ලෝක­යේම අව­ධා­නය කොළ­ඹට.තරග තීරකයා ඡනපති අනුර.

ඉන්දු – පාකි­ස්තාන ක්‍රිකට් තර­ගයක් ලෝකයේ කුමන රටක පැවැත් වුවද මුළු ලෝක­යේම අව­ධා­නය ඒ දෙසට යොමු වන්නේ, අවු­රුදු ගණ­නා­වක් තිස්සේ දේශ­පා­ලන වශ­යෙන් ඇති වන යම් යම් සිද්ධීන් අවා­ස­නා­ව­කට දෙරටේ ක්‍රිකට් තර­ඟ­ව­ල­ටද පැමි­ණීම හේතු­වෙනි.සාමා­න්‍ය­යෙන් ක්‍රීඩාව, කලාව වැනි පොදු කාර­ණා­ව­ලදී කිසිදු වාද භේද ඇති නොවේ. ඒ කලාව ක්‍රීඩාව වැනි දේ විශ්ව­ය­ටම පොදු දේවල් වන නිසාය. නමුත් ඉන්දු – පාකි­ස්තාන උණු­සුම වසර ගණ­නා­වක් තිස්සේ පැව­තෙන අතර, එය ක්‍රිඩා­වට මෙන්ම කලා­ව­ටද බලපා තිබේ.පසු­ගිය කාලය තුළදී කාශ්මීර දේශ­සීමා අර්බු­ද­යත් සමඟ ඉන්දු – පාකි­ස්තානු අර්බු­ද­යද උත්සන්න වූ අතර එය දෙරටේ ක්‍රිකට් ක්‍රිඩා­ව­ටද බලපා තිබේ.ඒ උණු­සු­මත් සමඟ ඉන්දි­යා­වෙන් සහ පාකි­ස්තාන­යෙන් ලැබුණු විවිධ ප්‍රති­චා­ර­යන් ඔස්සේ ඉන්දු – පාකි­ස්තානු ක්‍රිකට් ගැටු­මද අවි­නි­ශ්චිත තත්ත්ව­යක පසු­විය.

ශ්‍රී ලංකාවේ මැදි­හ­ත්වීම

ඉන්දු – පාකි­ස්තානු ක්‍රිකට් තර­ඟය කෙසේහෝ පැවැ­ත්වී­මට ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය අයි.සී.සී ය දැඩි උත්සා­හ­යක් දරද්දී ශ්‍රී ලංකා­වද ඊට නොදෙ­වෙනි ආකා­ර­යෙන් මැදි­හත් වූයේ, මෙම ගැට­ලුව සම­නය කිරී­මට සුදු­සුම රට ශ්‍රී ලංකාව වන නිසාය.

ජන­ප­තිගේ සාම මෙහෙ­යුම

අනුර කුමාර දිසා­නා­යක ජනා­ධි­ප­ති­ව­රයා රාජ්‍ය තාන්ත්‍රික මට්ට­මින් මෙම ගැට­ලුව නිරා­ක­ර­ණය කර­ගැ­නීම සඳහා සාර්ථක මැදි­හත් වීමක් සිදු කළේය. ඒ සමඟ විදේශ කට­යුතු අමාත්‍ය විජිත හේරත් ද ක්‍රියා­ත්මක විය. ඊට සම­ගා­මීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­න­යද ඊට මැදි­හත් වන්නට විය.

මෙම සියළු සාකච්ඡා අත­ර­තුර අනුර කුමාර දිසා­නා­යක ජනා­ධි­ප­ති­ව­රයා පාකි­ස්ථානු අග්‍රා­මාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ට ලබා­දුන් දුර­ක­ථන ඇම­තුම මෙහිදී තීර­ණා­ත්මක විය. අතී­ත­යේදී ශ්‍රී ලංකා­වට ක්‍රිකට් ක්‍රීඩා­වේදී ඉන්දි­යාව හා පාකි­ස්තානය එක්ව දැක්වූ සහ­යෝ­ග­යත් පසු­ගිය අර්බුද කාල­ව­ලදී පාකි­ස්තානයේ ක්‍රිකට් සහ­යෝ­ගී­තා­ව­යට ශ්‍රී ලංකාව දැක්වූ සහ­යෝ­ගී­තා­ව­යත් පෙන්වා­ දුන් ජනා­ධි­ප­ති­ව­රයා, 15 වැනිදා ඉන්දි­යාව සමඟ පාකි­ස්ථා­න­යට තර­ග­වැ­දී­මට අනු­මැ­තිය ලබා­දෙන ලෙස ඉල්ලී­මක් කළේය. එම ඉල්ලී­මට ක්ෂණි­කව ප්‍රති­චාර දැක්වූ පාකි­ස්තානු අග්‍රා­මා­ත්‍ය­ව­රයා ඉන්දි­යාව සමඟ තර­ඟ­වැ­දී­මට පාකි­ස්තාන­යට අනු­මැ­තිය ලබා­දෙන බවත්, මේ සඳහා දැඩි උන­න්දු­ව­කින් කට­යුතු කළ ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­ර­යාට ස්තුතිය පළ­ක­රන බවත් හෙතෙම සඳ­හන් කළේය.

අලුත් තරග තීරක කවුද?

ඉන්දි­යාව සහ පාකි­ස්ථා­නය අතර තර­ඟය ශ්‍රී ලංකාවේ පැවැත් වීම සඳහා මැදි­හත් වූ අනු­ර­කු­මාර ජනා­ධි­ප­ති­ව­රයා එම ක්‍රිකට් තර­ඟයේ තරඟ තීරක බව දේශ­පා­ලන ක්ෂේත්‍රයේ බොහෝ­දෙ­නෙකු පැව­සුවේ ජනා­ධි­ප­ති­ව­ර­යාට ගෞර­ව­යක් ලෙසය.

තීර­ණය වෙනස් වුණේ ශ්‍රී ලංකාව නිසයි මහ කොම­සා­රිස් ඇමැති විජි­තට කියයි.

2026 T20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ ඉන්දි­යාව සමඟ පැවැත්වීමට නිය­මි­තව තිබූ තර­ඟ­යට සහ­භාගි නොවී­මට ගෙන තිබූ තීර­ණය ශ්‍රී ලංකාවේ ඉල්ලීම නිසා වෙනස් කළ බවත්, මත­භේද අත්­හැර ඊට සහ­භාගි වීමට තීර­ණය කළ බවත්, මේ සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකාවේ මැදි­හත් වීම ප්‍රශං­ස­නීය බවත් ශ්‍රී ලංකාවේ පාකි­ස්තානු මහ­කො­ම­සා­රි­ස්ව­රයා ප්‍රකාශ කළේය. ඒ ශ්‍රී ලංකාවේ පාකි­ස්තානු මහ­කො­ම­සා­රිස් විශ්‍රා­මික මේජර් ජෙන­රාල් ෆාහි­මුල් අසීස් ශ්‍රී ලංකාවේ සිය සේවා කාලය අව­සන් කර දිව­යි­නෙන් පිටව යාමට පෙර ඉකුත්දා (10) විදේශ කට­යුතු අමාත්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා හමු වූ අව­ස්ථා­වේ­දීය.

මෙම තීර­ණ­යට එළ­ඹීම සම්බ­න්ධ­යෙන් දින තුනක් පුරා පව­ත්වන ලද රාජ­තා­න්ත්‍රික සාකච්ඡා සහ දුර­ක­ථන සංවාද සම්බ­න්ධී­ක­ර­ණය කිරී­මේදී පාකි­ස්තාන මහ­කො­ම­සා­රි­ස්ව­රයා දැක්වූ කඩි­නම් ප්‍රති­චාර වෙනු­වෙන් අමාත්‍ය විජිත හේරත් සිය කෘත­ඥ­තාව පළ කළේය.

එමෙන්ම T20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ඟා­ව­ලියේ පැවති අවි­නි­ශ්චිත තත්ත්ව­යන් ගණ­නා­වක් නිරා­ක­ර­ණය කිරී­මට විදේශ අමා­ත්‍ය­ව­රයා වශ­යෙන් විජිත හේරත් අඛ­ණ්ඩව ගත් රාජ­තා­න්ත්‍රික උත්සා­හය ද මහ­කො­ම­සා­රි­ස්ව­ර­යාගේ ඇග­යී­මට ලක් විය. මහ­කො­ම­සා­රි­ස්ව­රයා ලෙස ශ්‍රී ලංකාවේ සේවය කළ කාලය ඉතා ප්‍රිය­ජ­නක මෙන්ම සාර්ථක කාල­යක් වූ බවත්, ඒ සඳහා විදේශ අමා­ත්‍ය­ව­ර­යා­ගෙන් සහ විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශ­යෙන් ලැබුණු සහාය අනර්ඝ බවත් මහ­කො­ම­සා­රි­ස්ව­රයා මෙහිදී පෙන්වා දුන්නේය. තමාගේ සේවා කාලය ඇතු­ළත (2024 දී) ශ්‍රී ලංකාව තුළ ඉතා සාධා­රණ හා විශිෂ්ට මැති­ව­රණ දෙකක් පවත්වනු දුටු බවත්, ඒ පිළි­බඳ තමා පෞද්ග­ලි­කව සතුටු වන බවත් පාකි­ස්තානු මහ­කො­ම­සා­රි­ස්ව­රයා සඳ­හන් කළේය.

දිට්වාපැරද වූ මනු­ෂ්‍ය­ත්වය

‘දිට්වා’ සුළි කුණා­ටු­වෙන් සිදුවූ හානිය අම­තක කර ඇතැයි ඇතැ­මුන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඇතුළු ආණ්ඩු­වට චෝදනා කළ ද එයින් විප­තට පත් නිවාස අහිමි වූ හා ව්‍යාපාර කට­යුතු අඩ­පණ වූ ජන­තා­වට ආධාර ලබා දීමේ කට­යුතු මේ වන විටත් සිදු­වෙ­මින් පවතී. පසු­ගි­යදා ජනා­ධි­ප­ති­ව­රයා මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ නිවාස අහිමි වූ ජන­තා­වට නව නි‍ෙව­සක් ඉදි කර ගැනීම සඳහා ආධාර ලබා­දීමේ වැඩ­ස­ට­හන් දෙක­කට කුණ්ඩ­සා­ලේදී සහ ගල­ගෙ­දරදී සම්බන්ධ විය.

ජන­ප­තිට ඉහළ ප්‍රති­චාර

එහිදී ආධාර ලැබූ ජන­තාව ජනා­ධි­පති ඇතුළු ආණ්ඩු­වට ප්‍රශංසා කරනු ලැබුවේ දැඩි භක්ති­ය­කිනි. ආද­ර­යෙනි.

“ අපේ ගෙවල් තිබුණේ අධි­අ­ව­දා­නම් කලා­ප­යක. නමුත් මෙච්චර කාල­ය­කට කිසිම ආණ්ඩු­වක් අපිව ඒ තැන්ව­ලින් අයින් කරන්න කට­යුතු කළේ නෑ. ඒ නිසා සුළි සුළඟ ආපු වෙලාවේ මහා වැස්සේ අපේ ගෙවල් කඩා වැටුණා. අපි හිටියේ මින් එහාට මොකද වෙන්නේ කියලා හිතා­ගන්න බැරුව. අපිට ගෙයක් හදා­ගන්න ඉඩ­ම­කුත් එක්කලා ලක්ෂ පන­හක් දෙනවා කියලා ජනා­ධි­ප­ති­තුමා කිව්වා. ඒත් අපි ඒක විශ්වාස කළේ නෑ; මේ කතා අපි ඕන තරම් අහල තියෙ­න­වනේ. මේ අපේ ජනා­ධි­ප­ති­තුමා; බුදුන් දැක නිවන් දකින්න ඕන. එතුමා අපිට සියලු ලිය­කි­ය­වි­ලිත් එක්ක ඉඩ­මක් දුන්නා. අද ගේ හදා­ගන්න ලක්ෂ විස්ස­කුත් දුන්නා. තව ලක්ෂ තිහක් ගේ හදන්න පටන් ගත්තට පස්සේ දෙනවා කිව්වා. මේක නිකං හීන­යක් වගේ. ”

එහෙම කිව්වේ; නාය යෑමෙන් පූර්ණ හානි­යට පත් වූ නිව­සක් වෙනු­වට නව නි‍ෙව­සක් හදා­ගන්න ප්‍රති­ලාභ ලැබූ කාන්තා­වකි.

ජන­තා­ව­ගෙන් ප්‍රශංසා

මෙහිදී ප්‍රති­ලාභ ලැබූ ගෘහ කර්මා­න්ත­යක් ලෙස බිම්මල් වගා­වක් කර­ගෙන ගිය අයකු පැව­සුවේ මෙවැ­න්නකි.

“ ‘දිට්වා’ සුළි කුණා­ටුව වෙලාවේ අපේ ගෙද­ර­ටත් සුළු හානි වුණා. ඒකට අපිට ලක්ෂ පහක් ලැබුණා. මම ගෙදර කර­ගෙන ගිය බිම්මල් වගා­වත් සම්පූ­ර්ණ­යෙන්ම විනාශ වුණා. ඒකට මට අද ලක්ෂ දෙකක වන්දි­යක් ලැබුණා. ඒ මුද­ලෙන් මට ආපහු මගේ ව්‍යාපා­රය පටන් ගන්න පුළු­වන්. ඇත්ත­ටම මේක ලොකු හයි­යක්. මේ ආණ්ඩුව කිව්ව විදි­හ­ටම අපිට හැම ආධා­ර­යක්ම දුන්නා. එහෙම නොවුණා නම් අපිට තව කාල­යක් දුක් විඳින්න වෙනවා. සුළි කුණා­ටුව ආපු වෙලාවෙ ඉඳලා ග්‍රාම සේවක මහ­ත්ත­යාගෙ සිට දිසා­ප­ති­තුමා දක්වා හැම රාජ්‍ය නිල­ධා­රි­යෙක්ම, ප්‍රදේ­ශය නියෝ­ජ­නය කරන මැති ඇමැ­ති­ව­රුන් මේ සිය­ලු­දෙනා අපි ගැන හොයලා බලලා කරන්න ඕනි හැම­දේම කළා. ජනා­ධි­ප­ති­තු­මා­ටත් ආණ්ඩු­ව­ටත් මේ නිල­ධාරී හැමෝ­ට­මත් බොහෝ­මත්ම පිං මේ කළ සේව­යට. ”

වතු­ ක­ම්කරු ජන­තා­වගේ සතුට

එලෙස ප්‍රති­ලාභ ලැබූ හැම කෙනෙක්ම ජනා­ධි­ප­ති­ව­ර­යා­ටත් ආණ්ඩු­ව­ටත් බොහෝ සේ ප්‍රශංසා කළේ කියපු ලෙස­ටම සියලු ආධාර මුදල් ලබා­දුන් නිසාය.

වතු­ ක­ම්ක­රු­වන්ගේ දිනක වැටුප රුපි­යල් 1750 දක්වා වැඩි කිරී­මට මහා භාණ්ඩා­ගා­ර­යෙන් කම්ක­රු­ව­කුට රුපි­යල් 200ක මුද­ලක් වෙන් කිරී­මට අය­වැය යෝජනා සම්මත කෙරුණි. තවත් රුපි­යල් 200ක් වතු හිමි­ය­න්ගෙන් ලබා­දී­මට එක­ඟ­ත්වය පළ කර­මින් පසු­ගි­යදා ගිවි­සුම්ගත විය. ඒ අනුව රුපි­යල් 1350 සිට 1750 දක්වා වැඩි වූ ජන­වාරි මාසයේ වැටුප වතු කම්ක­රු­වන්ට ලැබුණේ පසු­ගිය දහ වැනි­දාය.

කිරි­බත් කමින් රතිඤ්ඤා පත්තු කර­මින් වතු කම්ක­රුවෝ ඒ පිළි­බ­ඳව සතුට පළ කළහ. ජනා­ධි­පති ප්‍රමුඛ ආණ්ඩු­වට ප්‍රශංසා කළහ. ජනා­ධි­ප­ති­ව­රයා වතු ජන­තාව මුණ ගැසී­මට පසු­ගිය 11 වැනිදා වතු­ක­ර­යට ගියේ ඔවුන්ගේ වැටුප වැඩි වීමේ සතුට භුක්ති විඳි­මින් සිටි­ය­දීය. ඔවුන් ජනා­ධි­ප­ති­ව­රයා පිළි­ගත්තේ ඉම­හත් ආද­ර­යෙනි. ඇතැම් කාන්තා­වන් කර­ගැට නැඟෙන තුරු දලු නෙළු තම දෑත් ජනා­ධි­ප­ති­ව­ර­යාට පෙන්ව­මින් තමන්ගේ වැටුප් වැඩි කර­මින් දැක්වූ සැල­කිල්ල ගැන කඳුළු වගු­ර­ව­මින් සතුට පළ කළහ. ඇතැම් කාන්තා­වන් දණ නමා වඳි­න්නට උත්සාහ කළ ද ජනා­ධි­ප­ති­ව­රයා වහා උර­හි­සින් අල්ලා ඔවුන් වළ­ක­මින් “එහෙම ඕන නෑ” යැයි පැව­සීය.

“කිසිම ජනා­ධි­පති කෙනෙක් මෙහෙම අපිව බලන්න ඇවිත් නෑ, ඔබ­තුමා විත­රයි අපිව බලන්න ආවේ. ඒ ගැන ගොඩාක් ස්තූතියි සර්.” තවත් කම්කරු කාන්තා­වක් සතුට පළ කළාය.

ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින්ට ඉන්දි­යා­වේදී ඉහළ පිළි­ගැ­නී­මක්

“සංස්කෘ­තික සබ­ඳතා පිළි­බඳ ඉන්දීය කවු­න්සි­ලයේ” (ICCR) ආරා­ධ­නා­ව­කට අනුව ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝ­ජිත පිරි­සක් ඉන්දි­යානු සංචා­ර­යක් සඳහා 05 වැනිදා නව­දිල්ලි නුවර බලා පිටත්ව වූ අතර 12 වැනි දින ඔවුන් නැවත දිව­යි­නට පැමි­ණි­යේය.

එම සංචා­රය අත­ර­තුර ටිල්වින් සිල්වා සහ ඉන්දි­යාවේ විදේශ කට­යුතු පිළි­බඳ අමාත්‍ය ආචාර්ය එස්. ජෙය­ශං­කර් මහතා අතර හමු­වක් පසු­ගිය 07 වැනිදා සිදු විය.

අන­තු­රුව 09 වැනිදා ගුජ­රාට් ප්‍රාන්තයේ මහඇමැති ශ්‍රී භූපේන්ද්‍ර රජ­නි­කාන්ත් පටෙල් අතර හමු­වක් සිදු වූ අතර ගුජ­රාට් ප්‍රාන්තයේ ඉදිරි සංව­ර්ධ­නය මෙන්ම කර්මාන්ත ආශ්‍රිත දියු­ණුව පිළි­බඳ මෙහිදී සාකච්ඡා කළේය. එහිදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත, සංචා­රක, ඇඟ­ලුම් වැනි කර්මාන්ත සංව­ර්ධ­නය සඳහා සහ­යෝ­ග­යෙන් කට­යුතු කිරීම පිළි­බඳ අද­හස් හුව­මාරු කර ගන්නා ලදි.

11 වැනිදා ඉන්දි­යාවේ කේරළ ප්‍රාන්තයේ මහඇමැති පින්න­රායි විජ­යන් සහ තවත් අමා­ත්‍ය­වරු කිහිප දෙනෙක් අතර හමු­වක් කේරළ ප්‍රාන්තයේ තිරු­වා­න­න්ත­පු­රම් නග­ර­යේදී සිදු විය.

එසේම ඉන්දීය කොමි­යු­නිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් එම්.ඒ. බේබි හා මධ්‍යම කාරක සභාවේ සහෝ­ද­ර­වරු කිහිප දෙනෙක්ද මුණ­ගැසී සාකච්ඡා කළේය.

ජන­තා­වගේ සුබ­සා­ධ­නය වෙනු­වෙන්, ප්‍රාන්ත­යක් ලෙස කේර­ළයේ සිදු කර ඇති වැඩ­ස­ට­හන් සම්බ­න්ධ­යෙන්ද, සාක්ෂ­ර­තාව 100%ක් බවට පත්කි­රීම සඳහා ගෙන ඇති ක්‍රියා­මාර්ග සම්බ­න්ධ­යෙන්ද, ආන්තික දරි­ද්‍ර­තා­වය තුරන් කිරීම සඳහා ගත් ක්‍රියා­මාර්ග සම්බ­න්ධ­යෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඉදි­රි­යේදී ශ්‍රී ලංකාව සමඟ සහ­යෝ­ගිතා­වය වර්ධ­නය කර­ගැ­නීම හා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අන්‍යෝන්‍ය සංව­ර්ධ­නය ළඟා කර­ගත හැකි අව­කාශ සම්බ­න්ධ­යෙන්ද පක්ෂ දෙක අතර සබ­ඳතා වර්ධ­නය කර­ගැ­නීම සම්බ­න්ධ­යෙන්ද මෙහිදී සාකච්ඡා කළහ.

රනිල්ගේ නීතිඥයා නීති­ප­තිට දැනු­ම් දුන්නේ මොන­වාද?

මේ ගමන ගැන අදාළ තීරණ සියල්ල ගත්තේ කොළඹ සිටය. ලන්ඩන් මහ­කො­ම­සා­රිස් කාර්යා­ල­යෙන් කරන ලද්දේ ඒ තීරණ ක්‍රියා­ත්මක කිරීම පමණි. ඒ අනුව නඩුවේ වැද­ගත් සාක්ෂි ඇත්තේ කොළ­ඹයි. එසේ තිබි­යදී අධික විය­ද­මක් දර­මින් එංග­ල­න්ත­යට පස්දෙ­නෙක් ගොස් සාක්ෂි ලබා ගත්තේ කාගෙන්ද? යනු­වෙන් එ.ජා.පය ප්‍රකාශ කරයි.

අනෙක මෙවැනි උත්ස­ව­ව­ලට ආරා­ධනා කරන්නේ අදාළ උත්ස­වය පැවැ­ත්වෙන රට මඟින් නොව අදාළ ආය­ත­නය මඟිනි. උදා­හ­ර­ණ­යක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමෙ­රි­කාවේ පැවැත් වුවද ඊට ආරා­ධනා කරන්නේ අමෙ­රි­කා­වෙන් නොවූ එක්සත් ජාතීන්ගේ සංවි­ධා­න­යෙනි.1950 වසරේ සිටම සිදුව ඇති සම්ප්‍ර­දාය එයයි.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි­යට යනවා නම් රාජ්‍ය නාය­කයා ඇතුළු පස් දෙන­කුට ඊට අව­ස්ථාව ලැබෙයි. ඊට සම­ගාමී සැසි­ව­ලට යන නිල­ධා­රීන්ට විය­දම් කරන්නේ ඔවුන්ගේ රට­ව­ල්ව­ලින් බවද එ.ජා.පය විසින් පෙන්වා දී තිබුණි.

එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක රාජ්‍ය නාය­ක­යන් මේ වගේ ගමන් බිමන් කොතෙ­කුත් ගිහින් තිබේ. ඒ ගැන උදා­හ­රණ කිහි­ප­යක් ද රනිල්ගේ නීතිඥ අනුජ ප්‍රේම­රත්න නීති­ප­ති­ව­ර­යාට දක්වා ඇත.

රනිල් චීනය ගැන ඉන්දි­යා­වෙන් විම­සුවේ මොන­වාද?

ඉන්දි­යා­වෙන් වැඩම කර­වන ලද දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කර­න්නට රනිල් ගියේ ඉකුත් බදාදා උදේ වරු­වේය. ධාතූන් වහන්සේ ප්‍රද­ර්ශ­නය කෙරෙන ස්ථානයේ සිටි ඉන්දීය නිල­ධා­රි­නි­ය­ගෙන් රනිල් ඉති­හාස කරුණු විමසා සිටි අතර අදාළ පුරා­විද්‍යා භූමියේ ධාතූන් වහන්සේ තිබූ මංජු­සාවේ තවත් යම් යම් දෑ හමුවීදැයි විම­සීය. එහිදී ඉන්දීය නිල­ධා­රි­නිය පැව­සූයේ එහි සිල්ක් තිබූ බවයි.

“ඉතින් ඒ කාලේ ඉඳන් ඔය­ගොල්ලො චීනය එක්ක ගනු­දෙනු කරලා නේ,දැන් අපට කෑ ගහන්නේ” යැයි රනිල් වික්‍ර­ම­සිංහ මහතා සිනාමුසුව පැව­සීය.

රනිල් වික්‍ර­ම­සිංහ මහතා කියූ කාර­ණ­යට ඉන්දීය නිල­ධා­රි­නිය සින­හ­ව­කින් පිළි­තුරු දුන්නාය.

මහින්ද වජිර කතා කළේ මොන­වාද?

චීන තානා­පති කාර්යා­ලය කොළඹ ෂැංග්‍රිලා හෝට­ල­යේදී සංවි­ධා­නය කර තිබූ චීන අලුත් අවු­රුදු පිළි­ගැ­නීමේ උත්ස­වය සඳහා එජාප සභා­පති වජිර ගියේ නායක රනිල් නියෝ­ජ­නය කර­මිනි. ඒ වෙලාවේ රනිල්ට වෙනත් වැඩක් යෙදී තිබූ බැවින් වජි­රට එහි යන ලෙස දැනුම් දී තිබිණි. චීන තානා­ප­තිද දේශ­පා­ල­න­ඥ­යෝද බොහො­ම­යක් එහි වූහ.

ඇමති විජිත, හිටපු ජනා­ධි­පති මහින්ද , හිටපු කතා­නා­යක මහින්ද යාපා, ජී. එල්, ගම්ම­න්පිල එහි සිටි තවත් කිහි­ප­දෙ­නෙකි.

වජිර මුලින්ම චීන තානා­පති මුණ ගැසී තම­න්ගේත් නායක රනි­ල්ගේත් සුභා­සිං­සන පිරි­නැ­මීය.

උත්ස­වය අත­ර­තු­රදී වජිර -මහින්ද අස­ල­ටම ගොස් කතා­බහ කළ අතර, උත්ස­ව­යට පැමිණ සිටි පිරි­සට මෙම කතාව කුතු­හ­ල­යට තුඩු දුන්නේ ඒ අස­ලම ඇමති විජිත ද සිටි නිසාය. පසුව මෙම කතා­වට ජී. එල්. සහ ගම්ම­න්පි­ලත් හවුල් වූහ.

පැය­කට වැඩි කාල­යක් උත්සව සභාවේ මේ පිරි­සත් සමඟ රැඳී සිටි වජිර එතැ­නින් නික්මුණේ වෙනත් කට­යු­ත්තක් සඳහා සහ­භාගි වීමට තිබු නිසාය.

සජ­බයේ ගුටි­බැට

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දා­සගේ බොහෝම ළඟම හිත­ව­තෙකු සජබ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු හා ගුටි­බැට හුව­මාරු කර­ගෙන තිබේ. නාග­රික මන්ත්‍රී­ව­ර­යකු වන ඔහු අවු­රුදු ගණ­නා­වක සිට සජිත් වෙනු­වෙන් දර දිය අදියි. සජිත් මන්ත්‍රී කාලයේ ඇමැති කාලේ පම­ණක් නොව විපක්ෂ නායක කාලයේ පවා ඔවුන් සජිත් වෙනු­වෙන් කැපවී ඇත. පසු­ගිය දින­වල සජිත් ඉන්දි­යාවේ සංචා­ර­යක් යන විට හර්ෂ ද සිල්වා හලා එක්ක ගියේ ඔහුය.

ජී.එල්. තවත් පොතක් පෙර­ළයි

ලංකාවේ සැවොම යුද්ධය ගැන කතා කළත් සාම ක්‍රියා­ව­ලිය ගැන කතා නොක­රන තරම්ය. එවැනි පසු­බි­මක මහා­චාර්ය ජී.එල්. පීරිස් සාම ක්‍රියා­ව­ලිය පිළි­බඳ කළ පොතක් පසු­ගිය 12 වැනිදා එළි දැක්වූ­යේය. එකල සාම ක්‍රියා­දා­මයේ මැදි­හ­ත්කරු ලෙස කට­යුතු කළ නෝවේ විශේෂ නියෝ­ජිත එරික් සෝල්හ­යිම් ද පසු­ගිය දින­වල දිව­යි­නට පැමිණ සිටි­යේය. ඔහු සාම ක්‍රියා­ව­ලි­යට අදාළ ලිය­කි­ය­විලි තබා ඇති ලේඛ­නා­ගා­ර­යක්ද විවෘත කළේය. ඔහු එය කළේ මිලින්ද මොර­ගොඩ හා සම්බන්ධ වෙමිනි. මහා­චාර්ය පීරිස් කල­කට පසු එළි­යට විත් පොතක් එළි­ද­ක්වන්නේ එවැනි පසු­බි­ම­කය. මෙහි ආරා­ධිත දේශ­ක­යන් වූයේ ආචාර්ය සරත් අමු­ණු­ගම, ආචාර්ය දයාන් ජය­ති­ලක හා නීතිඥ ශිරාල් ලක්ති­ල­කය. එකල ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රති­ප­ත්තිය රාජ­තා­න්ත්‍රික භාවය පැව­තුණේ කෙබඳු තත්ත්ව­ය­කද යන්න මෙරට ජන­තා­වට සිහි­කර දීම සඳහා මිලින්ද ජී.එල් ඇතුළු කණ්ඩා­ය­මක් වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කර තිබේ. මෙම කට­යු­ත්තද ඊට අදා­ළව සිදු කරන එකකි.

මැද­පෙ­ර­දි­ගම ඉම්තියාස්ගේ ගෙදර

පසු­ගි­යදා රාත්‍රි­යක හිටපු අමාත්‍ය ඉමි­ති­යාස් බාකිර් මාකාර්ගේ බුලර්ස් පටු­මගේ ඇති නි‍ව­සට මුස්ලිම් රට­වල තානා­ප­ති­ව­රුන් හා මහ­කො­ම­සා­රි­ස්ව­රුන් එකො­ළොස් දෙනෙකු පැමි­ණි­යහ. ඔවුන් පැමි­ණියේ ඉමි­ති­යාස්ගේ ආරා­ධ­නා­ව­කට අනු­වයි . ඉමි­ති­යාස් මෙය සාම්ප්‍ර­දා­යි­කව කරන වැඩකි. රාම­සාන් කාලය ආස­න්න­යේදී සෑම වස­ර­කම ඉමි­ති­යාස් මෙම රාත්‍රී භෝජන සංග්‍ර­හය පිරි­න­මයි. මෙහිදී පිරිස පල­ස්තීන ප්‍රශ්නය රටේ වත්මන් දේශ­පා­ලන තත්ත්වය පිළි­බඳ සුහද කතා­බ­හක නිරත විය.

ප­ල­ස්තී­න­යෙන් ඇමැති විජි­තට සුබ ආරං­චි­යක්

පල­ස්තීන ජන­තාව මුහුණ දෙන අර්බුද හමුවේ ශ්‍රී ලංකා රජය දක්වන අඛණ්ඩ සහ­යෝ­ගය වෙනු­වෙන් කෘත­ඥ­තාව පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පල­ස්තීන තානා­පති ඉහාබ් අයි. එම්. කලීල් මහතා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අමා­ත්‍යාං­ශ­යේදී මුණ ගැසු­ණේය. එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය තුළ පල­ස්තී­නය සම්බන්ධ යෝජ­නා­ව­ලදී ශ්‍රී ලංකා රජය ලබා දුන් නොපැ­කිලි සහ­යෝ­ගය පිළි­බ­ඳව පල­ස්තීන රජයේ විශේෂ ස්තුතිය තානා­ප­ති­ව­රයා මෙහිදී පිරි­නැ­මු­වේය. අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පල­ස්තීන විදේශ අමා­ත්‍ය­ව­ර­යාට ශ්‍රී ලංකාවේ සංචා­ර­යක් සඳහා කරන ලද ආරා­ධ­නය පල­ස්තී­න­යට කරන ලද ඉහළ ගෞර­ව­යක් ලෙස සල­කන බව ද තානා­ප­ති­ව­රයා මෙහිදී පෙන්වා දුන්නේය. දශක ගණ­නා­වක සිට ජාත්‍ය­න්තර තල­යේදී පල­ස්තීන අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් ශ්‍රී ලංකාව පෙනී සිටීම සම්බ­න්ධ­යෙන් පල­ස්තීන ජන­තාව තුළ පව­තින ඉහළ ප්‍රසා­දය ද තානා­පති ඉහාබ් අයි. එම්. කලීල් මහතා වැඩි­දු­ර­ටත් අව­ධා­ර­ණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *