම­රත්න යන මහත්ම මහ­ත්මීහූ එම කමි­ටුවේ සෙසු සාමා­ජි­කයෝ වෙති.

එම කමි­ටුවේ වග­කීම් අත­රට සම්මේ­ල­නය තුළ සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සහ අනෙ­කුත් අක්‍ර­මි­කතා විම­ර්ශ­නය කිරීම, නව ව්‍යව­ස්ථා­වක් කෙටු­ම්පත් කිරීම, සුදු­සු­කම් ලත් සාමා­ජි­ක­යන් ලියා­ප­දිංචි කිරීම සහ නව නිල­ධාරී මණ්ඩ­ලය තෝරා පත් කර ගැනීම සඳහා අවශ්‍ය විශේෂ මහා සභා රැස්වීම් පැවැ­ත්වීම ඇතු­ළත් වේ.

පසු­ගිය වසරේ අගෝස්තු 21 වන දින ප්‍රකා­ශ­යට පත් කරන ලද අංක 2450/42 දරන අති­වි­ශේෂ ගැසට් නිවේ­ද­නය මඟින් පාපැදි සංගම් පරි­පා­ල­නය ක්‍රීඩා අධ්‍යක්ෂ පෙන­රාල් යට­තට පවරා තිබූ අතර, වහාම ක්‍රියා­ත්මක වන පරිදි එම අති­වි­ශේෂ ගැසට් නිවේ­ද­නය අව­ලංගු කිරී­මට පිය­වර ගෙන ඇත. නව පරි­ව­ර්තන කමි­ටුව පාපැදි ව්‍යව­ස්ථා­වක් සැක­සිය යුතු අතර, ඒ යටතේ වාර්ෂික මහා සභා රැස්වී­ම­කදී නිල­ධාරී මණ්ඩ­ලය තෝරා පත් කර ගැනීම කළ යුතු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …