ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි, යළි නොම එන්නට ගිය ගමනයි

ආසයි බයයි” බෝට්ටුව 1977 මැයි 03 වෙසක් පොහෝදින සවස මාතර නිල්වලා ගෙඟ් ගිලී මිනිසුන් 36 දෙනෙක් මියගොස් සිදු වූ ඛේදවාචකය…….

ආසයි බයයි” නමින් වූ බෝට්ටුවක් මාතර නිල්වලා ගෙඟ් ගිලී යාම නිසා මිනිසුන් 36 දෙනෙක් මියගොස් සිදු වූ ඛේදවාචකය බොහෝ දෙනෙකුට අමතක විය හැකි වුවද එය පදනම් කරගනිමින් ඇන්ටන් ජෝන්ස් ගායකයා විසින් පසුකලක ගායනා කළ ගීතය බොහෝ දෙනෙකුගේ මතකයේ රැඳි තිබෙනවාට සැක නැත.

ආසයි බයයි – ඇන්ටන් ජෝන්ස්

| Asai bayai – Anton Johns

සයුර බලා බඳ ලෙලවා

ඉවුරු තලා ගලා ගියා

මාතර ගං කොමලි නිල්වලා

මෙතර සිටිය අය කැඳවා

මරු තුරුලට අරං ගියා

මුළු සිරිලක දුකෙහි ගිල්වලා

වෙසක් සිරි නරඹන්නට

මාතර පුරවරය වෙතට

නොයෙක් දෙසින් සෙනග පැමිනුනා

නිල්වලා ගඟ ඔස්සේ

බෝට්ටුවට නැගි සතොසේ ‍

සමහරෙකුට යන්නට හිතුනා

ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි

යළි නොම එන්නට ගිය ගමනයි

දිය රකුසයි ගඟ මැද මරුවයි

ජීවිත ගණනක් බිලි ගත්තයි

බෝට්ටුවට ගොඩ වන්නේ

සතුටින් ඉපිලෙන්නේ

වේගයෙන් දියඹට ඇදුනේ

අත්තක බෝට්ටුව හැපුනේ

නොදැනිම ජලයේ ගිලුනේ

ඉරණම සැමගේම විසඳුනේ

වෙසක් සඳ නැග එද්දි

මළ කඳන් පාවෙද්දි

නෑදෑ හිතවතුන් වැළපුනේ

හද සෝකෙන් ලත වෙද්දි

නෙත් කදුලින් බර වෙද්දි

මළ මිනි ගොඩට ගෙනෙන්නේ

ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි

යළි නොම එන්නට ගිය ගමනයි

දිය රකුසයි ගඟ මැද මරුවයි

ජීවිත ගණනක් බිලි ගත්තයි

පිහිනන්නට බැරුව නියා

පෙම්වතා ගිලි ගියා

පෙම්වතී ලොවේ තනිවුනා

කරුමය මෙලෙස කියා

අන්තිම ගමන ගියා

මව්පියො හිතවතුන් වැළපුනා

ඒ සිදුවු විපත අසා

රුහුණම දු‍කෙන් වසා

දින ගණනක් දුක පල කෙරුවා

අහසට දෑතම ඔසවා

දෙවියන් යැද කීවා

මෙවැනි විපත් යලි නොමවේවා

ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි

යළි නොම එන්නට ගිය ගමනයි

දිය රකුසයි ගඟ මැද මරුවයි

ජීවිත ගණනක් බිලි ගත්තයි

ගායනය – ඇන්ටන් ජෝන්ස්

ගී පද – ඩී.බී.ටී. එදිරිසිංහ

– ආසයි බයයි ඒ බෝට්ටුවෙ නමයි –

——————————————————–

නිල්වලා නදී කොමළිය මාන්තොටින් තොටමුණට පැමිණ සයුර බලා නිසලව ගලා ගෙන යයි.මාතර අසිරිය විචිත්‍රවත් කරන්නට මෙසේ ගලා බස්නා නිල් නදිය එදා මෙදා තුර සමත් වූ බවට විවාදයක් නැත.එසේ වූ හෙයින් ම මේ නිල්වලා ගංදිය පිළිබඳව පදවලට නැගුණු ගීත ගණනාවක් නිර්මාණය වී ඇත.නිල්වලා නදීය හා ගොඩැනැගුණු සංස්කෘතියක් ද නිර්මාණය වී ඇත.අද මෙන්ම එදාද වෙසක් අසිරිය නැරඹිමට විශාල ජනතාවක් වෙසක් පො‍හොය දිනවල මාතර නගරයට එක් වෙති.එසේ පැමිණෙන ජනතාව නිල්වලා ග‍ඟේ බෝට්ටු චාරිකාවකට එක්වෙන්නටද අමතක නොකරති.මේ බෝට්ටු චාරිකාවට තිත තබමින් ආසයි බයයි ගීතය නිර්මාණය වුයේ ශ්‍රී ලාංකීය ජනතාව පමණක් නොව ලොවම කම්පාවට පත්කළ සිදුවීමක් ඇසුරිනි.හරියටම මීට දසක හතරකට පෙර එනම් 1977 වර්ෂයේ මැයි මස 3 වැනි දින ආසයි බෝට්ටුව පෙරළි අහිමි කළ ජිවිත 36 කි.කාලයාගේ ඇවෑමෙන් එය අඳූරු අතීතයක සැගව ගියද “ආසයි බයයි” බෝට්ටුවේ බිහිසුණු මතකය අවදිකරන්නට සිද්ධිය සියසින් දුටුවන් කිහිපදෙනෙකු මෙන්ම බෝට්ටුවේ කපිතාන්වරයාද තවමත් මාතර ප්‍රදේශයේ ජිවත් වෙති.එදා ආසයි බයයි බෝට්ටුව අනතුරට පාදකවූ කඩාවැටි තිබූ කෝන් ගහේ බෝ පැලයක්ද මේ දිනවල දැක ගත හැකිය.

වසර 46 කට පසුව අතීතය ආවර්ජනය කරන්නට මුලින්ම අප ගියේ තොටමුණ ප්‍රදේශයටයි.තොරතුරු විපරම් කිරීමේදී 58 හැවිරිදි වියේ පසුවන නිහාල් නැමැත්තෙකු හමුවිය. ඔහු අපට සිය අමිහිරි අත්දැකීම මෙසේ ආවර්ජනය කළේය. සිද්ධිය වෙන විට මට අවුරුදු 18 යි.මාතර දැන් බස් නැවතුම් පොළ තිබෙන ස්ථානයේ තමයි ක්‍රීඩාංගණය තිබුණේ.බස්නැවතුම් පොළ තිබුණේ ක්‍රීඩාංගණය තිබුණු තැනයි.අප කිහිපදෙනෙකු එදා එහි ක්‍රිකට් ක්‍රීඩා කරමින් හිටියේ.මිනිසුන් කෑගහසන හඩ ඇසී මා එම ස්ථානයට දිවගෙන ගියා. ආසයි බයයි බෝට්ටුව පෙරළි ඇති බව ආරංචි වුණා. අප හත්අට දෙනෙක් බේර ගන්නට හැකිවූ බව නිහාල් පැවසීය‍.

අපේ කථාබහට තවත් පුද්ගලයෙකු එහිදී එකතු විය. මා ඟගට ආසන්නෙම තියෙන දර මඩුවක වැඩ කරමින් හිටියේ.අඳුර වැටීගෙන එන වේලාව.පස්වරු 6.00 ට පමණ මා දැක්කා පුද්ගලයෙක් පාවෙනවා .‍ඔහු බෝට්ටු ලෑල්ලක් අල්ලගෙන පාවෙනවා.ටික වේලාවකින් ඒක අත්හැරුණා .මේ මනුස්සය ග‍ඟේ ගිලෙනවා මා දුටුවා.ඒක ම‍ගේ ජිවිතේ අමිහිරි අත්දැකීමක් බව “මේ වන විට තිහගොඩ,කපුගොඩ පදිංචි සේපාල හේට්ටිආරච්චි පැවැසීය.

අඩි 36 එක් දින යාත්‍රාවක් වන ආසයි බයයි බෝට්ටුව අයිති සමිතියේ සභාපතිවරයා වන්නේද ලීලයියා නමින් හඳුන්වන ලබන පුද්ගලයෙකි.අප ඔහුගේ නිවසට ගියේය.ඔහු නමින් පී.බී ලීලාරත්නය

72 හැවිරිදි වියේ පසුවන ලීලයියාට බොහෝ දේ මතකයේ ඇත.සිය හඩ මෙසේ ඔහු අවධි කළේය.

“අපේ කොටුවේ ධීවර සමිතියට බෝට්ටු තුනක් තිබුණා.මේ බෝට්ටු පැදෙව්වේ සමිතියේ සාමාජිකයන්මයි.එදා වෙසක් පොහෝයදා.විශාල සෙනගක් මාතරට ඇවිත් තිබුණා.මාතර නගරයේ අසිරිය බලන්න අප සාමාන්‍යයෙන් එක ගමනකට 30 ක් පමණ රැගෙන යනවා.මේ අය පටවගෙන මැද්දවත්ත හන්දියට ගිහින් නැවත එනවා.එක් අයෙකුගෙන් අය කරන්නේ ශත විසි පහයි.මේ ආපු පිරිස මේ බෝට්ටුවට 50 -60 ක් අතර පිරිසක් පැටෙව්වා. මම ඒ අයට කිව්වා.මේච්චර ගණනක් ගෙනියන්න බැහැ කියලා.ඒ අය ඇහුවේ නැහැ.මා දන්නවා සෙනග වැඩිවුණහම හරවන කොට අපහසු වන බව දැනගෙන හිටිය.

පිට ගම්මානවල අය තමයි වැඩියෙන්ම ඇවිත් හිටියේ. එන්න එන්නම සෙනග වැඩි වුණා. එහෙම පටවාගෙන ගිහින් මැද්දවත්තෙන් බෝට්ටුව හරවල නැවත එනවා.මේ බෝට්ටුව පැදෙව්වේ ටී.එච් සිරිපාල යි.මම සිරි ට කිව්වා බලාගෙන සිරි යන්නේ කියලා.මට මතකයි බෝට්ටුවේ සල්ලි එකතු කළේ පීටර් කියලා කෙනෙක්.. පසුව මම පිට්ටනියට ගියා සෙල්ලම් කරන්න.ටික වේලාවකින් අපේ බෝට්ටුව පෙරලී ඇති බව ආරංචි වුණා. මා එහෙමම දිව්වා.

කෝංගහ නැමිලා තිබුණේ.මෙම ගසේ ගෙඩි කැඩීමට බෝට්ටුවේ ගියපු අය උත්සාහ කරලා තියෙනවා.ඒත් එක්කම සමබර බව නැතිවෙලා කෝංගහේ බදින්නට හරවද්දී බෝට්ටුව පෙරළිලා තියෙන්නේ. ”

අනතුරුව මෙම බෝට්ටුව පැදවූ ටී.එච් සිරිපාල ගේ නිවැසට ගිය අතර රෝගාතුරව ඇඳ මත සිටිනු දක්නට ලැබුණි.කාලයක සිට ඔහු මෙසේ රෝගාතුරව සිටින බව ඔහුගේ බිරිය අප සමග පැවසුවාය.මේ පිළිබඳ අතීතය අවධිකරන්න සිරිපාල එතරම් කැමැත්ක් දැක්වූයේ නැත.එහෙත් බිරියගේ ඉල්ලීමත් සමඟ මෙසේ තම හඩ අවධි කළේය.

අපි හවස 1.30 ට පමණ තමයි සෙනග අදින්න පටන් ගත්තේ. මැයි මාසේ දිය හරිම සැරයි.දෙවන සැරේට සෙනග ගෙනියන කොට සෙනග එකසිය ගණනන් නැග්ගා.මට මතකයි යාන්තන් කෝංගහේ වැදුනා.‍බෝට්ටුව හරවා ගන්නා බැරි වුණා. එක සැරේටම කට්ටිය කෝන් ගහේ එල්ලුනා. කෝන්ගහේ අත්ත කැඩුණා. එක පොදියටම ග‍ඟේ ගිලුනා.මාත් දියට වැටුනා. කොහොමහරි පීනලා ගොඩට ආව.මට මතකයි එහිදී පිරිමි ළමයෙක් බේරා ගත්තා.ඒ ළමය මාව බේර ගන්න කියලා කෑ ගැහුවා. ඒ බෝට්ටුවේ ගියේ එක ගෑනු ළමයයි. ඒ ළමයා ඉමදුවේ ප්‍රදේශයේ පුෂ්පරානි කියලා.එයා ගේ මහත්තයා ගඟට වැටුනේ පුෂ්පරානිගේ අතේ සෙරෙප්පුව ඉතිරි කරලාය.

මොවුන් දෙදෙනා අලුත විවාහවු අයෙකි. එතනි න් එහාට මතකයක් නැහැ.මට සිහිය එන විට මා හිටියේ මාතර රෝහලේ.පසුව පොලිසියෙන් ඇවිත් මා අත්අඩංගුවට ගත්තා. ඔහු අපහසුවෙන් මේ කරුණු අනාවරණය කළේය.ඔහුගේ මතකය අලුත් කරමින් අප සමඟ සිරිපාල ගේ බිරිය එච්.ජී සෝමාවති ද කථා බහට මෙසේ එකතු වුවාය.

අප ‍මේ අනතුර සිදුවන විට හිටියේ ගංඟාවේ පහළ කොටසේ මෝයේ ගෙයක් හදා ගෙන.මට දෙවන දරුවා ලැබෙන්න හිටියා.හරියටම දස මසක් වෙනවා. මහත්තයා ධීවර කටයුතු කළේ.අමතර ආදායමක් ගන්න තමයි මේ බෝට්ටු සවාරි ගියේ. එදා මගේ මහත්තයා හොයන්න මා රෝහල පුරාම ඇවිද්දා.මෝචරියේ පවා ‍හෙව්වා.පසුව රෝහලේ ප්‍රතිකාර ලබන බව දැන ගන්න ලැබුණා.මගේ මහත්තයා මේ සිදුවීමෙන් වසර ගණනාවක් මාව බේරගන්න කියලා .හීනෙන් කෑගහන බවත්,මේ සිදුවීම අවදිකරන්න මහත්තයා මැලිකමක් දක්වන බවද ඇය අප සමග කීවාය.

නිල්පාටින් , රතුපාට, ආලේප කර තිබූ මේ බෝට්ටුවේ ‘බෝට්‌ටුවේ නිල්පාටයි, රතු පාටයි, සුදු පාටයි ආලේප කරලා තිබුණේ. නිල්පාට පසුබිමේ සුදුපාට අකුරින් තමයි ‘ආසයි බයයි’ කියලා නම ලියා තිබුණේ.සිද්ධියෙන් පසුව මේ බෝට්ටුව අලුත්වැඩියා කර දෙවිනුවර පියසේන නැමැති අයෙකුට විකුණා තිබෙනවා.එය පසුව එම බෝට්ටුව නම් කරල තිබෙන්නේ ‘යළි ඉපදේ ‘යන්නයි.

– ටී.කේ.මහින්ද –

“මහත්තයාගේ සහායට බෝට්‌ටුවේ ගියපු තුන්දෙනාගෙන් දෙන්නෙකුත් දියේ ගිලිලා මැරුණා. මමත් දරුවෙක්‌ ලැබෙන්න ඔන්න මෙන්න තිබුණත් ඒ මළසිරුරු බලන්න මෘත ශරීරාගාරයට පවා ගියා. අපටත් දරුවෝ ඉන්න නිසා ඒ මළ සිරුරු දැක්‌කම වාවන්න බැරි තරමට දුකයි. මළ සිරුරු 35 ක්‌ නම් ගම් සහිතව තිබුණා. 34 ක අයිතිකාරයෝ හිටියා. අයිතිකරුවෙක්‌ නැති සිරුරුත් එක්‌ක ඔක්‌කොම මළ සිරුරු 36 ක්‌ තිබුණා. මියගිය ඔක්‌කොම අය අවුරුදු පහළව දාසය වගේ වයස 18 ට පහළ පිරිමි අයයි “.

මේ එක්තරා පුවත් පතකට හැන්නදිගේ සෝමසිරි මහතාගේ බිරිඳ සෝමාවතී මහත්මිය දැක්වූ අදහස්.

සෝමසිරි යනු 1977 වසරේ වෙසක් පොහොය දින එනම් මැයි මස 3වන දින “ආසයි බයයි” බෝට්ටුව අනතුරට ලක්වූ අවස්ථාවේ එම යාත්‍රාව පැදවූ පුද්ගලයාය.

ඇන්ටන් ජොන්ස් මහතා ගායනා කරන වේග රිද්මයේ ගීත අතර ජනප්‍රිය මේ ගීතය ඔබ හොදින් අසා ඇති බව නම් නිසැකයි.

වසර 46කට පෙර සිදුවූ මෙම ගීතය ලියවුණු සත්‍ය සිදුවීම ගැන මෙම ලිපියෙන් කතා කතා කරන්න අප බලාපොරොත්තු වෙනවා.

එදා වෙසක් පොහොය දවස නිසා බොහෝ පිරිසක් වෙසක් සිරි නරඹන්න මාතර නගරයට එකතු උනා. නිල්වලා ගඟේ බෝට්ටු සවාරියක් යන්නත් බොහෝ පිරිසක් උත්සාහ කලේ පුංචි විනෝදාස්වාදයක් ලබාගන්නයි.

මාතර ප්‍රධාන බස්‌නැවතුම්පළ පෙනෙන මානයේ මාතර නිල්වලා ගඟ තරණය පිණිස ඇති මහානාම මහ පාලම අසලින් බෝට්‌ටු වලට නංවා ගන්නා පිරිස් ගඟදිය ඔස්‌සේ නිල්වලා ගඟ මුහුදට වැටෙනා තොටමුණ දෙසටත් එතැනින් ආපසු හරවා නැවත මහානාම පාලම යටින් ගොස්‌ පීක්‌වැල්ල විහාරස්‌ථානය දෙසටත් කිලෝමීටර දෙකක පමණ දුරක්‌ සංචාරය කිරීම මේ බෝට්ටු චාරිකාව විය. මෙම චාරිකාව සදහා එකල අයකළ මුදල සත විසි පහකි.

ආසයි බයයි කියන්නේ එම්. ජී. 10 වර්ගයේ අඩි 32 එක්‌දින ධීවර යාත්‍රාවක්‌. බෝට්‌ටුවේ නිල්පාට, රතු පාට, සුදු පාට ආලේප කර තිබූ අතර නිල් පාට තීරුවේ සුදු පාටින් “ආසයි බයයි” ලෙස සදහන් කර තිබුනා .

එදින දෙවරක් චාරිකා කළ “ආසයි බයයි” යාත්‍රාව 3වන චාරිකාව සදහා සූදානම් උනා. චාරිකාව සදහා එක්වූ වැඩි පිරිසක් තරුණයන්වන අතර අදාල ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් බලෙන්න බෝට්ටුවට ගොඩවෙනකොට ප්‍රශ්පරාණී සහ ඇයත් සමග තවත් එක් අයෙකුද මේ චාරිකාවට එකතුවුණා.

” මේ වෙනකොට වෙලාව හවස පහමාරට විතර ඇති. බෝට්‌ටුව ගඟ උඩහට ගෙනිහින් පීක්‌වැල්ල පන්සල හරියෙන් මම ආපහු බෝට්‌ටුව හැරෙව්වා. බෝට්‌ටුව ආපහු හරවන හරියේ පන්සල පැත්තේ ගං ඉවුරේ ලොකු කෝන් ගහක්‌ තිබුණා. ඒ කෝන්ගහේ බරට ගෙඩි හැදිලා කෝන් ගෙඩි පිරුණු කෝන් වලු බරට බරේ පහලට එල්ලෙමිනුයි තිබුණේ.

දැන් බෝට්‌ටුව හැරවෙන්නේ ඒ කෝන් ගහ යටිනුයි. ඒ වෙලාවේ බෝට්‌ටුවේ ගියපු කට්‌ටියම එකසැරේ තරෙඟට වගේ අර කෝන්ගෙඩි කඩන්න බෝට්‌ටුවේ එක පැත්තකට රොක්‌ වුණා. එක පැත්තට කුට්‌ටි ගැහෙන්න එපා බෝට්‌ටුව පෙරළේය කියලා මම විලාප ගැහුවා. කොහේද?… කියලා කට ගන්න ලැබුණෙ නෑ එතකොටම ඇලවෙච්ච පැත්තෙන් බෝට්‌ටුවට වතුර දැම්මා.

මට දෙවියන් සිහිවුණා. එසැනින් බෝට්‌ටුව තව තවත් ඒ පැත්තටම ඇලවුණා. කට්‌ටිය මරහ`ඩ තලනවා ඇහුණා. පෙරලෙන බෝට්‌ටුවේ කවුදෝ මට කීවා අය්යේ මාව බේරගන්න කියලා. එසැනින් මම කෝන්ගහේ අත්තක එල්ලිලා ඒ කෑගහපු දිහාවට අත දික්‌ කරනකොටම කෝන් අත්තත් කඩාගෙන මම ගඟට වැටුනා. මට මතක එච්චරයි….

මට සිහිය එනකොට නාහෙන් කටින් බට හයිකරලා මාතර මහ ඉස්‌පිරිතාලෙ ඇඳක මම දිගා කරලා තිබුණා…”

මේ යාත්‍රාව පැදවූ සෝමසිරි මහතා එදින අත්දැකීම විස්තර කළ ආකාරයයි.

⁣මෙම සිදුවීම නිසා එවකට සිරිමාවෝ බණ්‌ඩාරණායක අගමැතිනියගේ රජය පසු දිනය ශෝක දිනයක් ලෙස නම් කරා.

35ක් පමණ ජීවිත බිලිගත් මෙම සිදුවීමෙන් මියගිය බොහෝ දෙනා වයස අවුරුදු 16 – 20ත් අතර විය.

අනතුර නිසා සෝමසිරි මහතාට දින 14 ක්‌ පොලිස්‌ අත්අඩංගුවේ ද පසුව බන්ධනාගාරගත කළා. ඊට දින ගණනාවකට පස්‌සේ ශරීර ඇප මත නිදහස ලැබුවා.

1977 මැයි 30 දින පැවති නඩු විභාගයෙන් ධීවර යාත්‍රාවක අනවසරයෙන් මගීන් ප්‍රවාහනය කිරීමේ වරදට වසර දෙකක් බරපතළ වැඩ සහිතව දඩුවම් නියමවන අතර පසුව එය ලිහිල් කර ඇත.

ගිලුණු “ආසයි බයයි” යාත්‍රාව පසු කාලයක ගොඩ ගෙන නැවත ප්‍රතිසංස්කරණ කර ” යළි ඉපදේ ” ලෙස නම් කර දෙවුන්දර කේ. ඩී. පියසේන යන අයට භාර කරනවා.

ලිපි මුල් රචකයන්ට හා පුවත්පත් සුරැකි පුස්තකාලයේ සැමට ස්තුතිය

මාතර අභිමානය Proud of Matara මුහුණු පොත් පිටුවෙන්

https://www.facebook.com/profile.php?id=100080085251491

  • අවසර ඇතිව උපුටා ගත්තකි

මම උපුල් අන්දාහැන්නැදි. මගේ ගම මාතර කොටුවේගොඩ .

මමත් මගේ මිතුරන් වන දැනට ඔිස්ට්‍රේලියාවේ පදිංචි පියල් විජේරත්නත් , දැනට පොල්හේනේ පදිංචි ලක්ෂ්මන් තෙන්නකෝන් අප තිදෙනාම අනතුරට පත්වුන බෝට්ටුවේ එම අවස්ථාවෙිදී සවාරිය යාමට මහානාම පාලම අසලින් පටු තීරය දිගේ නිල්වලා ගඟට ගමන් කර මම පමණක් බෝට්ටුවට ගොඩවීමට තීරණය කලා.

මිතුරන් දෙදෙනා කුමන හෝ හේතුවකට ගමන යාමට බියක් දැක්වුවා.

බෝට්ටුව පදවන අයියා (මට නම මතක නැහැ මගේද ඥාතියෙක් බව යන්තමට මතකයි.)

ඉතාමත් සැරෙන් අපට පැවසුවා යන්නේ නැතිනම් බැහැලා පලයල්ලා කියලා.

බෝට්ටුවට නංවන මිනිසුන් සංඛාව අධික බව මට එකවරම තේරැම් ගියා. මම වහාම බෝට්ටුවෙන් බැස පාලම උඩට ගොඩවුනා.

මට තවමත් මතකයි ඔහු පරැෂ වචනයෙන් අපි තිදෙනාටම බනිනවා.

මට හොඳටම මතකයි අවසානයට බෝට්ටුවට ගොඩවුනේ ආදරවන්තයින් දෙදෙනෙක් බව. ඔවුන් මිය ගියාද කියලා මම දන්නේ නැහැ.

ඒ අක්කා ඇයගේ ආදරවන්තයාගේ බල කිරීමට අකමැත්තෙන් බෝට්ටුවට ගොඩවුනා කියලා මට තේරැණා .පව්.

අපි පාලම මතට වෙලා වේගයෙන් ඉදිරියට ඇදෙන බෝට්ටුව දිහා බලාගෙන සිටියා.

එය තොටමුණ පැත්තට හී ගසක වේගයෙන් ගමන්කර හරවාගෙන පීක්වැල්ල පැත්තට ගමන් කලා.

පසලොස්වක පෝය දවසක් නිසා පුර හඳ හොඳට පායලා ගඟට හොඳින් ආලෝකය වැටී තිබුනා .

මම දුටුවා රකීබ් කර්මාන්තායතනය පසුකරද්දීම කාසිගේ මාමාගේ නිවස පසුකර ගස් අතුවල වැදෙමින් පල්ලිමුල්ලේ බස් ඩිපෝව ආසන්නයට පමණ යනවිට ගස් අතුවල පැටලිලා බෝට්ටුව පෙරලෙනවා.

මම වහාම බස් නැවතුම්පොළ අසල රාජකාරිය කරමින් සිටි පොලිස් ජීප් රථයේ රාළහාමිලා දැනුවත් කර අප තිදෙනාම පල්ලිමුල්ලේ රෑපසිංහ මාස්ටර්ගේ නිවස අසලින් ගඟ මායිමට ගොස් බේරා ගැනීමට කවුරැවත් ඉන්නවාද කියා සොයා බැලුවා.

පසුව ගමම පැමිණ විපරම් කළත් කිසිවෙකු ගලවා ගැනීමට සොයා ගන්නට බැරි වුනා.

පසුදින ඔරැ සහ බෝට්ටු වලින් ධීවරයින් පැමිණ කිමිදෙමින් සහ කොකු යොදා ගනිමින් මළමිනී සෙවීම ආරම්භ කලා.

එම උත්සාහයන් විහිළුවට ගත් මිනිසුන්ද එම අවට පොරකමින් සිදුවීම් නරඹමින් සිටියා. හොඳ වෙලාවට ඒ කාලයේ ජංගම දුරකතන තිබුනේ නැහැ.

තිබුණානම් බේරා ගැනීමට වඩා Video කිරීමට තමයි ප්‍රමුඛත්වය .

එක් අවස්ථාවකදී බොහොම වෙර දමා කඹයක කොක්කක් අමුණා එම කඹය උඩට ගන්නා විට බෝට්ටුවේ තිබුණ නැංගුරම ගන්නා ටයරයක් කොක්කේ ඇමිණී උඩට ආවා.

එවිට අවට සිටියවුන් හු හඬ දෙන්න ගත්තාම එම කටයුත්තේ සිටි අයියා මගේද ඥාතියා මට නම මතක නැහැ පරැෂ වචනයෙන් එම පිරිසට බැන්නා .

ගමේ අපි , අවට සිටි එම අමනයන්ව පන්නා දමලා අදාළ කටයුත්තට සහයෝගය ලබා දුන්නා..

අතිශයින්ම කණගාටු වෙනවා. අපගේ ඇස් ඉදිරිපිටම එදා ඔවුන් විලාප දෙමින් වතුරට වැටෙනවා දැකීමම දුකක්

https://www.facebook.com/upul.andrahennedi.2025?comment_id=Y29tbWVudDo4MzQ2NDE3MDkyMTUzMzBfODE3ODQzMjE3NjgwMDMw

Upul Andrahennedi  එයට එක්කර තිබූ මතක සටහනක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *