තලතා කණස්සල්ලෙන් – මන්ත්‍රි ධුරයට සමුදෙයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්‍ත්‍රිනී, නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුණා.ඇය විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉවත් වන බවයි.එක්සත් ජාතික පක්ෂය කඳවුරු දෙකකට බෙදිලා කටයුතු කිරීම තමාගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීමේ දැඩි අපහසුතාවයට පත් වන බව ඇය මෙහිදි පවසා සිටියා.

2020 වන විට එක්සත් ජාතික පක්ෂයෙ නායකත්වය වෙනස් විය යුතු බවට නිහඩ යෝජනාව සමගි ජනබලවේගය නිර්මාණය කරමින් අප කටයුතු කල නමුත් අනාගතය ගැන නොසිතා අප ගත් තීන්දු නිසා දැවැන්ත පක්ෂයක් දෙකට වීමට අවස්ථාව සැලසු බව ඇය තවදුරටත් පැවසුවා.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් වූ ගාමිණී අතුකෝරල මහතාගේ නැගණිය වන තලතා අතුකෝරල මහත්මිය, ගාමිණි අතුකෝරලගේ මහතා අභවප්‍රාප්ත වු පසු දේශපාලනයට පිවිසියා.ඒ අනුව ඇය 2004 වසරේදී පළමුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.එසේම 2010, 2015 සහ 2020 මහ මැතිවරණවලදී ඇය රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූවා.2020 වසරේදී ඇය රත්නපුර දිස්ත්රිකයෙන් මනාප 45,105ක් ලබාගනිමින් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *