කැනේඩියානු යුගල තරුව ගේබ්‍රියෙලා ඩබ්‍රොව්ස්කි Gabriela Dabrowski නොවැම්බර් මාසයේදී ඉතිහාසගත වූ අතර ඇය ඇගේ සහකරු වන නවසීලන්තයේ එරින් රවුට්ලිෆ් Erin Routliffe, සමඟ WTA අවසන් මහා තරඟය ජයග්‍රහණය කළ පළමු කැනේඩියානු ක්‍රීඩිකාව බවට පත්විය.එම ඡයග්‍රහනය ඹවුන් අත්පත් කරගත්තේ 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී මොන්ට්‍රියෙල්හි montreal (Canada’s Felix Auger-Aliassime) ෆීලික්ස් ඕගර්-ඇලියාසිම් සමඟ මිශ්‍ර යුගල ලෝකඩ පදක්කමක් ලබා ගැනීමෙන් මාස කිහිපයකට පසුවය.
එහෙත් කිසිවකු නොදැන සිටි දෙය නම් ඩබ්‍රොව්ස්කි පියයුරු පිළිකා සමඟ සටන් කරමින් සිටියදී මේ සියල්ල ඉටු කළ බවයි. එය අප්‍රේල් මැද භාගයේදී ඇයට ලැබුණු රෝග විනිශ්චයකින් තහවුරු වී තිබිණි.
“මෙය බොහෝ දෙනෙකුට කම්පනයක් ඇති කරන බව මම දනිමි, නමුත් මම හොඳින් සහ මම හොඳින් සිටිමි,” ඩබ්‍රොව්ස්කි සිය මුහුණු පොතේ සටහනක් තබමින් පවසා ඇත..”
ඩබ්‍රොව්ස්කි 2024 වසරේ කැනඩාවේ කාන්තා ටෙනිස් යුගල ක්‍රීඩිකාව ලෙස නම් කරන ලදී. යුගල ඉසව්වෙන් ලොව තුන්වන ස්ථානයට පත් වූ ඇයගේ වාරය නොවැම්බර් මාසයේ සෞදි අරාබියේ පැවති ඓතිහාසික WTA අවසන් තරඟ ජයග්‍රහණයත් සමඟ අවසන් විය.