ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සර්ව ජන බලය පියවර ගන්නා බව උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ ය.
පසුගිය (21) වැනිදා පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ කමිටු දෙකක වාර්තා හෙළි නොකිරීම ඇතුළු කරුණු මත ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බවයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දෙකක් සොයා බැලීමට පත්කල එස්.අයි. ඉමාම් සහ ඒ.එන්.ජේ. ද අල්විස් කමිටු වාර්තා දෙක රැගෙන උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා මේ මාධ්‍ය හමුවට සහභාගි විය.
ඔහු පවසන ආකාරයට හිටපු ජනාධිපතිවරයාට භාරදී තිබූ මේ වාර්තා ඔහුට ලැබී තිබුණේ තැපෑලෙනි.මේ වාර්තා දෙකෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව පොලීසිය හෝ බුද්ධි අංශවලින් යම් අතපසුවීමක් වූයේදැයි සොයා බැලීමට රනිල් වික්‍රමසිංහ මහතා පත්කල ඒ.එන්.ජේ. ද අල්විස් කමිටු වාර්තාවේ ඇතුළත් බව කියමින් ගම්මන්පිල මහතා කරුණු කිහිපයක් ඔහු අනාවරණය කළේ ය.
”මේ වාර්තාවේ හතළිස් වන පිටුවේ මෙහෙම තියෙනවා. රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂ විසින් 2019 අප්‍රේල් 9 වැනිදා මොහොමඩ් සහරාන් ජාතික තවුහිජ් ජමාද් ත්‍රස්තවාදී ප්‍රසිද්ධ කතෝලික පල්ලි ඇතුළු ස්ථාන කිහිපයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කරන බව විදේශීය බුද්ධි අංශයකින් දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දෙනවා.කවුද මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා? වර්තමානයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා
දැන් අප්‍රේල් 09 මේ ලිපිය එන විට රවී සෙනවිරත්න මහතා විදේශගත වෙලා.නැවත ලංකාවට ඇවිත් ලිපිය දකින්නේ 16 වෙනිදා.රවී සෙනවිරත්න මහත්මයා මේ ලිපිය 16 වෙනිදා බලලා අප්‍රේල් මාසේ 16 වැනි දා බලලා, මැයි පළවෙනිදා වන විට විමර්ශනයක් කර ප්‍රගතිය වාර්තා කරන්නෙයි කියලා සටහනක් දමනවා. නමුත් CID ය භාර නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහතාට යොමු කරන්න භාර දෙන්නේ 19 වෙනිදා. හැබැයි අබිරහස් ලෙස අප්‍රේල් 21 වැනිදා බෝම්බය පුපුරවා ගන්නා තුරුම මේ ලිපිය නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහතාගේ අතට යන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලිපිය යන්නේ බෝම්බය පිපුරවා ගැනීමෙන් පසු දින, ඒ කියන්නේ අප්‍රේල් මාසේ 22 වෙනිදා. කොහොම වුනත් ඉතා ක්ෂණිකව පියවර ගත යුතු ලිපියක් දින 12ක් තිස්සේ රවි සෙනවිරත්න මහතා භාරයේ පවතිනවා.තමන්ගේ දේශපාලන සගයන් බේරා ගැනීමට මේ වාර්තා යටපත් කිරීමට ජනාධිපතිවරයා තමන් සතු බලය පාවිච්චි කිරීම බලය අයුතු ලෙස භාවිතා කිරීම කියන විෂමාචාර්ය ජනාධිපතිතුමා සිදු කරලා තියෙනවා.’
මේ අතර කිසිදු අවස්ථාවක රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වර්තමානයේ සිටින තනතුරුවලින් ඉවත්කිරීමට රජය සුදානම් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, පාස්කු කමිටු වාර්තාවක් උපුටා දක්වමින් අදාළ නිලධාරීන් දෙදෙනාව ඉලක්ක කර ඇත්තේ, ඔවුන් දෙදෙනා වර්තමානයේ දරන තනතුරු ඉවත් කරගැනීමේ අවශ්‍යතාවය මත බව අමාත්‍යවරයා කියා සිටියේය.
පසුගිය (22) වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා අපක්ෂපාති පරීක්ෂණයක් එම නිලධාරීන් දෙදෙනා අතීතයේ සිට සිදුකළ බවයි.
පාස්කු වින්දිතයින් පවා එම නිලධාරීන් දෙදෙනා අපක්ෂපාති බව හොඳින් දන්නා බවත්, විවිධ අවශ්‍යතා ඇති අයට ඔවුන්ව තනතුරුවලින් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇතැයි ද විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දෙකක් සොයා බැලීමට පත්කළ එස්.අයි ඉමාම් සහ ඒ.එන්.ජේ.ද අල්විස් කමිටු වාර්තා පිළිනොගන්නා බව කොළඹ අගරදගුරු පදවිය පසුගිය (22) වැනිදා නිවේදනය කළේ ය.මෙම වාර්තා දෙක තුළින් කතෝලික අගරදගුරු සංගමයට බොරුවක් කර ඇති බව මාධ්‍ය හමුවකට එක් වෙමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ ය.
මේ අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු දෙක පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා කළ ප්‍රකාශයෙන් පසුව ප්‍රකාශයක් කිරීමට වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය.