කැනඩාවේ කවි සිතුවිලි

ගොඑ හදවත..

මුල්ලට වි හුල්ලන සිහින ලග..

රිදුමි දෙන නවාතැනේ..

විටෙක නුඹ ලංකලා..

ගොඑ හදවත..

නමුදු රිදුනු හැම වරයක්..

මමද නුඹ වෙත ලංකලා..

දිගු නින්දකට නොතියා ..

සුවද පෙම..

අහසත් ගුගුරා..

කදුලින් තෙත් උනු..

කොටිටයේ හැඩ ..

මතක පොතේ තවත්..

දිනක සටහනක්..

සිතල පින්නේ..

නැවුමි සුවදකින්..

දිගු නිහැඩියාව අමතක..

කල .. තවත් දිනක..

නවාතැනක් සොයමින්..

මාද නුඹ මෙන්..

කවි සිතට පෙමි බැන්දා..

ආදරෙන්..

සුසුමි පවන් මා වටා..

දැවටුනු හැම වරයකදි..

දිගු නින්දට මාත් ..

අත ඔසවා..

ලං කලේ සෙනෙහස මිස..

අදුරු සෙවනැළි ..

පෙරුමි පුරන පාරමිතා..

අතර මාත් ඵදා මෙන්..

අදත් බලා ඉන්නවා..

සිපගන්න ..

ඵක් වරක්..

සුවද පිරුනු ..

සෙනෙහසේ ..

නවාතැන..

ශ්‍යාමලී ගමගේ

මහින්දාගමනය......

මිහිදු හිමියන් වැඩියාලු 

අඹ පැනයකුත් ඇහුවාලු 

ඇත්තමයි හාමුදුරුවනේ 

ඒ ඉන්දියන් අධිරාජ්‍යවාදයද ?

හිරුට වැඳ වැඳ හිටි අයට 

අළුත් දහමක් දුන්නාලු 

ඇත්තමයි හාමුදුරුවනේ

ඒක මොළ සුද්ද කළ වැඩක්ද ?

කාල ඇඳලා යස රඟට 

අනියත බව දැන හිටි හැටියට

ඇත්තමයි හාමුදුරුවනේ

එදා හිටි අය මෝඩයෝද ?

දහම් පාසැලේ පොඩි එකෙක් 

ඔය ප්‍රශ්න වැල ඇහුවාම 

ඇත්තමයි ලොකු හාමුදුරුවනේ

දෙන්න උත්තර නෑ මට 

රුවන් හරිස්චන්ද්‍ර

පහන් ටැඹයි නුඹ...

නීල ගුවන් ගැබ

නිල්වන් දිය රල

හමනා මදනල

සොදුරුය දියදම

මා ආ මාවත

එලිය කරන්නට

මට මග පෙන්වු

පහන් ටැඹයි නුඹ

නුඹ පෙනෙනා ඉම

නැවතී නිසලව

නුඹ දෙස බලමින්

ගිමන් හරිමි මම

මතුයම් දවසක

සෙනෙහෙ ලබන්නට

පහන් ටැඹේ

ආලෝකය වන්නට

ජගත් රූපසිංහ

සෙනෙහස

ලියූ රස වදන් දිවියට පැතුසේම
ගැයූ සැටි මැවෙයි ලොවටම රහසේම
ලයේ සෝ තැවුල් හිරු දුටු පිණි සේම
මැකී ගියේ සෙනෙහස ලැබු දවසේම

මැවූ සිහින වැල් හැම මොහොතක නෑරා
පියාසර කරයි නුබ මේකුළු පීරා
බලා ඉදිමි කිසිවෙකු දෙන තුරු තෝරා
හදේ සෙනෙහෙ දළුලන්නේ කිම මෝරා

දර්ශනී රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *