ශ්‍රී ලංකාවේ Credit Cards සංඛ්‍යාව ඉහළට

ශ්‍රී ලංකාවේ සක්‍රීය ණය කාඩ්පත් (Credit Cards) සංඛ්‍යාව සැප්තැම්බර් මාසයේදී සියයට 1කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත අනාවරණය කරනවා.
ඒ අනුව, සැප්තැම්බර් මාසය තුළ සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාවට අලුතින් කාඩ්පත් 22,011ක් එක්ව ඇති අතර, මාසය අවසන් වන විට මෙරට සමස්ත සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 23,19,794ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසරේ මුල් මාස නවය තුළ පමණක් සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 1,53,608කින් හෙවත් සියයට 7.1කින් වර්ධනය වී ඇති බවයි මහ බැංකු දත්ත පෙන්වා දෙන්නේ.
2025 වසරේදී සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 7.8කින් ඉහළ ගොස් ඇති අතර, 2024 වසරේදී එම වර්ධනය සියයට 4.8ක් ලෙස වාර්තා වී තිබුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම, බැංකු මඟින් ලබාදෙන ආකර්ෂණීය ණය කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන් සහ පොලී අනුපාත පහළ යාම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, පසුගිය මැයි මාසයේදී මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 100කින් ඉහළ නැංවීමත් සමඟ ජුනි මාසයේදී ණය කාඩ්පත් සංඛ්‍යාවේ වර්ධනය මන්දගාමී වී තිබෙනවා.

ඉන්ධන සලාක ක්‍රමය සහ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් පාරිභෝගික වියදම් සීමාවීම ද ඊට බලපා ඇති බව සඳහන්.ෙ2022 ආර්ථික අර්බුදයෙන් පසුව 2023 වසරේදී‍
ශ්‍රී ලංකාවේ සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 39,991කින් හෙවත් සියයට 1.8කින් පහත වැටී තිබුණා.

කෙසේ වෙතත්, 2023 වසරේ සිට පොලී අනුපාත ක්‍රමයෙන් පහළ යාම සහ ආර්ථික ස්ථාවරත්වය වර්ධනය වීමත් සමඟ ණය කාඩ්පත් භාවිතය යළි ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …