
ඇමරිකාව පනවා ඇති තීරු බදු හමුවේ පෙබරවාරි මාසයේදී කැනේඩියානුවන්ගෙන් දේශසීමා සංචාර සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව මෑත කාලීන දත්ත හෙළි කරනවා. බටහිර නිව්යෝර්ක්හි ඉහළපෙලේ සංචාරක නිලධාරියෙකු උපුටා දක්වමින් මාධ්‍ය පවසන්නේ කැනඩාවෙන් පැමිණෙන අමුත්තන්ගේ අඩුවීමක් ගැන තමා කනස්සල්ලට පත්ව සිටින බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් Visit Buffalo Niagara හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී පැට්‍රික් කලර් පැවසුවේ පෙබරවාරි මාසයේදී උතුරු අසල්වැසියන්ගෙන් දේශසීමා හරහා ගමන් කිරීම වසරින් වසර සියයට 14 කින් පමණ පහත වැටී ඇති බවයි.
“අපගේ හෝටල්වලින්, අපගේ ආකර්ශනීය ස්ථානවලින්, සමස්ත කැනේඩියානු සංචාරයේ පහත වැටීමක් දක්නට ලැබෙන බව මට ආරංචි වෙනවා,” ඔහු පැවසීය.”මෙය අපට විශාල කනස්සල්ලක්,” කලර් පැවසීය.”තීරුබදු පිළිබඳ කතාබහ, එක්සත් ජනපදය කෙරෙහි සහ විශේෂයෙන් සංචාරය කෙරෙහි කැනේඩියානු ජනතාවගේ සමස්ත හැඟීම බොහෝ සෙයින් වෙනස් කර ඇති බව පැහැදිලිය.”ඔහු වැඩිදුරටත් පවසයි.
කලර් පැවසුවේ ඇමරිකාවේ මුළු සංචාරක ව්‍යාපාරයෙන් සියයට 35 ත් 40 ත් අතර ප්‍රමාණයක් කැනේඩියානුවන් මත රඳා පවතින බවයි.”එය ඉතා වැදගත්. එය නිර්මාණය කරන බදු පදනමට වඩා ඔබ්බට ගිය දෙයක්, නමුත් එය රැකියා නිර්මාණය කරයි,” ඔහු පැවසීය.එක්සත් ජනපදය තුළ වෙනත් ගමනාන්තවලින් පැමිණෙන අමුත්තන් ප්‍රතිස්ථාපනය කිරීමට අපට නොහැකි වුවහොත්, අපගේ සමහර ව්‍යාපාර සඳහා දැඩි තීරණ ගැනීමට සිදුවනු ඇති.”බවයි ඔහු පෙන්වා දෙන්නේ.
වෙළඳ ආරවුල මධ්‍යයේ, කැනේඩියානු සංචාරකයින් කලාපයට ආකර්ෂණය කර ගැනීම සඳහා මෑතකදී දියත් කරන ලද වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයක් ද අත්හිටුවා ඇති බව කලර් තවදුරටත් පැවසීය.”අවාසනාවකට මෙන්, පෙබරවාරි මස මුලදී තීරුබදු කතාව ආරම්භ වූ විට, සමාජ මාධ්‍යවල අදහස් ඉතා ප්‍රබල වූ අතර, එබැවින් අපි එය (වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරය) ඉවත් කිරීමට තීරණය කළෙමු,” ඔහු පැවසීය.”කැනේඩියානු සංචාරකයින්ගේ හැඟීම් අපට අගය කළ හැකි අතර, මේ අවස්ථාවේදී ඔවුන් එක්සත් ජනපදය කෙරෙහි දක්වන හැඟීමට අගෞරව කිරීමට අපට අවශ්‍ය නැත.”
මේ වසර මුලදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දියත් කරන ලද වෙළඳ යුද්ධයක් මධ්‍යයේ කැනේඩියානුවන් දේශසීමා හරහා ගමන් කිරීමට ඇති උනන්දුව අඩු වෙමින් පවතින බව පෙනේ.
සංචාරක නිරීක්ෂකයන්ට අනුව, කැනඩාව-ඇමරිකා එක්සත් ජනපද මාර්ගවල ගිම්හාන සමය සඳහා ගුවන් ගමන් වෙන්කරවා ගැනීම් පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව සියයට 70 කින් පහත වැටී ඇත.පසුගිය සතියේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින්, එක්සත් ජනපද කර්මාන්ත සංගමයක් පැවසුවේ ඍණාත්මක පාරිභෝගික හැඟීම කෙටි කාලීන වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
“ඉතින් බලාපොරොත්තු වෙනවා මේක වැඩි කාලයක් පවතින්නේ නැති වෙයි කියලා, එතකොට අපිට සුපුරුදු විදියටම ව්‍යාපාර කටයුතු නැවත පටන් ගන්න පුළුවන් වෙයි කියලා, ඒ වගේම දේශ සීමාවෙන් එහාට අපේ යාළුවන්ව සාදරයෙන් පිළිගන්න පටන් ගන්නත් පුළුවන් වෙයි කියලා.”යනුවෙනු ඇමරිකානු සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් අපේක්ෂාවෙන් පසුවේ.


