
2035 වසර දක්වා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන පිරිමි ක්‍රිකට් තරගාවලි සඳහා සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව නොමැති බව වාර්තා වනවා.ඉන්දුනීසියාවේ පැවති ICC විධායක රැස්වීමේදී 2035 වසර දක්වා පැවැත්වීමට නියමිත ප්‍රධාන ක්‍රිකට් තරගාවලිවල සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණ ගෙන ඇති බවයි සඳහන් වන්නේ.ඒ අනුව, ආසියානු කලාපයට හිමිවන සත්කාරක අවස්ථා ඉන්දියාව සහ බංග්ලාදේශය වෙත ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
එහිදී 2031 වසරේ පැවැත්වීමට නියමිත ICC පිරිමි එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ඉන්දියාවට සහ බංග්ලාදේශයට හිමිව තිබෙනවා.
එමෙන්ම, 2029 වසරේ පැවැත්වීමට නියමිත ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.මීට අමතරව, 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියක සත්කාරකත්වය බංග්ලාදේශයට ලබාදීමට ද තීරණය කර ඇති බව සඳහන්.
මේ අතර ඉන්දුනීසියාවේ බාලි හිදී මෙම 11 වැනිදා සිට පසුගිය (15 වැනිදා) දක්වා පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) අවසන් වාර්ෂික රැස්වීම් මාලවේදී සිය අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජනය තවදුරටත් ප්‍රතික්ෂේප කිරීමට අයි.සී.සී.ය තීරණය කර තිබේ.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස අයි.සී.සී.ය යළිත් අවධාරණය කර ඇති අතර, යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමටද සාකච්ඡා වී තිබේ


