“ඒහි පස්සිකෝ“  සාම පාගමන ඇරඹේ.ලෝකයේම අවධාන දිනූ “ආලෝකා”ත් ඒ අතර.

“ඒහි පස්සිකෝ“  සාම පාද යාත්‍රාවේ දෙවන දිනය පසුගිය (23) වැනිදාට යෙදී තිබුණා.

එදින ඓතිහාසික මාතලේ අලුවිහාරයේ සිට මහනුවර දළදා මාළිගාව දක්වා සාම පාද යාත්‍රාව සිදුකිරීමට නියමිතයි.

වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ විසින් පසුගිය (22) වැනිදා දඹුල්ල පූජා නගරයෙන් මෙම සාම පාද යාත්‍රාව ආරම්භ කරනු ලැබීය.  

භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුයේ මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු කර ගනිමින්ය.

එය ”ඒහිපස්සිකෝ ”සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණි.

ඒ අනුව වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ පසුගිය 21 වනදා දිවයිනට ළඟා වුණි.

මෙම සාම පා ගමන සඳහා “ආලෝකා” නැමැති සුනඛයාද භික්ෂූන් වහන්සේ සමග එක්ව සිටී.

මේ අතර “ඒහිපස්සිකෝ” සාම පා ගමන සඳහා සහභාගී වෙමින් සිටි ඇමරිකානු භික්ෂූන් වහන්සේ නමක් හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව මාතලේ දිස්ත්‍රික් මහා රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම සාම පා ගමන පසුතිය (22) දින උදෑසන දඹුල්ල නගරයෙන් ආරම්භ වූ අතර මේ සඳහා සහභාගී වූ ඇමරිකානු ජාතික භික්ෂුවක් වයස අවුරුදු (38) වූ එම් ධර්මවර භික්ෂූන් වහන්සේ පා ගමන අතරතුර මාතලේ කෝන්ගහමුල ප්‍රදේශයේදී අපස්මාරය රෝගී තත්ත්වයක් හේතුවෙන් ගිලන් රථයක ආධාරයෙන් මාතලේ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ක්ෂණිකව ක්‍රියාත්මක වූ රෝහල්කාරය මණ්ඩලය රෝගී  භික්ෂුන් වහන්සේට අවශ්‍ය ප්‍රතිකාර සිදුකර ඇත.  එම භික්‍ෂූන් වහන්සේගේ රෝගී තත්ත්වය හේතුවෙන් පා ගමන සඳහා සහභාගී නොවන ලෙස වෛද්‍ය නිර්දේශ ලබාදී ඇති බව මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි.


පසුගිය (21) වැනිදා ශ්‍රී ලංකාවට වැඩම කළ ‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමනට නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ‌ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ පසුගිය (21) වැනිදා පස්වරු 3.00ට ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී මෙම සාම පා ගමනට ආශිර්වාද ලබා ගැනීම සිදු කලා.

එහිදී අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශ්‍රී මහා බෝධි අංකුරයක් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ‌ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ වෙත පූජා කිරීමද සිදුකෙරුණා. 

එමෙන්ම, (21) වැනිදා පස්වරු 4.00ට ඓතිහාසික රුවන්වැලි මහා සෑය අභියස විශේෂ ආගමික වතාවත් සිදු කෙරුණා. 

අප්‍රේල් 22වන දා උදෑසන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වූ සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල්  28වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතයි. 

මෙම සාම පාගමනට එක්ව ලොව පුරා ආදරයට පත් ‘ආලෝකා’ (Aloka) සුනඛයා ද ඔවුහු සමග සිටියි.

සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අමෙරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත පූජා කිරීමට නියමිතයි.

අනතුරුව ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පෙරහැරකින් ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවන අතර එහිදී ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන ‘ We are the Design’ වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. 

ජනාධිපති ලේකම් කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය , රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය,  සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය  සහ ත්‍රිවිධ හමුදාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හි  පූර්ණ අනුග්‍රහය යටතේ මෙම සාම පා ගමන සංවිධානය කෙරේ.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *