කැනඩාව Czech Republic හමුවේ ගෝල 4-3ක පරාජයක් ලබමින් ලෝක කනිෂ්ඨ අයිස් හොකී ශූරතාවලියෙන් ඉවතට.

පසුගිය බ්‍රහස්පතින්දා පැවති අර්ධ අවසන් පූර්ව වටයේදී තරඟාවලියේ සත්කාරකයින් චෙක් රාඡ්‍ය හමුවේ ගෝල 4-3කින් පරාජයට පත් වූ අතර, තරගය නිමා කිරීමට තත්පර 39.4ක් ඉතිරිව තිබියදී ඇඩම් ජෙචෝ Adam Jecho  විසින් පවර් ප්ලේ power play හි ජයග්‍රාහකයා බවට පත්විය.මෙම පරාඡයත් සමග කැනඩාව ලෝක කනිෂ්ඨ අයිස් හොකී ශූරතාවලියෙන් ඉවතට විසිවිය.

කැනේඩියානු ඉදිරිපෙළ ක්‍රීඩක  Calum Ritchie පැවසුවේ “ඒක ජීවිතේට එක පාරක් ලැබෙන අවස්ථාවක්. අපි හැමෝටම ඕන විදියට ඒක ඉවර කරන්න නෙවෙයි.”

මීට මාස 12 කට පෙර ස්වීඩනයේ ගොතන්බර්ග්  Gothenburg, හි පැවති වයස අවුරුදු 20 න් පහළ ඉසව්වේදී කැනඩාව ද චෙක් ජාතිකයන් විසින්  එම අදියරේදීම පරාඡයට පත්කරන ලදී. 1980 දශකයේ මුල් භාගයේදී එහි විශිෂ්ටතා වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු පළමු වරට ලෝක කනිෂ්ඨ ක්‍රීඩකයින් සඳහා පදක්කමක් සඳහා ක්‍රීඩා කිරීමට රට දැන් අසමත් වී ඇත.

“ඹවුන් විශේෂ කණ්ඩායමක්,” 17 හැවිරිදි ඉදිරිපෙළ ක්‍රීඩක Gavin McKenna පැවසුවේ ඔහුගේ දෑස් කඳුළු ගන්වමිනි. “එතන පෙන්නන්න දෙයක් තිබ්බෙ නෑ.”යනුවෙන් ඹහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Petr Sikora, Jakub Stancl සහ Eduard Sale යන චෙක් ක්‍රීඩකයින් ගෝල ලබා ගත්හ. මයිකල් හ්රාබල් Michael Hrabal රැකගැනීම් 29ක් කළේය.

කැනඩාව වෙනුවෙන් ටැනර් හෝව්, පෝටර් මාර්ටෝන් සහ බ්‍රැඩ්ලි නඩෝ Tanner Howe, Porter Martone and Bradly Nadeau ගෝල ලබා ගැණිනි. කාටර් ජෝර්ජ් Carter George පහරවල් 22 ක් නතර කළේය. “අපි කැනඩාවේ රසිකයන් සහ ජනතාව වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න තිබුණා නම් මම කැමතියි,”  ක්‍රීඩක මැකේනා  Gavin McKenna පැවසීය. “අපිට මේ විදියට එලියට යන්න සිද්ද උනා.”ඹහු හැගුම්බරව ප්‍රකාශ කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *