
කැනඩාව ඇතුළු ලොව වෙනත් රටවලින් වානේ සහ ඇලුමිනියම් ආනයන කිරීමේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියයට 25 ක තීරු බදු අයකිරීම “සම්පූර්ණයෙන්ම අසාධාරණ” සහ “පිළිගත නොහැකි” බව කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ පවසයි.
පැරිසියේදී වාර්තාකරුවන් අමතමින් ටෲඩෝ පැවසුවේ, තීරුබදු ක්‍රියාත්මක වීමට පෙර, ඒවායේ ඍණාත්මක බලපෑම ඉස්මතු කිරීම සඳහා ෆෙඩරල් රජය එක්සත් ජනපද පරිපාලනය සමඟ කටයුතු කරන බවයි. නමුත්එය සාර්ථක නොවුන හොත් ” අපගේ ප්‍රතිචාරය නිසැකවම ස්ථිර සහ පැහැදිලි වනු ඇති බව.”ඹහු කියා සිටියේය.
“අපි කැනේඩියානු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමු. අපි කැනේඩියානු කර්මාන්ත වෙනුවෙන් පෙනී සිටිමු,” අගමැති ටෲඩෝ පසුගිය අඟහරුවාදා පැවසීය.
මේ අතර සියලුම වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා සියයට 25 ක තීරු බදු පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය, ඔන්ටාරියෝ හි ප්‍රධාන දේශපාලන පක්ෂ හතරේ නායකයින් දැඩිව හෙලා දකින අතර ඹවුන් ඔන්ටේරියානුවන් වෙනුවෙන් පෙනී සිටින බව පවසති .
මේ අතර අමෙරිකාවට ආනයනය කෙරෙන සියලුම වානේ සහ ඇලුමිනියම් ලෝහ සඳහා 25% ක ආනයන බද්දක් ප්‍රකාශයට පත් කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
එය කැනඩාවට විශාලතම බලපෑමක් ඇති කරන පියවරකි.
අමෙරිකාවේ අපනයනයන් සඳහා බදු අය කරන සියලුම රටවල් සඳහා අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳව සතියේ අග භාගයේදී නිවේදනයක් නිකුත් කරන බව ද ට්‍රම්ප් පවසා ඇති නමුත් කුමන රටවල් ඉලක්ක කරන්නේද යන්න හෝ කිසියම් නිදහස් කිරීම් තිබේද යන්න ඔහු නිශ්චිතව සඳහන් කර නැති බව මාධ්‍ය වාර්තා කර තිබේ.
“ඔවුන් අපෙන් අය කරන්නේ නම්, අපි ඔවුන්ගෙන් අය කරමු,” යනුවෙන් ට්‍රම්ප් පවසා ඇතැයි සදහන් වේ.
පසුගිය ඉරිදා ෆ්ලොරිඩාවේ ඔහුගේ මාර්-ඒ-ලාගෝ නිවාඩු නිකේතනයේ සිට නිව් ඕර්ලියන්ස් හි සුපර් බෝල් වෙත ගමන් කරමින් සිටියදී ඔහු තම සැලසුම් පිළිබඳව මාධ්‍යවේදීන් හමුවේ සදහන් කර ඇතැයි වාර්තාවේ.
කැනඩාව සහ මෙක්සිකෝව අමෙරිකාවේ විශාලතම වානේ වෙළෙඳ හවුල්කරුවන් දෙදෙනෙකු වන අතර කැනඩාව අමෙරිකාවට ඇලුමිනියම් ලෝහ සපයන විශාලතම සැපයුම්කරු වේ.
ට්‍රම්ප් ගේ පළමු ධුර කාලය තුළ කැනඩාව, මෙක්සිකෝව සහ යුරෝපීය සංගමයෙන් වානේ ආනයන සඳහා 25% ක සහ ඇලුමිනියම් ආනයන සඳහා 10% ක තීරුබදු පැනවීමට පියවර ගත්තේය.
මෙම වෙළඳ ක්‍රියාමාර්ගය පැමිණෙන්නේ, එක්සත් ජනපදය සහ කැනඩාව දේශසීමා ආනයන සඳහා තීරුබදු සහ අන්‍යෝන්‍ය තීරුබදු සඳහා අවම වශයෙන් දින 30 ක විරාමයකට එකඟ වීමෙන් සතියකට පසුවය.