
ගාමිණි ෆොන්සේකා හා ස්වර්ණා මල්ලවආරච්චි රඟපෑ ‘La Livere De Crystal’, ප්‍රංශ චිත්‍රපටය

ප්‍රංශය, පෘතුගාලය හා ස්විට්සර්ලන්තය එක්ව තැනූ ප්‍රංශ චිත්‍රපටයක් ‘ La Livere De Crystal’ නමින් ප්‍රංශයේ නිර්මාණය වී ප්‍රංශය, ස්විට්සර්ලන්තය හා පෘතුගාලයේ 1994 වර්ෂයේ දී තිර ගත විය.
මෙය ශ්‍රී ලංකාව පසුබිම් කරගත් යුරෝපීය ත්‍රාසජනක චිත්‍රපටයකි. ජීවිතය, මරණය සහ මතකය පිළිබඳ දාර්ශනික අර්ථයන් විග්රහ කිරීමට මෙම චිත්‍රපටය උත්සාහ කරයි. එලෙසම ශ්‍රි ලංකා ජනවාර්ගීක කොටි ත්‍රස්තවාදි පසුබිමත් සමඟ ලියවුනු කථාවකි.
චිත්‍රපටයේ කථාව අනුව, මෙහී කථා නායකයා තම බිරිඳ සමඟ ජීවත් වී තිබුණේ ලංකාවේය. එහෙයින් චිත්‍රපටය අඩක්ම රූ ගත වූයේ ලංකාවේය. අප මුලින්ම මෙයට ගැබ්වූ කථාව බලමු.
ජෝන් බිලේටර් ( ඔහුව හැඳින් වූයේ JB නමිනි) යනු පෙරදිග සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනයන් නිසා ප්‍රසිද්ධියට පත් වූ විද්වතෙකි. එමෙන්ම ඔහු අධික ලෙස මත්පැන් පානය කරන්නෙකු වන අතර, සිය බිරිඳ සියදිවි නසාගැනීමෙන් පසු එම කම්පනයෙන් කිසිදා සම්පූර්ණයෙන් මිදී නැත. බුදුන් වහන්සේගේ මතකය පිළිබඳ දේශනාවක් අඩංගු බව කියැවෙන වීදුරු පුවරු මත ලියන ලද පොතක් පරිවර්තනය කිරීම සඳහා ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙයි.
ශ්‍රී ලංකාවේ සිටින අතරතුර, ජූලියා නම් ආකර්ෂණීය හෙදියක් ඔහුගෙන් උපකාරයක් ඉල්ලා සිටී. තම පියා සොයා යාමට අවශ්‍ය තරුණ පිරිමි ළමයෙකුට උපකාර කරන ලෙස ඇය JB ගෙන් ඉල්ලා සිටියි. එම පියා මේ වන විට දෙමළ සන්නද්ධ කණ්ඩායම් පාලනය කරන ප්‍රදේශයක ජීවත් වෙයි. එම ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වන ඕනෑම අයෙකු දෙමළ ත්රස්තවාදීන් විසින් මරා දමනු ඇත.
එම ගමනට යා යුතුද නැද්ද යන්න තීරණය කිරීමේදී JB ගේ අභ්‍යන්තර ගැටුම තවත් උග්‍ර කරන්නේ, ඔහු සිය බිරිඳ සමඟ ජීවත් වූ ඔහුගේ පැරණි නිවසද එම ප්‍රදේශයේම පිහිටා තිබීමයි.
එහෙත් JB නොදන්නා කරුණක් වන්නේ, ඔහු සමඟ පියා සොයා යාමට උත්සාහ කරන එම පිරිමි ළමයා සැබැවින්ම දෙමළ ඔත්තුකරුවෙකු වීමයි.

මෙය අධ්‍යක්ෂනය කළේ ස්විට්සර්ලන්ත ජාතික අධ්‍යක්ෂක වරියකි. ඇය පැට්‍රීෂියා ප්ලැට්නර්ය. ඇය ස්විට්සර්ලන්තයේ මෙන්ම ප්‍රංශයේ ප්‍රචලිත චිත්‍රපට අධ්‍යක්ෂක වරියක් වූ අතර, ඇය මින් පෙර අධ්‍යක්ෂනය කළ ‘පියානෝ පේනියර්’, චිත්‍රපටය වඩාත් ජනප්‍රිය වූවකි.
‘La Livere De Crystal’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ‘ජෝන් බිලේටර්’ ලෙස රඟපෑවේ ‘ජීන් ෆ්රැන්කෝයිස් බල්මර්’ නම් ස්විට්සර්ලන්ත ජාතික නළුවෙකි. ගාමිණී ෆොන්සේකා රඟපෑවේ පොලිස් S.S.P. මොල්ලිගොඩ ගේ චරිතයය. මෙහී ප්‍රධාන කාන්තා චරිතය රඟපෑවේ ඉතාලි හා ප්‍රංශ නිළියක් වූ ‘වැලේරියා බෲනීය’.
ස්වර්ණා මල්ලවආරච්වි රඟපෑවෙි සොනාලි ජයසිංහ නම් වූ චරිතයයි. ඩග්ලස් රණසිංහ රඟපෑවේ ‘සිරි ද සිල්වා’ නම් චරිතයකි. එයද ප්‍රධාන චරිතයකි. ඊට අමතරව ශ්‍රී ලංකාවෙන් වින්සන්ට් වාස් , දෙනවක හාමිනේ, රාජා සුමනපාල, ප්‍රේමසිරි කල්පගේ , සුගත් ප්‍රසන්න හා එස් මාධවන් ලංකාවේ දර්ශන වල රඟපෑහ.
‘ La Livere De Crystal’ ඉංග්‍රිසියෙන් හැඳින්වූයේ ‘ The Crystal Book’ කියාය.

මෙම චිත්‍රපටය, ප්‍රංශයේ,හා ස්විට්සර්ලන්ත මෙන්ම යුරෝපා රටවල් කීපයකම තිර ගත කර ඇත්තේ 1994 වර්ෂයේය. මෙහී ලාංකාවේ රූ ගත කරන විට නිශ්පාදන කළමනාකරු වී සිටියේ චන්ද්‍රන් රත්නම් ය.
ලංකාව තුළ මෙය ප්‍රදර්ශනය වූවාදැයි මතකයක් නැත. චිත්‍රපටයේ Trailer එක නම් You tube ඇත. චිත්‍රපටය නම් සොයාගැනීමට අපහසුය.
– ශෝන් මැක්ස්මස් දිසානායක
https://www.facebook.com/shaun.dissanayake
මිල්ටන් මල්ලවආරච්චි’

මිල්ටන් මල්ලවආරච්චි ගේ සත්‍ය නාමය:
දොන් සුමනසිරි මල්ලවආරච්චි
ඔහු ඉපදුනු දිනය:
1944 අප්‍රේල් 7 වන දින
මිල්ටන් මල්ලවආරච්චි මුලින් ගීත ගැයූ ගායක කණ්ඩායම:
‘සාක්යන්ස්’ (පසුව එය ‘ ලා සිලනියස්’ නම් විය)
ඔහුගේ ප්‍රථම ගීත 4 තැටියේ අඩංගු ගීත 4:
1.’ඔරුවක පාවෙන
2.රන් කූඩුව ඔබ සෑදූ
3.සංසාර සෙවනැල්ල
4.මංගලේ නෙත් මංගලේ
ඔහුගේ ප්‍රථම යුග ගීතය:
‘බිංදු බිංදු අම මී බිංදු’
එම යුග ගීතය ගැයූ ගායිකාව:
ආර්. චිත්‍රා
මිල්ටන් මල්ලවආරච්චි ගේ ප්‍රථම චිත්‍රපට ගීතය:
‘තක්කිට තරිකිට පදයට නටපන් නෑනෝ’
එය අයත් වූ චිත්‍රපටය:
‘රන් ඔන්චිල්ලා’
මිල්ටන් මල්ලවආරච්චි මුලින්ම පුධාන නළුවෙකු වෙනුවෙන් ගැයූ ගීතය.:
‘ ලස්සන සිහිනය දෝත් නෙලන්නට’
එය ගැයුවේ:
ජෝ අබේවික්‍රම වෙනුවෙනි
එම ගීතය අයත් චිත්‍රපටය:
‘සීයේ නෝට්ටුව’
මිල්ටන් මල්ලවආරච්චි ගැයූ හින්දි ගීතය:
‘ඒක කලී තී බ දි ලජීලි’
එය අයත් වූ චිත්‍රපටය හා රඟපෑ නළුවා:
‘සිරිල් මල්ලි’ චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා වෙනුවෙන්.
මිල්ටන් මල්ලවආරච්චි ගායනයෙන් පෙනී සිටි මුල් චිත්‍රපටය
‘මල් කැකුළු’ -( ශ්‍යාමි ෆොන්සේකා සමඟ)
එම ගීතය
‘ ලස්සන දෑසක් ඉස්සර මා සෙව්වා’
මිල්ටන් මල්ලවආරච්චි තම බිරිඳ ස්වර්ණා වෙනුවෙන් ගැයූ ගීතය:
‘ඈත එපිට දුර ආකාසේ’
ඔහු තම වැඩිමහල් පුතු රනිල් වෙනුවෙන් ගැයූ ගීතය:
‘ රනිල් පුතේ හිනැහෙන්, සුපුන් සඳක් විලසින්’
ඔහු තම පළමු දියනිය හර්ෂණී වෙනුවෙන් ගැයූ ගීතය:
‘හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂණී
එලෙසම දූ නදිජා හා පුත් තාරක වෙනුවෙනුත් එම නමින්ම ගීත ගයා ඇත.
මිල්ටන් මල්ලවආරච්චි ගේ ප්‍රථම සිනමායුග ගීතය ඇතුලත් චිත්‍රපටය
‘සැණකෙළිය’
එම ගීතය:
‘සමනල රෑනක් සේ’
සහය ගායිකාව
‘ඉන්ද්‍රණි පෙරේරා’
ඔහුගේ ගීත ශෛලය වෙනස් කෙරූ ගීතය
‘රෝමය ලෙසේ ( වෙන වයා නැළවෙමු)
ඔහු අවසන් වරට තැටි ගත කළ ගීතය
‘අග රැජිණිය’ ( එය සෙනෙහස බිඳුවක් ඇල්බමයට අයත් ගීතයකි.)
ඔහු අවසන් වරට ගී ගැයූ චිත්‍රපටය
‘ඇයි ඔබ තනිවෙලා’
ඔහු ගී ගැයූ චිත්‍රපට සංඛ්‍යාව:
91
ඔහු අවසන් වරට සහභාගි වූ රූපවාහිනි වැඩ සටහන
ජාතික රූපවාහිනි නාලිකාව
එම අවසන් වැඩසටහන මෙහෙය වූ නිවේදිකාවිය:
තිලකා රණසිංහ
මිල්ටන් මල්ලවආරච්චි පෞද්ගලීකව ප්‍රිය කල ගීතය
‘සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ’
මිල්ටන් මල්ලවආරච්චි හොඳම ගායකයාට හිමි සම්මානය ලබා ගත් ගීතය:
‘කැන්දන් යන්නන් රන් මල් මාලා දාලා’
එය අයත් චිත්‍රපටය;
‘ඈතින් ඈතට’
සමිමානය
‘සරසවිය’ සමිමානය
මිල්ටන් මල්ලවආරච්චි මිය ගිය දිනය:
1998 මාර්තු 10
මිය යනවිට ඔහුගේ වයස
54
-ශෝන් මැක්ස්මස් දිසානායක
https://www.facebook.com/shaun.dissanayake

විශ්වයම විශ්මයට පත් කළ අන්ධ ගායක Steve Wonder

‘I just called to say I love you
I just called to say how much I care
I just called to say I love you
And I mean it from the bottom of my heart’
ලෝකයේ මෙම ගීතය නොඇසූ අය ඇතැයි සිතීමට නොහැක. ගීත නොඅසන අයද, නැත්නම් ඉංග්‍රීසි ගීත නොඅසන අය වුවද, මෙම ගීතය නම් අසා ඇත. එයට අනිවාර්යයෙන්ම වශී වී ඇත. එක් වරක් හෝ රහසින් හෝ මෙම පද ටික මුමුණා ඇත. ඇමරිකානු කලු ජාතික අන්ධ ගායක ‘ස්ටිව් වන්ඩර්’ විසින් ගායනා කළ මෙම ගීතය මුලු විශ්වයේම ආකර්ෂනය දිනා ගැන්මට හැකි විය. කව්ද මේ ‘ස්ටිවි වන්ඩර්’ ?
ඔහුට ‘ස්ටීව්’ කියා නමක් නොතිබුණාට, ‘ස්ටීව්ලන්ඩ්’ කියා නමක් තිබුණි. ‘ස්ටීව්ලන්ඩ්’ ස්ටීව් විය. නමුත් ‘වන්ඩර්’ කියා නම් නමක් තිබුණේම නැත. ඔහු වයස අව්රුදු 11 දී සිට ප්‍රසංග වේදිකාවල දැක්වූ ප්‍රතිභාව ඉතාමත් විශ්මිත විය. ඒ නිසාම ඔහුව ජනතාව හැඳින්වූයේ ‘වන්ඩර් බෝයි’ (පුදුමාකාර පිරිමි ළමයා) ලෙසටය. ‘Steeve is a Wonder Boy’ කියන හැඳින්වීම අවසානයේදී ‘ ස්ටීව් වන්ඩර්’ ( Steeve Wonder) ලෙස බෞතීස්ම විය.
ඔහුගේ සම්පූර්ණ නම වූයේ ‘ස්ටීව්ලන්ඩ් හාර්ඩවේ මොරිස් ජඩ්කින්ස්’ ය. (Stevland Hardaway Morris Judkins). ඔහු 1950 මැයි 13 වැනිදා උපත ලැබූ අතර, වෘත්තීය වශයෙන් ගායකයෙකු, ගීත රචකයෙකු, සංගීතඥයෙකු සහ ගීත නිෂ්පාදකයෙකු ලෙස අදටත් ලෝක සංගීත ක්‍රේෂ්ථයේ සැරි සරන්නේය.
ඔහු 20 වැනි සියවසේ වඩාත්ම ජනප්‍රිය සංගීතඥයන්ගෙන් කෙනෙකු ලෙස සැලකේ. R&B, පොප්, සෝල්, ගොස්පල්, ෆන්ක් සහ ජෑස් ඇතුළු විවිධ සංගීත ශෛලීන්හි සංගීතඥයන් විසින් ඔහු පුරෝගාමියෙකු ලෙස හඳුන්වා දී ඇත.
1970 දශකයේදී වොන්ඩර් විසින් සින්තසයිසර් සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික් සංගීත උපකරණ භාවිත කිරීමෙන්, සමකාලීන R&B සංගීතයේ පැවති සම්ප්‍රදායික රටාවන් විශාල වශයෙන් වෙනස් කළේය. එමෙන්ම සංගීත ඇල්බමයක් යනු එකිනෙකට සම්බන්ධ වූ, එකම සංකල්පයකින් යුත් නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීමේ “Album Era” සංස්කෘතිය වර්ධනය කිරීමටද ඔහු විශාල දායකත්වයක් ලබා දුන්නේය. සංකීර්ණ සංගීත සංයෝජන සමඟ සමාජය පිළිබඳ අවබෝධයක් සහිත අදහස්ද ඔහුගේ LP ඇල්බම් තුළට ඇතුළත් කළේය.
උපත ලැබීමෙන් කෙටි කලකට පසු අන්ධභාවයට පත් වූ වොන්ඩර්, කුඩා වියේදීම අතිවිශිෂ්ට දක්ෂතා පෙන්වූ ළමා සංගීත ප්‍රතිභාවක් (child prodigy) විය. වයස අවුරුදු 11දී ඔහු ‘මොටෝවන්’ සමාගමේ Tamla ලේබලය සමඟ ගිවිසුම්ගත වූ අතර, එහිදී ඔහුට වෘත්තීය නාමය ලෙස “ලිට්ල් ස්ටීව් වන්ඩර්” යන නම ලබා දෙන ලදී.

යොවුන් වියේදීම ඔහු මොටොවන් සමාගමේ වඩාත්ම සාර්ථක කලාකරුවන්ගෙන් කෙනෙකු බවට පත්විය. ඔහුගේ උද්යෝගිමත් හාර්මෝනිකා වාදනය සහ උච්ච ස්වරයෙන් ගායනා කිරීම ඔහුගේ සුවිශේෂී ලක්ෂණ බවට පත්විය.
ඔහුගේ “Fingertips” ගීතය ඔහුට වයස අවුරුදු 13දී ම ලොව පළමු ස්ථානයට පිළිගැනෙන Billboard Hot 100 ගීත දර්ශකයේ අංක 1 ස්ථානයට පත්විය. එමඟින් එම දර්ශකයේ අංක 1ට පැමිණි වයසින් ළාබාලතම කලාකරුවා බවට ඔහු පත්විය.
වොන්ඩර්ගේ විචාරක සහ වාණිජමය වශයෙන් ඉහළම සාර්ථකත්වය ලැබූ කාලය 1972 සිට1976ලෙස හැඳින්වේ. එය 1972දී නිකුත් වූ Music of My Mind සහ Talking Book ඇල්බම් සමඟ ආරම්භ විය. එම නිර්මාණ හරහා ඔහු එතෙක් පැවති මොටවන් සංගීත ශබ්ද රටාවෙන් ඉවත්ව, සින්තසයිසර් සහ කීබෝඩ් මත වැඩි වශයෙන් පදනම් වූ නව සංගීත ශෛලියකට යොමු විය.
ඉන්පසුව නිකුත් වූ Innervisions (1973), Fulfillingness’ First Finale (1974) සහ Songs in the Key of Life (1976) යන ඇල්බම් හරහා ඔහු සංගීත ඉතිහාසයේ සුවිශේෂී වාර්තාවක් පිහිටුවීය. වසරේ හොඳම ඇල්බමය සඳහා ග්රැමි සම්මානය දිනාගත් පළමු කළු ජාතික සංගීතඥයා බවට ඔහු පත්වූ අතර, අඛණ්ඩව නිකුත් කළ ඇල්බම් තුනක් වෙනුවෙන් එම සම්මානය දිනාගත් එකම කලාකරුවා ලෙසද වාර්තා විය.
ඔහුගේ අන්ධභාවයට හේතුව මෙලෙස දැක්වේ. ස්ටීව් වොන්ඩර් උපත ලැබුවේ නියමිත කාලයට සති හයකට පෙරය. එම තත්ත්වයත්, රෝහලේ ඉන්කියුබේටරය තුළ තිබූ ඔක්සිජන් බහුල වාතාවරණයත් හේතුවෙන් ඔහුට, Retinopathy of Prematurity නම් රෝගී තත්ත්වය ඇති විය. එම රෝගය ඇස්වල වර්ධනයට බාධා කරන අතර, බොහෝ අවස්ථාවලදී ඇසේ රෙටිනා පටලය වෙන්වීමටද හේතු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ස්ටීව් වොන්ඩර් සම්පූර්ණයෙන්ම අන්ධ විය.
වොන්ඩර්ට වයස අවුරුදු හතරක් වන විට ඔහුගේ මව ඔහුගේ පියාගෙන් දික්කසාද වී, තම දරුවන් තිදෙනා සමඟ ඇමරිකාවේ ඩෙට්රොයිට් නගරයට පදිංචියට ගියාය.

වොන්ඩර් වයිට්ස්ටෝන් බැප්ටිස්ට් පල්ලිය වෙත ගිය අතර, එහි ගීතිකා කණ්ඩායමේ ගායනා කළේය. වයස අවුරුදු අටේදී ඔහු එහි ඒකල ගායකයෙකු (soloist) බවට පත්විය.
පසුව ඔහුගේ මව තම පළමු දරුවාගේ පියා සමඟ නැවත සම්බන්ධතාවයක් ඇති කර ගත්තාය. ඉන්පසු ඇය තවත් දරුවන් දෙදෙනෙකුද ලැබුවාය.
ස්ටීවි වොන්ඩර් “I Just Called to Say I Love You” ගීතය අයත් වූයේ ‘ The Wiman In Red’ චිත්‍රපටයටය. මෙම චිත්‍රපටය සඳහා නිර්මාණය කළ සංගීත ඇල්බමය නිකුත් වීම ඔහුගේ සංගීත දිවියේ තවත් වැදගත් අවස්ථාවක් විය. එහි ප්‍රධාන ගීතය වූ “I Just Called to Say I Love You”, ඇමරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ Pop සහ R&B ගීත දර්ශක දෙකෙහිම අංක 1 බවට පත්විය. 2002දී ප්‍රකාශයට පත් කරන ලද එක්සත් රාජධානියේ වැඩිම අලෙවියක් ලැබූ ඒකල ගීත ලැයිස්තුවේ එය 13 වැනි ස්ථානයටද පත්විය.
1985දී එම ගීතය හොඳම ගීතය සඳහා ඇමරිකානු ‘ඔස්කාර්’ සම්මානය දිනා ගත්තේය. ‘වොන්ඩර්,’ එම සම්මානය පිළිගත්තේ නෙල්සන් මැන්ඩලා වෙනුවෙන් බව ප්‍රකාශ කරමිනි. ඒ හේතුවෙන් දකුණු අප්‍රිකානු රජය, ඔහුගේ ගීත දකුණු අප්‍රිකාවේ සියලුම ගුවන්විදුලි නාලිකාවලින් විකාශනය කිරීම තහනම් කළේය.
ඊළඟ වසරේ නිකුත් වූ In Square Circle ඇල්බමයේ “Part-Time Lover” ගීතය පොප් ගීත දර්ශකයේ අංක 1ට පත්විය. එම ඇල්බමයේ “Go Home” ගීතයද Top 10 අතරට පැමිණියේය.
එහි “Overjoyed” නමැති බැලඩ් ගීතයද ඇතුළත් විය. එම ගීතය මුලින්ම Journey Through “The Secret Life of Plants” සඳහා රචනා කර තිබුණද, අවසානයේ එම ඇල්බමයට ඇතුළත් නොවීය. එහෙත් ස්ටීව් වොන්ඩර් Saturday Night Live වැඩසටහනේ නිවේදකයා ලෙස සහභාගී වූ අවස්ථාවේදී “Overjoyed” නම් වූ එම බැලඩ් ගීතය ගායනා කළේය.
එමෙන්ම Chaka Khan විසින් ගායනා කළ ජනප්‍රිය රොක් ගායක Prince ගේ “I Feel for You” ගීතයේ නව අනුවාදයටද ඔහු සහභාගී විය. එහිදී Melle Mel සමඟ එක්ව ඔහුගේ ප්‍රසිද්ධ හාර්මෝනිකා වාදනයද ඉදිරිපත් කළේය. ඒ ආසන්න කාලයේදීම ඔහු Eurythmics කණ්ඩායමේ “There Must Be an Angel (Playing with My Heart)” ගීතයටත්, Elton John ගේ “I Guess That’s Why They Call It the Blues” ගීතයටත් හාර්මෝනිකා වාදනයෙන් දායක විය.
ස්ටීවි වොන්ඩර් තුන් වතාවක් විවාහ වී ඇත. 1970 සිට 1972 දක්වා ඔහු මොටවන් ගායිකාවක්, ගීත රචිකාවක් සහ ඔහු සමඟ නිතර සංගීත කටයුතු කළ කලාකාරිනියක වූ ‘සිරිටා රයිට්’ සමඟ විවාහ වී සිටියේය. ඔවුන් දෙදෙනාගේ දික්කසාදය සුහදව සිදුවූ අතර, දික්කසාදයෙන් පසුවද ඔවුන්ගේ සංගීත සහයෝගීතාවය දිගටම පැවතුණි. 1995දී නිකුත් වූ Conversation Peace ඇල්බමයටද ඇය ගායනයෙන් දායක වූවාය.
2001 සිට 2015 දක්වා ඔහු ‘කයි මිලාඩ්’ නම් විලාසිතා නිර්මාණ ශිල්පිනිය සමඟ විවාහ වී සිටියේය. 2009 ඔක්තෝබර් මාසයේදී වොන්ඩර් සහ මිලාර්ඩ් වෙන්ව ජීවත් වීමට පටන් ගත්හ. 2012 අගෝස්තු මාසයේදී වොන්ඩර් දික්කසාදය සඳහා නඩු පැවරූ අතර, එම දික්කසාදය 2015දී අවසන් විය.
2017දී ස්ටීවි වොන්ඩර් ටොමීක් බ්රේස් නම් තරුණියක් සමඟ විවාහ විය. ඔහුට මෙම සියලු විවාහයන් වලින් දරුවන් 9 දෙනෙක් ලැබුණි. ගැහැණු දරවන්ම 5 දෙනෙක් විය. අයිෂා, සොෆියා, කෙයිටා, සහියා, සහ නියා, එම ගැහැණු ළමයි 5 දෙනාය. මැන්ඩ්ලා, කයිලන්ඩ්, ක්වාමි, මුම්ටාස්, ඔහුගේ පිරිමි දරුවන් හතරදෙනාය. මේ කිසිවෙක් අන්ධ නැත. මේ සියල්ලෝම සංගීතයට සම්බන්ධය. ඔහුගේ වැඩිමහල්ම දරුවා වූ අයිෂා දියණිය මේවන විට අව්රුදු 52 පසු කර ඇත.
ස්ටීවි වොන්ඩර් මේ වන විටත් ගීත ඇල්බම් 300 කට අධික සංඛ්‍යාවක් පිට කර ඇත. ( ගීත නොව, ඇල්බම් ය). ගීත හරියටම ගනනය කළ නොහැක. කෙසේ හෝ ගීත 3000 කට අධිකය.
දැනට 76 වන වියේ පසුවන මේ අප්‍රිකානු, ඇමරිකානු කළු ජාතික අන්ධ ගායකයා, තවමත් ලෝකයේ සංගීත ක්රේෂ්තයේ බලකනුවක් වී දැවැන්තව, සක්‍රීයව වැජඹේ.
“No Libra sun, no Halloween
No giving thanks to
all the Christmas joy you bring
But what it is, though old, so new
To fill your heart like no
three words could ever do
I just called to say I love you
I just called to say how much I care, I do
I just called to say I love you
And I mean it from the
bottom of my heart”
-ශෝන් මැක්ස්මස් දිසානායක-


