2027 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2027 වස­රට අදාළ විස­ර්ජන පනත් කෙටු­ම්පත කම්කරු ඇමැති සහ මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලි­මේ­න්තු­වට පසුගිය (7)වැනිදා ඉදි­රි­පත් කළේය.
ලබන වසර සඳහා වන විස­ර්ජන පනත් කෙටු­ම්පත අනුව වැඩිම මුදල වන රුපි­යල් අට­සිය පනස් හය බිලි­යන අට­සිය පනස් තුන් මිලි­ය­න­යක් (රුපි­යල් 856,853,000,000) වෙන් කර ඇත්තේ මුදල්, ක්‍රම­ස­ම්පා­දන හා ආර්ථික සංව­ර්ධන අමා­ත්‍යාං­ශය වෙනු­වෙනි.

ාලන අමා­ත්‍යාං­ශය සඳහා රුපි­යල් බිලි­යන හය­සිය පනස් එකක් (රුපි­යල් 651,000,000,000) හා සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය වෙනු­වෙන් රුපි­යල් පන්සිය අනූ බිලි­යන හාර­සිය අනූ නව මිලි­යන නව­සිය අනූ අට­ද­හ­සක් (රුපි­යල් 590,499,998 000) වෙන් කර ඇත.

ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශය සඳහා රුපි­යල් බිලි­යන පන්සි­ය­යක් (රුපි­යල් 500,000,000,000) වෙන් කර ඇත.

ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය වෙනු­වෙන් රුපි­යල් බිලි­යන හාර­සිය පනස් අටක් (රුපි­යල් 458,000,000,000) ද අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය සඳහා රුපි­යල් බිලි­යන තුන්සිය විසි අටක්ද (රුපි­යල් 328,000,000,000) වෙන් කර­ තිබේ.

එමෙන්ම මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශ­යට රුපි­යල් දෙසිය තිස් බිලි­යන පන්සිය මිලි­ය­න­යක් (රුපි­යල් 230,500,000,000) වෙන් කර ඇත.

ජනා­ධි­පති වැය ශීර්ෂය වෙනු­වෙන් මෙවර වෙන් කෙරෙන මුදල රුපි­යල් එකො­ළොස් බිලි­යන දෙසිය තුන් මිලි­යන අට­සිය දාහ­ත­ර­ද­හ­සක් (රුපි­යල් 11,203,814,000) වන අතර අග­මැති කාර්යා­ලය සඳහා රුපි­යල් එක් බිලි­යන විසි­දෙක මිලි­යන එක­සිය දහ­සක් (රුපි­යල් 1,022,100,000) වෙන් කර ඇත.

සෙසු අමා­ත්‍යාංශ වෙනු­වෙන් වෙන් කර තිබෙන ප්‍රති­පා­දන මෙසේය.

බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශය – රුපි­යල් බිලි­යන දහ­අ­ටයි (රුපි­යල් 18,000,000,000)

අධි­ක­රණ හා ජාතික ඒකා­බ­ද්ධතා අමා­ත්‍යාං­ශය – රුපි­යල් බිලි­යන හැට­හ­යයි (රුපි­යල් 66,000,000,000)

විදේශ කට­යුතු , විදේශ රැකියා සහ සංචා­රක අමා­ත්‍යාං­ශය – රුපි­යල් විසි­හ­තර බිලි­යන හත්සිය මිලි­ය­න­යයි (රුපි­යල්

24,700,000,000)

වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන අමා­ත්‍යාං­ශය – රුපි­යල් තුන් බිලි­යන හාර­සිය මිලි­ය­න­යයි

(රුපි­යල් 3,400,000,000)

කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග අමා­ත්‍යාං­ශය – රුපි­යල් බිලි­යන දෙසිය දහ­අ­ටයි (රුපි­යල්

218,000,000,000)

බල­ශක්ති අමා­ත්‍යාං­ශය – රුපි­යල් තිස් බිලි­යන දෙසිය මිලි­ය­න­යයි (රුපි­යල් 30,200,000,000)

නිවාස, ඉදි­කි­රීම් සහ ජල­ස­ම්පා­දන අමා­ත්‍යාං­ශය – රුපි­යල් අසූ දෙක බිලි­යන තුන්සිය මිලි­ය­න­යයි (රුපි­යල් 82,300,000,000)

ග්‍රාමීය සංව­ර්ධන, සමාජ ආර­ක්ෂණ සහ ප්‍රජා සවි­බල ගැනී­වීම් අමා­ත්‍යාං­ශය – රුපි­යල් හැත්තෑ නව බිලි­යන අට­සිය මිලි­ය­න­යයි (රුපි­යල් 79,800,000,000)

වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් අමා­ත්‍යාං­ශය – රුපි­යල් මිලි­යන දෙසිය හැටයි (රුපි­යල් 260,000,000)

කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන අමා­ත්‍යාං­ශය – රුපි­යල් පහ­ළොස් බිලි­යන එක­සිය මිලි­ය­න­යයි (රුපි­යල් 15,100,000,000)

ධීවර හා සාගර සම්පත් අමා­ත්‍යාං­ශය – රුපි­යල් එකො­ළොස් බිලි­යන හත්සිය මිලි­ය­න­යයි (රුපි­යල් 11,700,000,000)

පරි­සර අමා­ත්‍යාං­ශය – රුපි­යල් විසි­එක් බිලි­යන දෙසිය මිලි­ය­න­යයි (රුපි­යල් 21,200,000,000)

කාන්තා සහ ළමා කට­යුතු අමා­ත්‍යාං­ශය – රුපි­යල් බිලි­යන විස්සයි (රුපි­යල් 20,000,000,000)

වරාය සහ සිවිල් ගුව­න්සේවා අමා­ත්‍යාං­ශය – රුපි­යල් තුන් බිලි­යන හත්සිය මිලි­ය­න­යයි (රුපි­යල් 3,700,000,000)

ඩිජි­ටල් ආර්ථික අමා­ත්‍යාං­ශය – රුපි­යල් බිලි­යන විසි­හ­යයි (රුපි­යල් 26,000,000,000)

කම්කරු අමා­ත්‍යාං­ශය – රුපි­යල් හත් බිලි­යන පන්සිය මිලි­ය­න­යයි (රුපි­යල් 7,500,000,000)

තරුණ කට­යුතු හා ක්‍රීඩා අමා­ත්‍යාං­ශය – රුපි­යල් බිලි­යන දාහ­තයි (රුපි­යල් 17,000,000,000)

විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශය – රුපි­යල් හත් බිලි­යන හය­සිය මිලි­ය­න­යයි (රුපි­යල් 7,600,000,000)

2027 වසර සඳහා වන විස­ර්ජන පනත් කෙටු­ම්පත ඊයේ දින ඉදි­රි­පත් කිරී­මෙන් පසුව මුදල් ඇමැ­ති­ව­රයා ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් නොවැ­ම්බර් 12 වැනිදා අය – වැය කතාව ඉදි­රි­පත් කිරී­මට නිය­මිත වේ.

නොවැ­ම්බර් 13 සිට 20 දක්වා දින හතක් දෙවැ­නි­වර කිය­වීමේ විවා­දය පැවැ­ත්වෙන අතර, එහි ඡන්ද විම­සීම නොවැ­ම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැ­ත්වී­මට නිය­මි­තය.

අය – වැය කාරක සභා අව­ස්ථාවේ විවා­දය හෙවත් අය – වැය පිළි­බඳ තෙවන වර කියැ­වීම නොවැ­ම්බර් 21 සිට දෙසැ­ම්බර් 14 දක්වා දින 19ක් පැවැත්වේ.

අය – වැය තෙවැ­නි­වර කිය­වීමේ අව­සන් ඡන්ද විම­සීම දෙසැ­ම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැ­ත්වී­මට නිය­මිත අතර, එම­ඟින් 2027 අය – වැය පාර්ලි­මේන්තු ක්‍රියා­ව­ලිය අව­සන් වේ.

අය – වැය විවාද පැවැ­ත්වෙන කාලය තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෙන­සු­රාදා දින­ව­ලද පාර්ලි­මේ­න්තුව රැස්වී­මට නිය­මි­තය.

දෙවැ­නි­වර කිය­වීමේ විවා­ද­යේදී ආණ්ඩු පක්ෂ­යට සිය­යට 60ක් හා විප­ක්ෂ­යට සිය­යට 40ක් ලෙස විවාද කාල‍ෙ වෙන්කර ඇති අතර, කාරක සභා අව­ස්ථා­වේදී එය ආණ්ඩු පක්ෂ­යට සිය­යට 40ක් සහ විප­ක්ෂ­යට සිය­යට 60ක් ලෙස වෙන්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …