ශ්‍රී ලංකා රග්බි තහනමක් අබියස?

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ පවතින පරිපාලනමය ගැටලු නිරාකරණය කරගැනීම සඳහා ලෝක රග්බි විධායක කමිටුව විසින් එළැඹෙන ජූනි මස 15 වැනිදා දක්වා අවසන් කාලය ලබාදෙමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ශෙමාල් ප්‍රනාන්දු වෙත ලිපියක් නිකුත් කර තිබේ.

අදාළ කාලරාමුව තුළ ශ්‍රී ලංකා රග්බි නිලවරණය පවත්වමින් නව රග්බි පාලනාධිකාරිය පත්කර ගැනීමට කටයුතු නොකළහොත් ශ්‍රී ලංකා රග්බි වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි සම්බාධක පැනවීමට කටයුතු කෙරෙන බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත. තවද ශ්‍රී ලංකා රග්බි නව  ව්‍යවස්ථාව බලාත්මක කිරීම සහ මැතිවරණ පැවැත්වීම අදාළ කාලසීමාව තුළ අදාළ නෛතික සහ පාලන ක්‍රියා පටිපාටිවලට අනුකූල විය යුතු බවද එහි විශේෂයෙන් සඳහන් වේ.

මින් පෙර මෙම කාලසීමාව ජනවාරි 31 වනතුරු ලබාදී තිබුණත්, ජනවාරි මස 21 වැනිදා පැවැත්වීම සඳහා කටයුතු යොදා තිබූ රග්බි නිලවරණය කල් දැමීම හේතුවෙන් මෙම අවසන් නිවේදනය ලෝක රග්බි සම්මේලනය මගින් නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *