හිටපු ඡනපති මහින්ද සහ බිරිද ශිරන්ති රෝහල් ගතකෙරේ.

වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත ඇතුළත් කර තිබේ.බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා මේ බව පැවසීය.

මේ අතර, පසුගිය 07වැනි දින ඇය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබුණි.

මේ අතර ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත මාලිගාකන්ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

සිරිලිය සවිය ගිණුම සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාස විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇය මාලිගාකන්ද අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පත් ගොනු කර තිබුණි.

මෙම අපේක්ෂිත ඇප අයදුම්පත පසුගිය 06 වැනි දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට පසුගිය (12)වැනිදා දින අධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධව කරුණු වාර්තා කරන ලෙසටද නොතීසි නිකුත් කෙරිණි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.පසුගිය (12)වැනිදා  උදෑසන මහින්ද රාජපක්ෂ මහතාව මෙලෙස පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති අතර ඒ මහතාව ටික වේලාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමුකළ බව වාර්තා වේ.කෙසේවෙතත් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකර තිබේ.

එම වෛද්‍ය පරීක්ෂණ ප්‍රතිඵල යහපත් තත්ත්වයේ පවතින බැවින් ඒ මහතාව මේ වනවිට සාමාන්‍ය ප්‍රතිකාර යටතේ රෝහල්ගතව නවතා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …